Posts

Showing posts with the label ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පාසල් නො යන දරුවන් ලක්ෂ දෙකහමාරට අවහ්‍ය ආදරය බෙදා දෙන පාසල්

Image
( 2010 ඔක්තෝබර් 04,  W3Lanka )  ලංකාවේ පාසල් යන වයසේ සිටින දරුවන් 250,000ක් පාසල් නො යන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබේ. යුද ගැටුම් පැවති ප්‍රදේශවල ළමුන් විශාල පිරිසක් ද පාසල් නො යන බව පසුගිය දිනවල වාර්තා විය.  සත්‍ය සංඛ්‍යාවන් මීටත් වැඩි විය හැකි ය. එයට හේතුවක් වන්නේ ඇතැම් දරුවන් පාසල් යන අය ලෙස ගණන් ගැනුනත් ඔවුන් ඇත්ත වශයෙන් ම පාසල් යන අය නො වීමයි. ස්ථිරව පාසල් නො යන, නිතර පාසල් නො ගොස් සිටින දරුවන් ද සැලකිය යුත්තේ පාසල් නො යන දරුවන් ලෙසයි.  නො මිළේ අධ්‍යාපනය පමණක් නො ව පෙළ පොත් හා නිල ඇඳුම් පවා දෙද්දී මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ කෙසේ ද?  පළමු හේතුව, පාසල ආදරය බෙදා දෙන මධ්‍යස්ථානයක් වෙනුවට තරගකාරිත්වයේ, පීඩනයේ හා මර්දනයේ මධ්‍යස්ථානයක් වීමයි. අද වන විට පාසලට ඇතුළත් වන දරුවා පංති භාර, විෂය භාර ගුරුවරුන්ගේ සිට විදුහල්පති, අධ්‍යාපන නිලධාරීන්, පළාත් අධ්‍යාපන ඇමතිවරු හා අධ්‍යාපන ඇමති හරහා ජනාධිපති දක්වා වැඩිහිටියන් පිරිසකගේ උන්නතිකාමයේ ගොදුරක් බවට පත් වී සිටියි.  එය සිදු වන්නේ සෑම පාසලක ම ඵලදායිතාව ප්‍ර...

ලංකාවේ සමස්ත ජනගහණය පිළිබඳ බොරු දත්ත 2011න් පසු නිවැරදි වේ

Image
(2009 අගෝස්තු 05 - W3Lanka) 1981 වසරේ කරන ලද ජන සංගණනයෙන් තිස් වසරකට පසු නිවැරදි ජන සංගණනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැරසෙන බව වාර්තා වේ. මේ සමගම මෙතෙක් ලංකාවේ සමස්ත ජනගහණය පිළිබඳ පැවති අනුමාන සංඛ්‍යාලේඛන නිවැරදි කර ගැනීමට රජයට හැකි වනු ඇත. 2011 වසරේදී මෙම සංගණනය දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි පැවැත්වේ. 1991 හා 2001 වසරවල පැවති සංගණනවලදී කොටි සංවිධානයේ බලපෑමට යටත්ව තිබූ දිවයිනේ උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස් අතහැර දමන ලදී. මෙහි ප්‍රතිඵල ලෙස යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ අවතැන්ව සිටි ජන සංඛ්‍යාව පිළිබඳ රජය විසින් කරනු ලැබූ අනුමාන සම්පූර්ණයෙන් ම වැරදුණු අතර, මේ වන විට ඊට වඩා වැඩි සංඛ්‍යාවක් හෙවත් 280,000ක් රජයේ අවතැන් කඳවුරුවල සිටිති. තිස් වසරක් පුරා ඇදී ගිය යුද්ධයෙන් 80,000ක් පමණ ජනයා මිය ගිය බව විශ්වාස කෙරෙන මුත්, මේ පිළිබඳව ද නිවැරදි සංඛ්‍යාලේඛන නැත.  ලංකාවේ ජනගහණය මේ වන විට කෝටි දෙක ඉක්මවා ඇතැයි අනුමාන කෙරේ.