ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය

මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි.


පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි.


ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි.


මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි.


දැන් මෙසේ සිදු වන්නේ ඇයි?


එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්‌ඩාර නම් මිනිසා නොව නීතිය ක්‍රියාවේ යොදවන සාමය අගයන පොලිස්‌ නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්‌ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්‌කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්‍රතාවකින් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්‌විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස්‌ නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්‌ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්‌ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි.
පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි, පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.)


හේතු කීපයක් ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.



  1. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මෙම වාක්‍ය කීපයෙන් ම පෙනෙන පරිදි පොලිසිය සිංහල බසින් හෝ වචන කීපයක් ගැට ගසා අදහසක් මිනිසුන්ට ‍තේරෙන අන්දමින් ප්‍රකාශ කරන්නට නො දැන සිටීම 
  2. නීතිය කුමක්දැයි මහජනයාට පැහිදිලි කර දීමට පොලිසිය අසමත් වීම
  3. නීතිය ක්‍රියාත්මක කිරීමේ හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ඇති කිරීමට පොලිසිය අසමත් වීම
  4. අවනීතිය රජවීම සඳහා පොලිසිය කර ඇති දායකත්වය



පොලිසියට පාරට බහින්නට බැරි තත්වයක් උදා වී ඇත්තේ ඇත්තෙන් ම පසුගිය කාලයේ තමන් වැපිරූ දේවල අස්වැන්න සේ ය. 


එසේ ම, ලංකාවේ ජනමාධ්‍යයන්ගේ අසාර්ථකත්වය ද කටකතාවල ප්‍රබලත්වය විසින් මනාව ඔප්පු කර තිබේ. 


අවිද්‍යාව, මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන පාලකයන් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපන ක්‍රමය වෙනස් නො කර මෙම සමාජය බුද්ධිමත් කළ නො හැකි ය. 


ලංකාවේ වත්මන් තත්වය විස්තර කිරීමට ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් පවසනු ලැබ, පළමු ලෝක යුද සමයේ රෝසා ලක්සම්බර්ග් විසින් උපුටාගෙන ප්‍රවර්ධනය කරන ලද පහත සඳහන් ප්‍රකාශනය යෝග්‍ය ය. 


“Bourgeois society stands at the crossroads, either transition to socialism or regression into barbarism.” ධනේශ්වර සමාජය මං සන්ධියකට සපැමිණ ඇත. එය එක්කෝ සමාජවාදය දෙසට සංක්‍රාන්ති විය යුතු ය. නැතිනම් ම්ලේච්ඡත්වය දෙසට පිරිහිය යුතු ය. 


ලංකාවේ පසුගාමී ධනවාදය නො වැළැක්විය හැකි ලෙස ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය. මීට පෙර, ඇතැම් අප්‍රිකානු, අරාබි, ආසියානු රටවල මෙම අපගමනය සිදු විය. විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් පොලිස් නිලධාරියා එයින් නිදහස් විය. 


ඔහු බෞද්ධයකු ද නැද්ද යන්න අපි නො දනිමු. බෞද්ධයකු නම්, පුනරුත්පත්තියක් ඇත්නම්, කුසල් ඇත්නම් ඔහු කිසි කලෙක මේ රටේ නම් යළි නො ඉපදෙනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රජය, දේශපාලන පක්ෂ, පූජකයන් (සියලුම ආගම් වල ), ජනමාධ්‍යය හා පොලිසිය පවා පහුගිය කාලයේ කලේ ප්‍රචන්ඩත්වයට උල්පන්දම් දෙන එක. මේ සියලු දෙනාම එකතු වෙලා ලිහා දාපු මේ පිස්සු බල්ලව දැන් කිසිම කෙනෙකුට පාලනය කරගන්න බැහැ.

    ඔබ පවසන පරිදි සමාජවාදය වෙතට සංක්‍රාතියකින් මෙය යහපත් අතට හැරේයැයි මම විශ්වාස නොකලත් අප මේ යමින් සිටින්නේ පසුගාමී ම්ලේච්ඡ යුගයක් වෙතට යන අදහස සමග අවිවාදයෙන්ම එකඟ වෙමි.

