Posts

Showing posts with the label ඕස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියානු සුදු ජාතිවාදියෝ මෙල්බෝන්හි වැඩිහිටි ලාංකිකයකුට අඩන්තේට්ටම් කරති | White racists of Australia manhandle a Sri Lankan man

Image
ජාතිවාදී කූ ක්ලක්ස් ක්ලෑන් ලාංඡනය (2010 මාර්තු 02- W3Lanka )  ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි බීමත් බහුතරය සුද්දන් වූ ජාතිවාදීන් 25ක පමණ පිරිසක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයකුට හා ඔහුගේ ඉන්දීය සම්භවයක් සහිත බිරිඳට ඔවුන්ගේ නිවස ඉදිරිපිටදී ම පැය දෙකහමාරක් තිස්සේ අඩන්තේට්ටම් කර ජාතිවාදී අන්දමින් අපහාසයට ද ලක් කර තිබේ.  මෙම ලාංකිකයා රංජිත් සහස්‍රනාමන් නම් වෙයි. හැට හැවිරිදි පුද්ගලයකු වන ඔහු ඉරිදා පෙරවරුවේ පැය දෙක හමාරක් පමණ මෙම බේබදු ජාතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වී තිබේ. මැරයන් ඔහුගේ නිවසේ පිටුපස වැට කඩාගෙන වත්තට පැන ඇත.  ඔහු බේරී ඇත්තේ පොලිසිය පැමිණ මැරයන් 'විසුරුවා හැරීමෙන්' පසු ය. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇති බවක් දැනගන්නට නැත.  සහස්‍රනාමන් වසර 19ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නෙකි. දැන් ඕස්ට්‍රේලියාව අත්පත් කරගෙන සිටින සුදු ජාතිකයන් පැවත එන්නේ ද 19, 20 වැනි සියවස්වල මේ රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන්ගනි. එහෙත් ඇතැම් ජාතිවාදී සුදු ජාතිකයෝ දැන් තුන්වන ලෝකයේ රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට එරෙහිව කූ ක්ලක්ස් ක්ලෑන් වැනි වර්ගවාදී කල්ලි හා සංවිධාන ආදිය පිහිට...

ඕස්ට්‍රේලියාවේ රැකවරණ සෙවූ ලාංකිකයෝ හා ඇෆ්ගනිස්තානුවෝ නත්තල් දූපතේ ගුටි ඇන ගනිති

Image
(2009 නොවැම්බර් 23 - W3Lanka ) මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්නට තැත් කරද්දී අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් රැකවරණ ඉල්ලීම් විභාග කරන තුරු රඳවා තබන එරට උතුරුදිගට වන්නට පිහිටි නත්තල් දූපතේ රඳවා සිටින ලාංකිකයන් පිරිසක් හා ඇෆ්ගනිස්තානුවන් පිරිසක් අතර අද කෝලාහලයක් ඇති වී තිබේ.  පොලු මුගුරුවලින් ගුටි ඇණ ගත් 150ක් පමණ පිරිස අතරින් 40ක් පමණ තුවාල ලබා ඇති බව බීබීසී පවසයි. තිදෙනෙක් අස්ථි බිඳීම්වලට ප්‍රතිකාර ලබා දීම සඳහා ගුවන් මගින් කිලෝ මීටර් 2600ක් ඈතින් පිහිටි පර්ත් වෙත රැගෙන විත් තිබේ.(මොවුන් ලාංකිකයන් නම් ඔවුන් එම අවස්ථාව ගල් වීම සඳහා දක්ෂ‍ ලෙස පාවිච්චි කරනවා ඇත.)  ඇතැම් ලාංකිකයන් අව්‍යාජ රැකවරණ ඉල්ලන්නන් නො වන නිසා ඔවුන් ආපසු ලංකාවට එවූ බැවින් ලාංකිකයන් අතර ආතතියක් තිබූ බව ඕස්ට්‍රේලියානු සංක්‍රමණ ඇමති ක්‍රිස් එවන්ස් පවසයි.  මෙම දූපතේ දැනට 100කට අධික රැඳවියන් පිරිසක් සිටිති. එ‍හි 200කට පහසුකම් සලසන්නට පසුගියදා එරට රජය තීරණය කර තිබේ.

