Posts

Showing posts with the label මරියසෙල් ගුණතිලක

මරියසෙල් ගුණතිලක සොයා අන්තර්ජාලය පීරුවෙමි

Image
(2011 අගෝස්තු 09,   W3Lanka )  මරියසෙල් ගුණතිලක ප්‍රසිද්ධ බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක් ලෙසයි. ලංකාවේ ප්‍රබුද්ධ යයි කියන පිරිස් අයත් වන කවවලට සාමාන්‍යයෙන් ඇය අයත් වන්නේ නැත. එහෙත්, මරියසෙල් යනු ලංකාවෙන් බිහි වූ ගායනවේදීන් අතර අමරණීය පෞරුෂයකි. ලේඛකයා මරියසෙල් ගුණතිලක සැබැවින් දැක ඇත්තේ ජීවිතයට ම එක් වරකි. ඒ ඔහු කොළඹ වෝකර්ස් සමාගමේ ගරාජයේ ආධුනිකයකු ලෙස පුහුණුව ලබමින් සිටි කාලයේ ඇය සිය ඔස්ටින් මිනි රිය අලුත්වැඩියා කර ගන්නට පැමිණි විටදී ය. ලේඛකයාට වීරයන් බෙහෙවින් විරල ය. එහෙත්, මරියසෙල් ගුණතිලක දුටු මේ මොහොත පිළිබඳ කිසියම් මතකයක් ඔහුගේ සිතේ ඇත. ඒ අදින් විසිපස් වසරකට පමණ ඉහතදී ය. සිංහලෙන් ගැයුණු දරු සෙනෙහස තේමා කර ගත් ගී අතර 'සිහින නෙළුම් මල් පොකුරු පුරා' ගීයේ ඇති සුන්දරත්වය හා සම වන තවත් ගීයක් නැත. සිහින නෙළුම් මල් ගීය එදා ඇය ගැයුවේ දැන් තුරුණු වියේ පසු වන ඇගේ පුතු වෙනුවෙනි. එහි පද රචනය අජන්තා රණසිංහයන්ගේ ය. තනුව රොෂාන් ප්‍රනාන්දුගේ ය.  සිහින නෙළුම් මල් පොකුරු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කළා මගෙ ලොව ම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන්...