Posts

Showing posts with the label සිරගෙවල්

මෙන්න ලංකාවට තවත් විශිෂ්ඨ පළමු ස්ථානයක්? | Another first for Sri Lanka?

Image
‍ (2010 ජුනි 10,  W3Lanka )  ලෝකෙන් වැඩි ම, ඉහළ ම, වැඩි ම ආදී ස්ථාන ලබා ගන්න ලංකාවේ පාලකයන් හරි කැමතියි. අපි තමයි ලෝකෙ පළමුවෙනි අගමැතිනිය බිහි කළ රට. එහෙම වුණේ ලංකාව ගැහැනුන්ට සම තැන දෙන දියුණු රටක් නිසා ද? නැහැ, පාලකයෙකු මැරුණා ම ඔහුගේ උරුමය පුතාට හෝ පුතා ලොකු වන තුරු බිරිඳට හෝ හිමි විය යුතු යයි සිතන පසුගාමී රටක් නිසා.  ලංකාවේ ජනගහණයෙන් 53%ක් ගැහැනු. ඒත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක්වත් නැහැ. පළාත් සභාවල තත්වය මීටත් අන්තයි. ලංකාවේ විප්ලවවාදී යයි කියන දේශපාලන පක්ෂවල පවා දේශපාලන මණ්ඩලයක කාන්තාවක් සිටි බවට තොරතුරු නැහැ. එහෙම ඉන්න පුළුවන් මට්ටමක හිටිය එක ම කාන්තාව අප දන්නා හැටියට නම් විවියන් ගුණවර්ධනයි. එහෙත්, අප දන්නා තරමින් ඇය හෝ සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සිටියේ නැහැ. වැරදි නම් නිවැරදි කරන්න. ඒ වුණාට අපි හරි කැමතියිනේ, අපි ලෝකයේ පළමු තැන ලබා ගන්න අංශ ගැන කතා කරන්න. ලෝකයේ පළමු තැන ලබා ගැනීමේ පිස්සුව නිසා අපේ මිනිස්සු තම තමන්ට පුළු පුළුවන් හැටියෙන් එක එක විකාර කරලා ගිනස් වාර්තා තියනවා. ඔන්න දැන් ලෝකයේ පළමු තැන සඳහා උත්සාහ කරන්න පුළුවන් තවත් මාර්ගයක් තියෙනවා....

ලංකාවේ වනාන්තරත් හරියට හිරගෙවල් වගේ

Image
(2009 අගෝස්තු 24 - W3Lanka) ලංකාවේ වනාන්තරවල අලි ඇතුන් 4400ක් ඇතැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, මෙම අලි ගහණයට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වනාන්තර නැතිකම හේතුවෙන් අලින් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වෙත පැමිණීම නිසා ඇති වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම වසරකම අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වේ. මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසන්නේ මෙසේයි. අලි මිනිස් වාසයන් වෙත සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ වනාන්තරවල ප්‍රමාණයට වඩා අලි ගහණයක් වනාන්තරවල ජීවත්වීමයි. දැනට තියෙන වනාන්තරවල ප්‍රමාණය අනුව ජීවත් විය යුතු අලි ප්‍රමාණය වන්නෙ දෙදහසයි. ඒත් දැනට අලි හත් දහසක් පමණ ජීවත් වෙනව. ඒ තත්ත්වය තමයි අලි මිනිස් ගැටුමට මූලිකව බලපාන කාරණය වෙන්නෙ. (දිනමිණ 2009 අගෝස්තු 24) ලංකාවේ කැළෑවල අලින් මුහුණ දෙන තත්වය බොහෝ දුරට සමාන වන්නේ මේ රටේ සිරගෙවල්වල මිනිසුන් මුහුණ දෙන තත්වයටයි. ලංකාවේ සිරගෙවල්වල එක් මිනිසකු ජීවත් විය යුතු ඉඩ ප්‍රමාණයේ මිනිස්සු සිව්දෙනෙකු ජීවත් වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංඛ්‍යා දත්ත හෙළිදරව් කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන...