රූකාන්ත පවුලට අපරාධ කර නිදහස් වූ ජනාධිපති ආරක්ෂකයන් ආපසු සේවයට යන්නේ කා ළඟ ද?
රූකාන්ත සිද්ධියෙන් ලැබූ තුවාල වර්ෂ 2000 ජනවාරි මස 26 වැනිදා රාත්‍රීයේ ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ නිවසට කඩා වැදී රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක් වටිනා රන් ආභරණ සහ ජීප් රථය කොල්ලකෑම, ඔවුන්ට තර්ජනය කිරීම සහ ශාරීරික බාධක සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, පාණදුර පළාත්බද මහාධිකරණය විසින් සිරදඬුවම්, වන්දි හා දඩ නියම රන ලද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග යටතේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් දසදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කර තිබේ. එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිලාගේ දොන් නිහාල් විජේසිරි, මාන්කොට්ට කංකානමලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පිල්වල ගුණතිලකගේ ලෙස්ලි චන්ද්‍රතිලක, දිසානායක අප්පුහාමිලාගේ අතුල සේනාරත්න, රතුහැලඹගේ ධර්මසිරි බට්ටාගේ ලලින්ද රාජරත්න, ඉෂාන් සම්පත් රණසිංහ සහ බොහොතලේ ආරච්චිගේ උපාලි ආරියදාස යන අය මේ අනුව ඊයේ නිදහස ලැබූ හ. මේ වනාහි ඉතා නරක පූර්වාදර්ශයකි. මෙම ජනාධිපති සමාවෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද? බලවතුන් යටතේ විවිධ තනතුරුවල සේවය කරන අතරතුර, එම බලවතුන්ගේ උවමනාව පරිදි අපරාධ කරන විශාල පිරිසක්...