Posts

Showing posts with the label උතුරු දුම්රිය මාර්ගය

උතුරට යාල්දේවිය යන්නා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉදිරියට චලනය විය යුතු ය

Image
යාල් දේවි අද සිට නැවත යාපනයට ධාවනය වේ.  ඒ හරියට ම වසර 24කට පසුවයි. ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කොටි සංවිධානය කළ යුද්ධය අවසන් වී පස් වසරකට පසුවයි. දුම්රිය මාර්ගය නැවත ඉදි කෙරුණේ ඉන්දීය රජයේ උපකාරයෙනි.  කෙටි සංවිධානය මෙම දුම්රිය මාර්ගය ගලවා එහි යකඩ හා ලී යුද කටයුතු වෙනුවෙන් භාවිතා කළේ ය. සටන් විරාම සමයේ උතුරු ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී දුම්රිය මාර්ගය දිස් වූයේ තවත් ගුරු පාරක් ලෙසයි.  “අපරාදෙ!" මම කීවෙමි.  “ඊලාම් රාජ්‍යය පුංචියි. ඒකට කෝච්චි ඕනැ නැහැ," යි දැන් විදේශගත වි සිටින සිංහල ඊලාම්වාදියෙක් මට පිළිතුරු දුන්නේ ය.  ලෝකයේ කොතැනක හෝ දේශ සීමාවක් සලකුණු වී වැටක් බැඳීම පීඩිත පංතික ජනයාට ප්‍රීති වීමට කරුණක් නො වේ. පීඩිත ජාතීන්ගේ හිමිකම් වෙනුවෙන් අප පෙනී සිටිය යුතු ය. එහෙත්, පීඩිතයන් තමන්ගේ අවකාශය වෙන් කර ගත් පමණින් පීඩනය අවසන් වන්නේ නැත. එයින් සිදු වන්නේ තවත් එක් සිර ගෙයක් නිර්මානය වීම පමණි.  ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතීන් වශයෙන් රාජ්‍ය වෙන් කර ගැනීම නො වන බව අපි දිගින් දිගට ම අවධාරණය කළෙමු. ජාතික සීමාවන් අතික්‍රමණය කරන නව සංදර්භයක් තුළ දේශපාලන ප්...

ලංකාව ඉතිහාසගත කළ උතුරු රේල් පාරේ කෝච්චි දැන්වීමේ යටි අරුත

Image
(2009 ඔක්තෝබර්  02 - W3Lanka ) ලංකාව සැප්තැම්බර් 30දා රාත්‍රී 8.05ට ඉතිහාසගත වන බවට මතභේදයට තුඩු දුන් එස්.එම්.එස්. පණිවුඩයක් ජංගම දුරකථන සමාගම් හරහා යවමින් ප්‍රචාරය කරන ලද උතුරු දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා මහජනයාගෙන් මුදල් සම්මාදම් කරන දැන්වීම සැඟවුණු අරුත් සහිත එකක් බව පෙනේ.  මෙම දැන්වීමේ තිබෙන දුම්රියේ සම්බන්ධකයක් ගැලවී දුම්රිය මැදිරි කීපයක් වෙන් වන අතර, දුම්රියෙන් බැස එන මගීහු පණ දාගෙන දුම්රිය තල්ලු කර ගැලවුණ මැදිරි යළි සම්බන්ධ කර ගනිති. එහෙත්, දුම්රිය රියැදුරා සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවලදී කරන පරිදි ගාඩ්වරයාගේ උදව් ඇතිව දුම්රිය පසුපසට ධාවනය කර අදාළ සම්බන්ධකය හෙවත් කප්ලිං එක නැවත සවි කර ගත්තා නම් මගීන්ට බොරුවට මහන්සි වන්නට සිදු වන්නේ නැත.  මෙයින් දීමට අදහස් කරන පණිවුඩය මහජනතාවට උතුරු දුම්රිය මාර්ගය හැදීමට මහජනයාගෙන් මුදල් සම්මාදම් කිරීමට සිදු වි තිබෙන්නේ රටේ එන්ජින් ඩ්‍රයිවර්ලා ඒ ගැන අවධානය නොකරන නිසා බවද?  රජය මේ මොහොතේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසා ගැනීමට සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය හා ජාතයන්තරව විශාල වශයෙන් ණය ලබා ගනිමින් සිටියි. එසේම කන බත් ඇටයක් ගා...

උතුරු දුම්රිය මාර්ගය හදන්න මහජන මුදල් සම්මාදමේ; ප්‍රතිරූප හදන්න ලක්ෂ 100ක දැන්වීමක්

Image
(අගෝස්තු 14, 2009 - W3Lanka) උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන ඉදි කිරීම සඳහා පාසල් සිසුන්, රජයේ සේවකයන් ඇතුළු මහජනයාගෙන් මුදල් සම්මාදම් කරමින් සිටින රජය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විනාඩි 03ක රූපවාහිනී ප‍්‍රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සඳහා ප‍්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් මත ලක්‍ෂ 100කට වැඩි මහජන මුදලක් වැය කරමින් සිටින බව දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි.  මෙම ප‍්‍රචාරක දැන්වීම නිර්මාණය කිරීම කිරීම සඳහා පුද්ගලික ආයතනයකට බාරදී ඇති අතර නවාතැන්, කෑම්බීම් ගමන් වියදම්, අතිකාල ලබාදෙමින් 200කට ආසන්න කාර්ය මණ්ඩලයක් ද ප‍්‍රයෝජනයට ගෙන ඇති බව ද එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. මෙම ප‍්‍රචාරක දැන්වීම සඳහා එම්. 8 වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් ද, දුම්රිය මැදිරි 13ක්ද, බඩු දුම්රිය පෙට්ටි කීපයක්ද, වායුසමනය කළ විශේෂ දුම්රියක් ද මෝටර් ට්‍රොලයක්ද යොදා ගෙන ඇති බැවින් මේ වනවිට බඩු ප‍්‍රවාහන දුම්රිය කීපයක් නතර වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වන බව ද දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි.  උතුරු දුම්රි...