Posts

Showing posts with the label කුමරන් පත්මනාදන්

රාජපක්ෂ සමාගම කොටින්ගේ සාක්කුව ද සුද්ද කරන කතාව බොරුවක්

Image
(2009 දෙසැම්බර් 03 - W3Lanka ) රාජපක්ෂ සමාගම කේ.පී. හරහා කොටින්ගේ සාක්කුව ද සුද්ද කරන බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස් පතුරුවන කතා පට්ට පල් බොරු බව ඔප්පු කරමින් ආණ්ඩුව කොටින්ගේ ගිනුම් පිළිබඳ විස්තර හෙළිදරව් කර ඇත.  එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් එල්ටීටීඊ සංවිධානය සතුව තිබී සොයා ගත් විදේශීය ව්‍යාපාර සහ බැංකු ගිණුම්වල තිබෙන මුදල් පිළිබඳ තොරතුරු හැකි නම් වහා රටට හෙළි කරන්නැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අභියෝග කරන බව එජාප නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මාතරදී දෙසැම්බර් 01දා පැවසීය. එල්ටීටිඊ සංවිධානය සතු ඒ විදේශ මුදල් සහ සම්පත් රාජපක්‍ෂ සහෝදර සමාගමේ අයිතියට නොගෙන ජනතා අයිතියට වහාම පත්කළ යුතු යැයි ද මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට වහාම හෙළි කළයුතු යැයි ද රනිල් වික‍්‍රමසිංහ බල කළේය. මෙන්න උත්තර අද දිනමිණෙන්: කේ.පී.ගේ ගිණුම් 600ක්-නැව් 5ක් රාජසන්තකයි විජයානි එදිරිසිංහ කොටි සංවිධානයේ ජාත්‍යන්තර නායක කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන්ට අයත් බැංකු ගිණුම් හය සියයක වත්කම් සහ නැව් පහක් රාජසන්තක කෙරේ. ඒ ප...

එල්.ටී.ටී.ඊ. ඉතිරිය මර්දනයට කේ.පී. - ගෝඨා සැලැස්මක්

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) දේශීයව හා විදේශීයව ඉතිරි වී තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්, ව්‍යාපාර, අරමුදල් රැස්කිරීම් හා සංවිධාන ජාලය මර්දනය කිරීම සඳහා සැලසුම්වලට පසුගියදා අල්ලා ගන්නා ලද කොටි සංවිධානයේ නව නායක කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් හෙවත් සෙල්වරාසා පත්මනාදන්ගේ සහයෝගය ලැබෙමින් තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. කේ.පී. ලංකාව‍ට රැගෙන ඒමෙන් පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පෞද්ගලිකවම හමු වී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.  කේ.පී. රජයේ අත්අඩංගුවට පත් වීම ද ඔහු හා ලංකාවේ රජය අතර ඇති වූ හෙළිදරව් නොවුණු අවබෝධයක් මත සිදු වූවක් බවට ද කටකතා පැතිර යමින් තිබේ.  කෙසේ වෙතත්, රජය මේ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙන් ම දෙමළ බෙදුම්වාදයට ද යළි මතු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා සම්පූර්ණයෙන්ම පාහේ යුදමය වශයෙන් මර්දනය කිරීම සදහා සැලසුම් සකස් කර තිබේ.

කේ.පී. අත්අඩංගුවට

Image
(2009 අගෝස්තු 06 - W3Lanka) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නව නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව තායි රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් මිය යාමට ප්‍රථම ඔහු විසින් කේ.පී. සංවිධානයේ පූර්ණ බලතල සහිත තානාපති ලෙස පත් කරන ලදී. එවර ඔහු පෙනී සිටියේ සෙල්වරාසා පත්මනාදන් යන නමිනි. සාපරාධී කුමන්ත්‍රණ, නීති විරෝධී අවි ගනුදෙනු, ඉන්දීය ත්‍රස්ත පනත හා පුපුරන ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම හා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව තායි රජය පවසයි. 2007 සැප්තැම්බරයේදී ද මොහු අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වූ මුත් පසුව තායි පොලිසිය පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි. කේ.පී. කොටි සංවිධානයේ නායකත්වයට පත් වීම ‍සංවිධානයේ විදෙස්ගත ප්‍රජාවේ කටයුතු භාර කැස්ත්‍රෝ ඇතුළු තවත් නායකයන්ගේ විරෝධයට හේතු වූ බව වාර්තා විය. 1955 අප්‍රේල් 06 දින උපන් කේ.පී. දැන් 54 වියේ පසුවෙයි.