මහේස්ත්‍රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද? / Is photographing a judge illegal?

ග්‍රීස් යක්ෂ හුටපටයක් නිසා නාවල්තුරෛ හමුදා කඳවුර සමග ගැටී අත්අඩංගුවට ගන්නා ලද 17දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔවුන් ඡායාරූපගත කිරීමට ගිය යාපනයේ උදයන් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


හේතුව, ඔහු විසින් මහේසුත්‍රාත්වරයකු ඡායාරූපගත කිරීම බව ද, අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බව ද යාපනය පොලිසියේ නිලධාරියකු කී බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. 


අප දන්නා පරිදි නම් මහේස්ත්‍රාත්වරයකු හෝ විනිසුරුවරයකු ඡායාරූපගත කිරීම නීතිමය වරදක් නො වේ. එහෙත්, අධිකරණ භූමියේදී එසේ කිරීම රාජකාරියට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය.


මෙම මාධ්‍යකරුවා ඡායාරූප ගත්තේ අධිකරණ භූමියේදී ද, පිටතදී ද යන්න පැහැදිලිව වාර්තා වී නැත.


ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත. එහෙත්, ජාතික ආරක්ෂාව සඳහා අදාල ඇතැම් නීති රීතිවලින් ඒ නිදහස සීමා කර තිබේ. එහෙත්, බොහෝ විට ඒවා අදාළ වන්නේ හමුදා කඳවුරු වැනි ස්ථානවලට අදාළව මිස පුද්ගලයන්ට අදාළව නො වේ. 


ලංකාවේ නීති පද්ධතිය හා මාධ්‍ය භාවිතාව තුළ මෙවැනි කාරණා සම්බනධයෙන් නිරවුල් පැහැදිලි කිරීම් නැති බව අපගේ නිරීක්ෂණයයි. 


මේ පිළිබඳව මාධ්‍ය සංවිධානවල හෝ අවධානය යොමු විය යුතු ය. 


ඔබගේ අදහස් දක්වන්න. (නීතිමය ගැටලු ඇති කරවන අදහස් දැක්වීම් පළ නො කරන බව කරුණාවෙන් සලකන්න.)


පහත සබඳතා පුරුක මේ පිළිබඳ සංවාදයකි.


Photo Law – Your Right to Take Pictures in Public



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මහෙස්ත්‍රාත්වරුන්ට අධිකරණ භූමියේදී විතරක් නෙවෙයි අනිත් තැන් වලදිත් බලපාන නීති තියෙනවලු.

    http://status-chanaka.blogspot.com/2008/12/blog-post_2641.html

    මෙන්න මගේ යාලුවෙක්ට වෙච්ච ඇත්ත සිද්ධියක්

    ReplyDelete
  2. ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත.

    ඒ පුද්ගලයා අකමැති වුණත්?

    ReplyDelete
  3. [ඒ පුද්ගලයා අකමැති වුණත්?]
    මාද්යවෙදීන් ඉන්නේ කාගේවත් කෑමෑත්ත ඉටුකරන්නෙ නෙවෙයිනේ.
    ඵහෙම උනොත් ව0චා දූශන කරන අයත් කියයි අපි ගෑන ලියනවට කෑමතිනෑ අපිගෑන ලියන්නත් ඵපා කියලා.

    ReplyDelete
  4. මෙි මහේස්ත්‍රාත් වරයාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට තරමි සාක්ෂි ඊයේ රූපවාහිනී නාලිකා බොහොමයක තිබුණා. එනමි අගුලාන ද්විත්ව මිනීමැරුමි නඩුවෙි විනිශ්චය මණ්ඩලය අධිකරණ ශාලාවට පැමිණෙන අයුරු අධිකරණ සංකීර්ණය තුළදීම වීඩියෝකර රටටම පෙන්නුවා. සමීප රූප නිසා විනිශ්චය මණ්ඩලය හොඳින් හඳුනාගත හැකියි. විනිශ්චය මණ්ඩලය කැමරාව දෙස බැලූ අතර කිසිදු විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. එබැවින් මෙය සාක්ෂියට ගෙන අදාළ උද්ධචිච විනිසුරාට එරෙහිව නඩුවක් ගොනු කළහැකියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා