මරියසෙල් ගුණතිලක සොයා අන්තර්ජාලය පීරුවෙමි

(2011 අගෝස්තු 09, W3Lankaමරියසෙල් ගුණතිලක ප්‍රසිද්ධ බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක් ලෙසයි. ලංකාවේ ප්‍රබුද්ධ යයි කියන පිරිස් අයත් වන කවවලට සාමාන්‍යයෙන් ඇය අයත් වන්නේ නැත.


එහෙත්, මරියසෙල් යනු ලංකාවෙන් බිහි වූ ගායනවේදීන් අතර අමරණීය පෞරුෂයකි.


ලේඛකයා මරියසෙල් ගුණතිලක සැබැවින් දැක ඇත්තේ ජීවිතයට ම එක් වරකි. ඒ ඔහු කොළඹ වෝකර්ස් සමාගමේ ගරාජයේ ආධුනිකයකු ලෙස පුහුණුව ලබමින් සිටි කාලයේ ඇය සිය ඔස්ටින් මිනි රිය අලුත්වැඩියා කර ගන්නට පැමිණි විටදී ය. ලේඛකයාට වීරයන් බෙහෙවින් විරල ය. එහෙත්, මරියසෙල් ගුණතිලක දුටු මේ මොහොත පිළිබඳ කිසියම් මතකයක් ඔහුගේ සිතේ ඇත. ඒ අදින් විසිපස් වසරකට පමණ ඉහතදී ය.



සිංහලෙන් ගැයුණු දරු සෙනෙහස තේමා කර ගත් ගී අතර 'සිහින නෙළුම් මල් පොකුරු පුරා' ගීයේ ඇති සුන්දරත්වය හා සම වන තවත් ගීයක් නැත.


සිහින නෙළුම් මල් ගීය එදා ඇය ගැයුවේ දැන් තුරුණු වියේ පසු වන ඇගේ පුතු වෙනුවෙනි. එහි පද රචනය අජන්තා රණසිංහයන්ගේ ය. තනුව රොෂාන් ප්‍රනාන්දුගේ ය. 



සිහින නෙළුම් මල්
පොකුරු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කළා
මගෙ ලොව ම ඒ සිහිනෙන්
පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


බලා ඉඳින්නම් මා දිව රෑ පු‍තේ
මගෙ පුතු දෙනෙත් විලේ
ලොකු වෙන්නකෝ
සුළඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා මිදුලේ වටේ


අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිනියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් විඳිම් පීඩා පුතුගේ නමින්


පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකි අද නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කවුදෝ සුරතල් පුතේ


සිහින නෙළුම් මල්
පොකුරු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කළා
මගේ ලොව ම ඒ සිහිනෙන්
පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා


මේ මරියසෙල් සමග දිවයින පුව්පතේ තුෂාරි කළුබෝවිල විසින් 2010දී කරන ලද සම්මුඛ සාකච්ඡාවකි. 


මේ ඇය සමග කරන ලද තවත් සම්මුඛ සාකච්ඡාවකි.




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "සිංහලෙන් ගැයුණු දරු සෙනෙහස තේමා කර ගත් ගී අතර 'සිහින නෙළුම් මල් පොකුරු පුරා' ගීයේ ඇති සුන්දරත්වය හා සම වන තවත් ගීයක් නැත."

    ReplyDelete
  2. හිනැහෙන ඔබ කවුරුදෝ -අප නිවසේ පහන වේ //මරියසේල්ගේ ඔය "හර්ෂණී" කියන සින්දුවට තමයි මමනම් කැමතිම.

    ReplyDelete
  3. සිහින නෙළුම් මල් "පොකුණු" පුරා.............

    ReplyDelete
  4. මෙන්න සින්දු ටිකක්
    http://www.lankantunes.com/player/mariasel_gunathilaka/index.php?name=Mariazelle%20Gunathilake

    ReplyDelete
  5. සිසිර සේනාරත්න මහත්මයා ගායනා කරන ''මාගෙ පුතුට මල්'' කියන ගීතයත් ඔවැනිම වූ දරු සෙහෙහස උතුරා යන ගීතයක්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා