Posts

Showing posts with the label 2009 මාධ්‍ය නිදහස් දර්ශකය

ආණ්ඩුව අන්තර්ජාල වාරණයට මාධ්‍ය ‘පොලිසියක්‘ පත් කරයි

Image
(2009 ඔක්තෝබර්  21 - W3Lanka ) අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන වෙබ් අඩවි පිළිබඳ සොයා බැලීමට යයි කියමින් අන්තර්ජාල වාරණය සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී හෙළිදරව් කළේය.  මෙම කමිටුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වන අතර එය විසින් මෙතෙක් වෙබ් අඩවිවල ප්‍රචාරය වී තිබෙන අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳ සොයා බැලීම සිදු කෙරෙන බව ඇමතිවරයා පවසයි.  මේ දිනවල වෙබ් අඩිවි කිහිපයක, රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් හිතාමතාම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ජනමාධ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. 2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන නින්දිත ස්ථානයේ සිටින ලංකාවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකය ඉදිරියේ ඇති චිත්‍රය තවත් දුර්වර්ණ වන මෙම පියවරවලින් රජය තවදුරටත් අපහසුතාවට පත් වීමට ඉඩ ඇති බව ද, යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගැනීම වැනි කාරණාවලදී මෙවැනි වාරණයන් අහිතකර ලෙස බල පෑ හැකි බව ද විශ්ල...

2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට රටවල් 175ක් අතරින් 162වන ස්ථානය

Image
(2009 ඔක්තෝබර්  20 - W3Lanka ) පුවත්පත්කලාවේදියකු විසි වසරකට සිර ගෙට යැවීමෙන් කුප්‍රකට වූ ශ්‍රී ලංකාවට ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන ස්ථානය හිමි වී තිබේ.  පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී ඇති අතර ෆින්ලන්තය, අයර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය,එස්තෝනියාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය. ලිතුවේනියාව, බෙල්ජියම, මෝල්ටාව, ඕස්ට්‍රියාව, ලැට්වියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, කැනඩාව හා ලක්සම්බර්ග් පිළිවෙලින් පළමු ස්ථාන 20ට පත් වී තිබේ. අවසාන 20ට අයත් වන ලංකාව පිටුපසින් සවුදි අරාබිය, සෝමාලියාව, සිරියාව, වියට්නාමය,යේමනය, චීනය, ලාඕසය, කියුබාව, බුරුමය, ඉරානය, තුර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව පිළිවෙලින් පිහිටා තිබේ. පුවත්පත් කලාවේදීන් මරා දැමුණු ගිය අවුරුද්දේ ලංකාවට හිමි වී තිබුණේ 165වන ස්ථානයයි. ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු වූ අසල්වැසි මාලදිවයින 104වන ස්ථානයෙන් 52වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ඉනිමගක් හමු වූ කලක මෙනි. එරට ජනාධිපති මොහොමඩ් නෂීඩ් කලක් ලංකාවේ The Island පුවත්පතේ පුවත්පත් කලාවේදියකු වූයේය.  ගිය අවුරුද්දේ ...