Posts

Showing posts with the label ශිරාල් ලක්තිලක

අහෝ ශිරාල් නො දුටි මොක් පුර!

Image
පහත පළ වන්නේ ශිරාල් ලක්තිලක බස්නාහිර පළාත් සභාවට තරග කර තේරී පත් වීමට අපොහොසත් වූ මැතිවරණය ආසන්නයේදී, එනම් 2009දී W3Lanka ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනකි. ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි  එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න.   ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිට එජාපය දක්වා ශිරාල් ලක්තිලක සමග කතාබහක් සංවාද සටහන: ලාල් තිබ්බොටුවාව සමග සම්පත් ගීතික ඔබගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මතකය අවධි කළොත්.... ශිරාල් - මුලින්ම තිබුණේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ යුගයෙදි විශ්ව විද්‍යාල වල බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට. ඊට පස්සේ තමයි ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය සංගම් ගොඩගන්න ගත්තේ. මේ යුගයෙදි කොළඹ විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමය තහවුරු වෙනවත් එක්කම විශාල මතවාදී අරගලයක් පටන් ගන්නව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ මතවාදී අරගලය සම්පූර්ණයෙන්ම තීරණය වුනේ දෙමළ ජනතාවට ස්වයං නීර්ණය...

රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියෙකු වහාම පත්කරන්න -එක්සත් ජාතික පෙරමුණ

Image
(2009 දෙසැම්බර් 04 - W3Lanka ) ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍යයේ සමබරතාව සහතික කරනු සඳහා එම ආයතනවල මාධ්‍ය කටයුතු පිළිබඳව විමසිලිමත් වීම පිණිස නිසි බලධාරියෙකු වහාම පත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවන එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර, පසුගිය දින කිහිපය තුළ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනි සේවය ජනරාල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශ අමු අමුවේ විකෘති කර ඇති බව සඳහන් කරයි.  මේ පිළිබඳ මීඩියා වොච් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශක ශිරාල් ලක්තිලක විසින් පහත සඳහන් නිවේදනය නිකුත් කර තිබේ. , මෙතෙක් පැවති සෑම මැතිවරණයකදී මෙන්ම එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්ද රාජ්‍ය මාධ්‍ය සිය සුපුරුදු පන්දම් පෙළපාලිය කිසිදු හිරිකිතයකින් තොරව ආරම්භ කර ඇත.   මැතිවරණ සමයකදී රාජ්‍ය මාධ්‍ය මනා සංයමයකින් යුතුව කි‍්‍රයා කළ යුතු වන්නේ මේවා මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතන නිසාය. සදාචාරාත්මක නූවද, රාජ්‍ය මාධ්‍ය ආයතන ආණ්ඩුවට කිසියම් විශේෂ අනුග‍්‍රහයක් පමණක් දක්වනවානම් එය අපට තේරුම් ගත හැකිය. එහ...