Posts

Showing posts with the label ඡායාරූප ගැනීමේ නීතිය

මහේස්ත්‍රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද? / Is photographing a judge illegal?

Image
ග්‍රීස් යක්ෂ හුටපටයක් නිසා නාවල්තුරෛ හමුදා කඳවුර සමග ගැටී අත්අඩංගුවට ගන්නා ලද 17දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔවුන් ඡායාරූපගත කිරීමට ගිය යාපනයේ උදයන් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  හේතුව, ඔහු විසින් මහේසුත්‍රාත්වරයකු ඡායාරූපගත කිරීම බව ද, අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බව ද යාපනය පොලිසියේ නිලධාරියකු කී බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.  අප දන්නා පරිදි නම් මහේස්ත්‍රාත්වරයකු හෝ විනිසුරුවරයකු ඡායාරූපගත කිරීම නීතිමය වරදක් නො වේ. එහෙත්, අධිකරණ භූමියේදී එසේ කිරීම රාජකාරියට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය. මෙම මාධ්‍යකරුවා ඡායාරූප ගත්තේ අධිකරණ භූමියේදී ද, පිටතදී ද යන්න පැහැදිලිව වාර්තා වී නැත. ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත. එහෙත්, ජාතික ආරක්ෂාව සඳහා අදාල ඇතැම් නීති රීතිවලින් ඒ නිදහස සීමා කර තිබේ. එහෙත්, බොහෝ විට ඒවා අදාළ වන්නේ හමුදා කඳවුරු වැනි ස්ථානවලට අදාළව මිස පුද්ගලයන්ට අදාළව නො වේ.  ලංකාවේ නීති පද්ධතිය හා මාධ්‍ය භාව...