ඇමති එස්.බී.ගේ ආරක්ෂක රථ ගායට ජීවිතයක් බිලි / Sri Lanka's Minister's back up vehicle takes life of an engineer
ඇමති එස්.බී. දිසානායකගේ පුතා ගුවන් තොටුපළෙන් කැඳවාගෙන ඒමට පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙමින් තිබුණු මහජන මුදලින් නඩත්තු වන ඇමති ආරක්ෂක රියක් විසින් යට කර දමා ගිය 61 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයකු අභාවප්‍රාප්තව ඇති අතර, ඔහුගේ බිරිඳ අසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මෙසේ මෙම පුරවැසියන් දෙදෙනා යට කර පළා ගිය ඇමති ආරක්ෂක රිය පදවා ඇත්තේ පොලිස් නිලධාරියෙකි. ඔහු පොලිසියට භාර වී ඇත්තේ පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ සොයද්දී ය. තමන් මෙම අනතුර නො දුටු බව මෙම පොලිස් නිලධාරියා පවසා තිබේ. රට බල්ලන්ට ගොසිනි. බල්ලෝ රට ගොසිනි. රට ගිය උන් රට සිට එන විට මෙහේ උන්ට රථ ගාය හැදේ. මේ ඇමතිලාගේ ආරක්ෂාව මේ රටට මළ වධයකි. ඇමතිලා ආරක්ෂා සහිතව පවුල් පිටින් රට ම හිටියත් මේ රටට තවත් කිසිදු අයහපතක් වන්නේ නැත. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න