Posts

Showing posts with the label සංචලනය

ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් 260ක් ලාංකිකයෝ ඉන්දුනීසියා අත්අඩංගුවේ

Image
(2009 ඔක්තෝබර්  13 - W3Lanka ) බඩු ප්‍රවාහන නැවකින් ඕස්ට්‍රේලියාවට පැන ගැනීමට උත්සාහ කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් ඉන්දුනීසියානු නාවික හමුදාව විසින් සුන්ඩා සමුද්‍ර සන්ධියේදී පසුගිය ඉරිදා අත් අඩංගුවට ගෙන රඳවා තබා ඇති බව ජකර්තා පෝස්ට් පුවත්පත වාර්තා කරයි.  ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග ගම්වලට ගොස් ‍මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව හා නීති විරෝධී ස්වභාවය වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත්‍රිකා, බැනර් හා සම්මන්ත්‍රණ ආදිය ආශ්‍රයෙන් ඉගැන්වීමේ කොන්ත්‍රාත්තුවක් ඕස්ට්‍රේලියානු රජය විසින් සාචි ඇන්ඩ් සාචි ප්‍රචාරක සමාගමට භාර දී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලූගන් පවසන පරිදි සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් සංචලනයට තිබේ. වර්තමානයේදී...

සංවර්ධනය වෙනුවෙන් සංචලනයට ඉඩ දෙන්න -එ.ජා.සංවර්ධන ව්‍යාපෘතිය

Image
(2009 ඔක්තෝබර්  11 - W3Lanka ) එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථීකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලුගන් පවසන පරිදි සංචලනයට සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිඛෙන බව ද ඇය පවසයි. එහෙත් ලොව බොහෝ දියුණු රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයා වැඩි ආදායම් පතා දියුණු රටවලට පැමිණීම වැළැක්වීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. ලංකාවේ ජනයා ද විශාල වශයෙන් විදේශ රැකියාවල යෙදී සිටින අතර, ඔවුන් එවන මුදල් ලංකාවේ දෙවන විශාලතම ආදායම් මාර්ගයයි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැන යන එක වළක්වන්න ප්‍රචාරක කොන්ත්‍රාත්තුවක්

Image
(2009 ඔක්තෝබර්  06 - W3Lanka ) ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග මේ දිනවල වැඩ නැතිව වේලි වේලී සිටින ප්‍රචාරක සමාගම් අතරින් එකක් වන සාචි ඇන්ඩ් සාචිට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ගානක් කපා ගත හැකි කොන්ත්‍රාත්තුවක් ලැබී තිබේ.  ඒ අනුව සාචි ඇන්ඩ් සාචි කට්ටිය ගම්වලට ගොස් ‍මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත්‍රිකා, බැනර් හා සම්මන්ත්‍රණ ආදිය ආශ්‍රයෙන් උගන්නන්නට යයි. මෙම ගමන්වල ඇති අනතුරුදායකකමේ තරම, මිනිසුන් මෙසේ තැනින් තැනට ගෙන යන ට්‍රැෆිකර්ස්ලා, උන් තියන පොලු පිළිබඳ හා එහේදී අහු වුණොත් එන්නට වන හැටි පිළිබඳ මේ යන අය හොඳින් දනිති. ඒ පිළිබඳ ඕනෑ නම් සාචි ඇන්ඩ් සාචිට ඒ මිනිසුන්ගෙන් ඉගෙන ගත හැකි ය.  එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්...