පළා යන ලාංකික අනාථයන් දෙස රජයේ ඇස් අරවන්න ඕස්ට්‍රේලියාවෙන් කප්පමක්

Image
(2009 නොවැම්බර් 11 - W3Lanka ) යුද්ධය අවසන් වුවත්, දැඩි පීඩනයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනයා නාවික හමුදාව විසින් දැඩි මුරකාවල් ලා ඇතැයි කියන ලංකාවේ වෙරළේ සිට අනාරක්ෂිත බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාව දෙසට පළා යාම එරටට හිසරදයක් බවට පත් වී තිබියදී මෙම ප්‍රශ්නය කෙරෙහි ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීමට එරට ලංකාවට මුල්‍ය ආධාරයක් කර තිබේ.  ලංකාවේ රජයේ අවධානය යොමු කර ගැනීම පිණිස හදිසියේ ලංකාවේ සංචාරය කළ ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ස්ටීවන් ස්මිත් සහ ලංකාවේ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව නීති විරෝධී මිනිස් සංචලන මැඬලීම සහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කිරීමට නියමිත ය.  විනාශ වූ දෙමළ ප්‍රදේශ පුනරුත්ථාපනයට හා ප්‍රතිසංස්කරණයට ඕස්ට්‍රේලියාව එක්සත් ජනපද ඩොලර් මිලියන 13.2ක ආධාරයක් ද පිරිනමා තිබෙන්නේ ලංකාවේ දේශපාලකයන්ගේ ඇස් ඇරෙන්නේ ඒවා දුටු විට පමණක් බව දන්නා හෙයින් විය හැකි ය. යුද්ධය දිනීමෙන් පසු ලංකාව සාමය දිනා ගැනීම වැදගත් බව ද, ඕස්ට්‍රේලියාව අව්‍යාජ අනාථයන් භාර ගන්නා බව ද පවසන ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ජුලියා ගිලාඩ් ප්‍රශ්නයට හොඳ ම විසඳුම රට ...

ලංකාවේ විනිසුරුවරු නිසා ෆීජි රට ඕස්ට්‍රේලියා හා නවසීලන්ත තානාපති සබඳතා අත්හරියි

Image
(2009 නොවැම්බර් 05 - W3Lanka ) කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණ ෆීජිහි අගමැති ලෙස නම් කරගෙන සිටින ෆ‍්‍රෑන්ක් බයිනිමරමා සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙව්වේ ය යන චෝදනාව මත නවසීලන්ත හා  ඕස්ටේ‍්‍රලියා තානාපතිවරුන්ට පැය 24ක් ඇතුළත රටින් පිට වන ලෙස අඟහරුවාදා දැනුම් දුන්නේය. චෝදනාව රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමයි. අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කර ඇති බයිනිමරමා ලංකාවෙන් නව විනිසුරන් ඇණවුම් කර තිබේ. එහෙත් ඔවුන් ෆීජි වෙත යාමට නම් නවසීලන්තය හෝ  ඕස්ටේ‍්‍රලියාව හරහා යා යුතුව තිබේ. මුලින් තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව මැයි මාසයේදී යළි තනතුරට පත් කරනු ලැබූ ෆීජි අග විනිසුරු ඇන්තනි ගේට්ස් ලංකාවේ ඔහු සතු සබඳතා හරහා විනිසුරුවරුන් සත්දෙනෙකු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. මෙම විනිසුරුවරුන් ඇමතූ  ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාල නිලධාරියෙක් ඔවුන් එම තනතුරු භාර ගතහොත් ඔවුනට එම රටට ගමන් කිරීම තහනම් විය හැකි බව පවසා ඇත. ෆීජි අගවිනිසුරුවරයා මෙය එරට ස්වෛරීත්වයට අත පෙවීමක් බව පවසයි. මෙම විනිසුරුවරුන්ට එම පත්වීම් ප‍්‍රදානය කර තිබෙන්නේ පෞද්ගලික මටිටමින් වන අතර ලංකාවේ රජය ඔවුන්ට ඒ සඳහා නිවාඩු අනුමත...