    ReplyDelete
  2. I think the inner psyche of the nation is blood thirsty.

    Is that a by product of the 30 year old conflict we have had?

    ReplyDelete
  3. දෙමළ භාෂාව කතාකරන ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවල සේවය කරන ති්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරින්ගෙන් සියයට අනූවකටම සරල දෙමළ වචන ටිකක්වත් කියාගන්ඩ බැහැ. ඒ අඩුවත් මෙවැනි සිද්ධි වලදී බරපතළ ලෙස බලපානවා.

    ReplyDelete
  4. ලංකාව අරාජිකත්වය කරා ගමන් කරමින් සිටින බව ඉතාම පැහැදිලිය. මේ අරාජිකත්වය සහ ම්ලේච්ඡත්වය එකතු වූ විට ඇතිවන තත්වය සිතාගැනීමට පවා නොහැකි තරමට බියකරුය.

    පොදු මහජනයා නීතිය අතට ගැනීමේ තත්වයට උඩගෙඩි දුන්නේ ද රජය සහ පොලීසියමය. කිසිම වරදකට දඬුවම් නොලබන දේශපාලකයන් සහ දේශපාලකයන් කරන ඕනෑම වරදක් නොදුටු විරූ ලෙස ඉවත බලා ගන්නා පොලීසිය ද මේ තත්වයට සාකල්‍යයෙන් වගකිව යුතුය.

    මේ තත්වය එක් වරම ප්‍රාදුර්භූත වූවක් නොවන අතර කලක් තිස්සේ ක්‍රමයෙන් අද පවතින කිසිම පාලනයකින් තොර තත්වයට වර්ධනය වූවකි. මේ අනීතික තත්වය වර්ධනය වීමට ඉඩ හැර බලා සිට තත්වය පාලනය කරගත නොහැකි තත්වයට වර්ධනය වූ පසු නිවේදන නිකුත් කිරීම නිරර්ථක ක්‍රියාකි.

    පොදු මහජනයා අද සිටිනුයේ කිසිම දෙයක් පිළිබඳව විශ්වාසය තැබිය හැකි තත්වයක නොවේ. කල්පාන්තයේ වසිතැයි පවසින මුරුගසන් වරුසාවට තෙමුනු කල්හි මිනිසුන්ට එකිනෙකා පෙනෙනුයේ වන සතුන් මෙන් යයිද එකල්හි ඔවුන් එකිනෙකා මරා ගැනීමෙන් මිනිස් වර්ගයා කෙලවර වන බවද සඳහන්ය.ලෝකයේ තත්වය කෙසේ වෙතත් ලංකාවට නම් මෙම මුරුගසන් වරුසාව වසින්නට පටන් ගෙන ඇත.

    ReplyDelete
  5. ම්ලේච්චත්වයට යන්න ඕන නෑ....ගිහින් තමා ඉන්නේ...මේවා නිකන්ම මිනිස්සුන් ගෙන් එනවා නෙවි...මොබ් රුල් එකට ඉඩ දෙන...නීතිය වල වැදුන රටක මේවා සුලබදේවල්...

    පොලිසිය...හමුදා..එක්කනේද මේ ග්‍රීස් යකා ගැටුම අන්තිමට නතර උනේ...

    එතකොට පුත්තලමේ වෙඩි තියලා මිනිස්සුට තුවාල කරපු ඒවා කියන්නේ නැද්ද? යාපනයේ ගෙවල් වලට පැනල පිරිමි අරන් ගිහින් අත පය කඩලා රෝහල් ගත කරලා තියෙන ඒවා...

    මේක මිනිස්සු හිතුවක්කාරී බලය චලෙන්ජ් කරන ආකාරය...

    දැන් ආණ්ඩුවට කල්ල මරේ...හමුදාව කෙලින්ම ඉස්සරහට අර ගෙන ...රට පුර කෑම්ප් දමා ගෙන...පාලනය කිරීම සඳහා බය යොදා ගෙනීම තවත් තහවුරු වෙනවා...කොහොමද ටිකිරි මොලේ...

    කෝ බෝල විපක්ෂය ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා