සජිත් දිනුම්! රනිල් පරාදයි!

බලාගෙන යනකොට මේ රටේ යූඇන්පීකාරයෝ තවමත් පණ පිටින් ඉන්නවා ය. එහෙම දහ පහළොස්දාහක් අන්න විපක්ෂ නායක කාර්යාලය ළඟ රනිල් එළවන්නට යකා නටනවා ය.  


එජාපයට තිබෙන ලොකු ම ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ බව පෙනේ. 


ආණ්ඩුව අපේ බඩට ගහනකොට, අපේ හත් මුතු පරම්පරාවට ම කෙළවෙන අන්දමින් මාටියා ගහනකොට, උන්ගේ හත් මුතු පරම්පරාවකට ම ඇති වෙන්නට හම්බ කරනකොට මුන් හිටියේ කොහේ ද? උන් කටත්, පුකත් පියාගෙන හිටියේ රනිල් නිසා නම් ඉතින් එයා එළවා දමා හෝ මෙහෙම නැගිටිනවා නම් හොඳ ය. 


අපි මෙච්චර කල් රනිල්ට පොඩි සපෝට් එකක් දුන්නෙමු. හේතුව, මිනිහා ධනපති පංතියට අයිති වුණත්, ලිංගික, ආගමික ආදී කාරණාවලින් පීඩිත ප්‍රජාවන්ට අයිති වන අයෙකු නිසා ය. ඒත් ඉතින් බැරි නම් මක් කොරන්න ද? ලංකාවේ ලිබරල් ධනපති පංතියත් මේ අලුත් රාජ්‍ය මූලික ධනවාදය හමුවේ අසරණ වෙලා ය.


ඒත්, දැන් නම් මිහිහාට ආණ්ඩුව ෆුල් සපෝට් බව පෙනේ. සජිත්ට සිරිකොත වටලන්නට දුන්නා නම් මග නැගුමේ ගල් රෝල් දාගෙන සිරිකොත ඉදිරිපිට පාර වසා ගන්නවාට වඩා නම්බුකාර ය. 


සජිත් ප්‍රේමදාස සටන්කාමී ලෙස ඉදිරියට එන එක ආණ්ඩුවට නම් අහිතකර ය. ‍එක පැත්තකින් රටේ මිනිස්සු හමුදාවට, පොලිසියට ග්‍රීස් යකුන් ය කියා ගහනවා ය. ආණ්ඩුවට එරෙහිවත් මෙසේ මිනිසුන් පාරට කැඳවන්නට පුළුවන් නායකත්වයක් සජිත්ට ‍දිය හැකි නම් බටහිර හා ඉන්දියාව වුණත් සප් එක දෙනු ඇත.


බළලා මැටි වුණත්, මීයන් අල්ලනවා නම් මොකදැයි කියමනක් තිබේ. 


අනේ මගෙ බුදු නා මල!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සජිතුත් දිනුම්ය ,
    රනිලුත් දිනුම්ය ,
    උන්ගේ හෙන්චයියාලාත් දිනුම්ය ,
    ජනතාව තාමත් පරාදය.................

    ReplyDelete
  2. රනිල් මොන තරම් ලිබරල් වෙන්න හැදුවත් එයාගේ ශරීරය තුල ලිබරල් නොමැති බව ඊයෙම පෙන්නුවා...ආණ්ඩු බලය යොදා ගෙන පක්ෂ අබ්යන්තර ප්‍රශනය විසඳා ගන්න කල උත්සාහයෙන්...ඔක්කොටම ඉස්සර රනිල් වෙනුවෙන් ඊයේ කතා කෙරුවේ ආණ්ඩුවේ අය...එජාප විතරක් නෙවි ආණ්ඩු විරෝදී අනිත් ජනයාත් එයා ගැන ඉගෙනගත් බව තමා මට කියන්න තිබෙන්නේ... මේ රෙජීමය පෙරලන්න ඕන නම් රනිල් පස්සේ යන එක බොරුවක් බව මේ මිනිස්සුන්ට පෙනෙනවා...මැටි බළල්ලු මීයෝ ඇල්ලුවේ නැතිනම් මේ රටේ ඉතිහාසය අනාගතය ලියවෙන්නේ ...වන්දි බට්ටයන්...මැට්ටන්...කකා බිබී ජීවත් වෙන...සොමලියාවක්...සාගරයක් මැද තිබෙනවා කියල තමා...කොයි එකා ආවත් වැඩක් නැත කියන නාස්තිකවාදයට මිනිස්සු හැමදාම සපොර්ට් කරන්නේ නැහැ...ග්‍රීස් යක්කු අල්ල ගෙන මේ රටේ මිනිස්සු වක්‍රව ආණ්ඩු බලය සමග හැප්පෙනවා...මහ පාර අද මිනිස්සු නීතිය අතට ගන්න තැනක්...තරුණයන් දහස් ගනනින් පිට රට වල කම්කරු ජොබ් හොයා ගෙන යනවා...නීතිය වල් වැදුන...හොඳ ජීවිතය පන්ද්ම්කරුවන්ට ඉතිරිවෙලා තියෙන රටක ලක්ෂණ තමා මේවා...ඉතින් මිනිස්සු මැටි බළල්ලු පසුපස යන එක පුදුමයක් ද?

    ReplyDelete
  3. " අනේ මගෙ බුදු නා මල! " හික්ස්...

    නාමල ගැනනං බය වීමක කරුණු නැත.. ඔය මොකා ආවත් ඌට ගේමක් නැතිය..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා