Posts

Showing posts with the label විදුලිය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කොට උඩ / Sri Lanka's Norochcholai coal power plant out of operation

Image
දැඩි මහජන විරෝධය මැද නොරොච්චෝලේ ඉදි කරන ලද ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක නො වන තත්වයක ඇති බව වාර්තා වේ. විවෘත කරන්නටත් පෙර සිට ම කැඩෙන්නට පටන් ගත් මෙම විදුලි බලාගාරය යථා ත්වයට පත් කිරීම සඳහා යයි කියමින් මාස හයකට එහි පාලනය එය ඉදි කළ China Machinery Engineering Corporation සමාගමට ම ඩොලර් මිලියන තුනක් ගෙවමින් ලබා දෙන්නට පසුගිය දිනවල විදුලි බල හා බලශක්ති ඇමති චම්පික රණවක උත්සාහ කර ඇත. ඒ පිළිබඳ ඇති සැකමුසුභාවය නිසා මුදල් අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කර නොමැති බව වාර්තා වේ. මෙම බලාගාරය මෙහෙයවීම සඳහා මීට පෙර සේවකයන් 280ක් පුහුණු කරන ලදී. ඔවුන්ගෙන් ඉංජිනේරුවන් 80ක් ඇතුලු 100ක් පමණ දෙනා පුහුණු කරනු ලැබුවේ මහජන මුදල් වැය කර චීනයට යවා ය. මෙගවොට් 300ක ධාරිතාව ඇති ලක්විජය ලෙස නම් කර ඇති මෙම ගල් අඟුරු බලාගාරය ජුලි මාසයේ සිට ක්‍රියාත්මක කරවන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් වන අතර, එය පසුගිය මාසයේදී නිල වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය වෙත භාර ගන්නා ලද්දේ ගාලු මුවදොර හෝටලයේ උත්සවයක් ද පවත්වමිනි. මෙම බලාගාරය ඉදි කරනු ලැබුවේ චීනයෙන් පොලියට ගත් ඇමරිකානු ඩොලර් මිලියන 455ක් වැය කරම...

ඉන්දියාවත් ලංකාවත් අතර විදුලි රැහැන් පද්ධතිය 2013 වන විට ඇද අවසන්

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) ඉන්දියාවත්, ලංකාවත් අතර විදුලි බලය ගනුදෙනු කිරීම සදහා විදුලි රැහැන් පද්ධතියක් ඉදි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුප්‍රේෂණ සමාගම වන Powergrid Corporation of India Ltd අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය. එම ගිවිසුම අනුව 2010 පෙබරවාරි-මාර්තු මාසවලදී ඉදි කිරීම් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2013 වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙගවොට් 500ක ධාරිතාවක් සහිත මෙම රැහැන් පද්ධතිය මදුරෛ සිට අනුරාධපුර දක්වා කිලෝමීටර 285කින් යුක්ත ය. එයින් කිලෝමීටර් 50ක් ගමන් කරන්නේ මුහුද යටිනි. මෙවැනි මුහුද යටින් දිවෙන විදුලි රැහැන් පද්ධතියක් දැනට ඇත්තේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර පමණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉන්දීය සමාගම විසින් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රු. කෝටි 2,300ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශ බොහොමයක තවමත් විදුලි බලය නොමැති වුව ද එරට 12%ක විදුලි බල අතිරික්තයක් තිබේ. දැනට වසරකට මෙගා වොට් 109,000ක් නිෂ්පාදනය කරන ඉන්දියාව 2012 වන විට එය තවත් මෙගා වොට් 62,000කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ලංක...

විදුලි බල ජනනයට ගල් අඟුරු භාවිතය ඉහළ නංවන්න පියවර

(අගෝස්තු 07, 2009 - W3Lanka) ඉදිරි වසර කීපය තුළ ලංකාවේ විදුලිබල පද්ධතියේ තාප විදුලි ජනනයේ ගල් අඟුරු දායකත්වය 80% දක්වා වැඩි කිරීමට අදහස් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.  දැනට ලංකාවේ විදුලිබල ජනනයෙන් 60%ක් පමණ සිදු වන්නේ ඉන්ධන දහනයෙනි. ජල විදුලි බල දායකත්වය උපරිමය 45-50% අතර වන මුත් වියළි කාලගුණයක් පවතින අවස්ථාවලදී එය ඇතැම්විට 20% දක්වා පමණ පහත වැටෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.  ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු විදුලි බලාගාරය චීන ආධාර මත දැන් පුත්තලම, නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිවෙමින් ඇත. තවත් ගල් අඟුරු බලාගාරයක් ත්‍රිකුණාමලයේ ඉදි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ රාජ්‍ය සමාගමත් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.  ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීම ලාභදායී වනමුත් එහි පරිසර හානිය අධික ය.

උතුරට විදුලිය

(2009 ජුලි 24, W3Lanka ) ගැටුම් පැවති සමයේ බිඳ දමන ලද උතුර පළාතට විදුලිය සැපයීමට අවශ්‍ය අධි සම්ප්‍රේෂණ විදුලි රැහැන් පද්ධතීන් ජපානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මගින් යළි ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ද ඒ සඳහා ලබන සැප්තැම්බර් මාසයට පෙර ටෙන්ඩර් කැඳවන බව ද විදුලිබල හා බලශක්‌ති අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.