ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැන යන එක වළක්වන්න ප්‍රචාරක කොන්ත්‍රාත්තුවක්
(2009 ඔක්තෝබර් 06 - W3Lanka) ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග මේ දිනවල වැඩ නැතිව වේලි වේලී සිටින ප්‍රචාරක සමාගම් අතරින් එකක් වන සාචි ඇන්ඩ් සාචිට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ගානක් කපා ගත හැකි කොන්ත්‍රාත්තුවක් ලැබී තිබේ.
ඒ අනුව සාචි ඇන්ඩ් සාචි කට්ටිය ගම්වලට ගොස් මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත්‍රිකා, බැනර් හා සම්මන්ත්‍රණ ආදිය ආශ්‍රයෙන් උගන්නන්නට යයි.
මෙම ගමන්වල ඇති අනතුරුදායකකමේ තරම, මිනිසුන් මෙසේ තැනින් තැනට ගෙන යන ට්‍රැෆිකර්ස්ලා, උන් තියන පොලු පිළිබඳ හා එහේදී අහු වුණොත් එන්නට වන හැටි පිළිබඳ මේ යන අය හොඳින් දනිති. ඒ පිළිබඳ ඕනෑ නම් සාචි ඇන්ඩ් සාචිට ඒ මිනිසුන්ගෙන් ඉගෙන ගත හැකි ය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලූගන් පවසන පරිදි සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් සංචලනයට තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බව ද ඇය පවසයි.
ඕස්ට්‍රේලියානු කොන්ත්‍රාත් කරන්නට ගම්වලට එන ඇඩ්වටයිසිංකාරයන්ට කිව යුතුව ඇත්තේ මිනිස් සංචලනයට ඇති බාධා ඉවත් කරන ලෙසයි. ඔස්ට්‍රේලියාවේ සිටි ඇබොරිජින්වරු බටහිර රටවල පාදඩයන් ඒ රටට සංචලනය හා සංක්‍රමණය වීම වැළැක්වූවා නම් අද ඕස්ට්‍රේලියාව කියා රටක්වත් නැත.
තවත් කාරණයක් ඇත. ලෝකෙන් උතුම් ම රට වන ලංකාවේ සිට මිනිසුන් ඔස්ට්‍රේලියාවට පැන යන බවට ඒ රට විසින් කරනු ලබන ප්‍රචාරය ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෝ ආචාර්ය ගුණදාස අමරසේකරට හෝ ආචාර්ය නලින් ද සිල්වාට හෝ ආරංචි වුණොත් සාචිගේ ආච්චිට හාල් ගරනු ඇත.

බැරිද අපට ප්‍රති ප්‍රචාරණ වැඩසටහනකින් පුලුවන් තරම් ඔස්ට්‍රේලියාවට පනින්න මිනිස්සු දිරි ගන්වන්න ? :)
ReplyDeleteරටට පාඩුවක් නැත්නම් මිනිස්සුන්ටත් වාසියිනම් ඔහොම හරි යන එක කොච්චර හොඳයිද
ReplyDelete