Posts

Showing posts with the label නන්දා මාලිනී

ඒ කේතුමතී රාජ්‍යය ඇත්තට ම පහළ වී තිබේ

Image
පහත පළ වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ජේ.ආර්.ගේ හා ප්‍රේමදාසගේ පාලන සමය හා අදාළව එදා උපහාසාත්මකව ලියූ, නන්දා මාලිනී විසින් පවන ප්‍රසංගයේ ගායනා කරන ලද ගීයකි.  දැන් මේ ගීයේ උපහාසයක් නැති අතර, ඒ කේතුමතී රාජ්‍යය දැන් ඇත්තට ම බිහි වී ඇත. සුනිල් ආරියරත්න ද දිසානායක - බාලසූරිය ජෝඩුව සමග එක් වී හැදූ කුස පබා නම් අති විශිෂ්ට, උත්කෘෂ්ට, නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෂ්ට චිත්‍රපට පෙළ කේතුමතී ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පාසල් දර්ශන තිය තියා පෙන්වමින් 'බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයට.' 'දෙයක් වේ නම් යම්  සුදුස්සාටම අයිතී වී ඇත.' 'කියමින් නිබඳ ගී මියුරූ  දකිමින් අවට රූ සොඳුරූ  සතුටින් රඟති මේ නුවරූ.' මේ ඡායාරූප පෙළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරි ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද වෙසක් දන්සලේදී ගන්නා ලද ඒවා ය.  දන්සල් දොරෙහි නැත යදියෝ සල්පිල්වල ය පුරවැසියෝ පන්සිල් රකිති මැරවරයෝ මේ කේතුමතී පුරයයි නොමැත ඇසක කඳුලක්  නොවැටුනොත් රොඩු කැබැල්ලක්  දකිනුනොහැක ලේ බිඳුවක්  නොමලොත් මකුණෙක් මදුරුවෙක්  මළ බැඳුණු ගිණි දණ්ඩේ  දැල් බඳිත් මකුළු සේනා  වෙඩි හඬ අසනු ...

වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ | The story of Manel Pushpalatha and her child Amila Sandaruwan thrown to the River Kalu near Kaluthara Bodhiya

Image
(2010 මාර්තු 15- W3Lanka )  ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2000 ඉක්මවා ඇතැයි පාලකයෝ උදම් අනති. සමාජය ශික්ෂාවන්ගෙන් සුපේශල යයි ආගමික නායකයෝ උදම් අනති. තමන් ජීවත් වන්නේ ලෝකෙන් ම උතුම් රටේ යයි ස්වයං මෝහනයට පත්ව සිටින ජනතාව උඩ පැන පැන ගොස් දූෂිත පාලකයන්ට ඡන්දය දෙති. බඩු මිළ අභ්‍යවකාශයේය. වැටුප් වැඩි වීම් කියා දෙයක් නැත. තරුණයන්ට රැකියා නැත. මිනිසුන්ට ආදායම් නැත. මව්පියන්ට දරුවන්ට කන්නට දෙන්නට දේ නැත. දරුවෝ හාමතේ ය. පිං කැටවලට කෝටි ගණන් මුදල් රැස් වන, නිතිපතා කිරෙන් නැහැවෙන බෝධියක් අසල ඇති කලුතර පාලම අසල කලු ග‍ඟේ පා‍වුණ තුන් හැවිරිදි වියටවත් නොඑළඹුණු දරුවා ගඟට වීසි කරන්නට ඔහුගේ මව පොළඹවනු ලැබූ සමාජ අසාධාරණයේ කතාව ස්වර්ණවාහිනී තිරයේ ඊසි ටීවී දැන්වීම්වලින් වැසී නොපෙනී යද්දී කලු ග‍ඟේ පාලම් ඇන්ද පවා සිය වංක සිනාවෙන් සපිරි මූණත්තහඩු ඇඳි කොළ කෑලි අලවා හැඩි කළ දේශපාලකයෝ එක් පෝස්ටරයක් වෙනුවෙන් මෙවැනි දරුවන් ලක්ෂ ගණනකගේ කුස පුරවන්න ආහාර මිළ දී ගත හැකි තරම් ධනය වැය කරති. දරුවා ගඟට විසි කළ මව තිස් හැවිරිදිය. ඒ වයසට එළඹෙන විට දරුවන් පස්දෙනෙකු ජනිත කරන්නට ඇයට සිදු වූයේ මන...

මේ දේශද්‍රෝහී ගීය වහා තහනම් කරනු! සංස්කෘතික පොලිසියෙන් ඉල්ලීමක්

(දේශද්‍රෝහී කලා නිර්මාන වාරණය කිරීමේ ව්‍යාපාරයේ පණිවුඩයකි)  ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙමෙයි ලේ නාඹර තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ මිරිස් කරල් මෝරන විට පාට දෙන්නේ ලේ  නළලේ රතු තිලකවලට රත ගෙනෙන්නෙ ලේ ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව් අපට කැමති කෝවිලකට යන්ට ඉඩ දියව්  දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියව් අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියව් දිනා ගන්න දේ එමටයි දනිමි එය බොලව් අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලව් අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලව් අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව්  මෙම ගීතයේ ඇති සුසුම් හෙළන හඬ මිනිසුන් කුපිත කරයි. ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ යනුවෙන් නිතර නිතර කීමෙන් ප්‍රඩණ්ඩ හැඟීම් හා හා පිළිකුලක් ඇති කරයි. ආඬි ළිං, නාඹර තල් ආදියෙන් සංකේතවත් කරන්නේ දෙමළ ඊලාම් අරගලයයි. ලේ නොගලන බිමක හුස්ම ගන්න ඉඩ දියව් අපට කැමති කෝවිලකට යන්න ඉඩ දියව් යන යෙදුම් ඍජුව ම ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ඇඟවුම් කරයි.  අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් යන යෙදුම විශේෂයෙන් ම වත්මන් රාජ්‍ය නායකත්වය කෙරෙහි අගතියක් ඇති කරවන අන්දමින් යොදා ගැනීමට ඉඩ තිබේ.  එබැවින් මෙම ගීය වහා ...