ඕස්ට්‍රේලියාවට පළා යද්දී අසු වූ ලාංකික සරණාගතයෝ ඉන්දුනීසියාවට ගොඩබැසීම ප්‍රතික්ෂේප කරති

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka )  ඕස්ට්‍රේලියාව බලා යාත්‍රා කරමින් සිටියදී එරට නාවික හමුදාව විසින් සුමාත්‍රා දිවයින අසලදී දින 10කට පෙර අත්අඩංගුවට ගෙන ඉන්දුනීසියාව වෙත එවා තිබෙන ශ්‍රී ලාංකික සරණාගතයන් 78දෙනා ඔවුන් දැනට සිටින Oceanic Viking ඕස්ට්‍රේලියානු රේගු නෞකාවෙන් බැසීම ප්‍රතික්ෂේප කර වෛද්‍ය ප්‍රතිකාර පවා එපා කියමින් තමන් ඉන්දුනීසියාවේ රැඳවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාති. මෙම සරණාගත පිරිස දැන් ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් හා ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන්බැන් අතර ගිවිසුමක් අනුව මෙම පිරිස ඉන්දුනීසියාවේ රඳවා ඔවුන්ගේ රැකවරණ ඉල්ලීම් සලකා බැලීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන ඇත්තේ ඒ හරහා ඉන්දුනීසියාවේ සිරගෙවල්වල කටුක තත්වයන් හේතුවෙන් මෙවැනි සංක්‍රමණ අධෛර්යය කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් දැන් ඉන්දුනීසියාවෙන් ද මෙම පිරිස භාර ගැනීම ප්‍රතික්ෂේප වෙමින් ඇති අතර ඔවුන් භාර ගැනීමට එරෙහිව එරට උද්ඝෝෂණ ද පවතී.

ලංකාවේ බෝට්ටු මිනිස්සු දෙමළ අනාථයන්ගේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කරයි

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) ලාංකික දෙමළ ජාතිකයන් සිය ගණනින් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට හා කැනඩාවට පළා යමින් සිටියදී බලධාරීන්ට හමු වීමත් සමග ලංකාවේ රජය දෙමළ ජනයාට සලකන ආකාරය පිළිබඳ ලෝක අවධානය යොමු වෙමින් පවතී.  ඕස්ට්‍රේලියාව විසින් එරටට ගොඩබැසීමට ඉඩ නොදී හරවා එවන ලද 78දෙනෙකුගෙන් යුත් බහුතරය දෙමළ වන පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර පසුව එය නතර කළ අතර ඔවුන්ව ඉන්දුනීසියාවේ රැඳවුම් කඳවුරක් වෙත ගෙන යාමට නියමිත ය.ඕස්ට්‍රේලියාව මේ මාසයේදී 250ක ලාංකික දෙමළ ජාතිකයන් සහිත තවත් නැවක් මෙසේ ම ඉන්දුනීසියාවට හරවා එවන ලදී. තමන් ලංකාවට ආපසු එවනු ඇතැයි බියෙන් මෙම ඇතැම් සරණාගතයෝ බෝට්ටුවෙන් මුහුදට පැන්න බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන පරිදි මෙකී පුද්ගලයෝ ලංකාවේ අනාථයන් රඳවා සිටින කඳවුරුවලින් පළා ආ අය වෙති. මෙම සිද්ධිය හා සම්බන්ධව ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියාවේ ග්‍රීන් පක්ෂයේ නායක, සෙනෙට් සභික බොබ් බ්‍රවුන් දෙමළ ජනයාට නිසි ලෙස සැලකීම සඳහා බල කිරීම පිණිස ලංකාවට එරෙහිව සම්බාධක පණවන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ්ගේ රජය මෙම පළා එන්නන්...

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් පැන යන එක වළක්වන්න ප්‍රචාරක කොන්ත්‍රාත්තුවක්

Image
(2009 ඔක්තෝබර්  06 - W3Lanka ) ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග මේ දිනවල වැඩ නැතිව වේලි වේලී සිටින ප්‍රචාරක සමාගම් අතරින් එකක් වන සාචි ඇන්ඩ් සාචිට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ගානක් කපා ගත හැකි කොන්ත්‍රාත්තුවක් ලැබී තිබේ.  ඒ අනුව සාචි ඇන්ඩ් සාචි කට්ටිය ගම්වලට ගොස් ‍මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත්‍රිකා, බැනර් හා සම්මන්ත්‍රණ ආදිය ආශ්‍රයෙන් උගන්නන්නට යයි. මෙම ගමන්වල ඇති අනතුරුදායකකමේ තරම, මිනිසුන් මෙසේ තැනින් තැනට ගෙන යන ට්‍රැෆිකර්ස්ලා, උන් තියන පොලු පිළිබඳ හා එහේදී අහු වුණොත් එන්නට වන හැටි පිළිබඳ මේ යන අය හොඳින් දනිති. ඒ පිළිබඳ ඕනෑ නම් සාචි ඇන්ඩ් සාචිට ඒ මිනිසුන්ගෙන් ඉගෙන ගත හැකි ය.  එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්...