අපි ගහමු - නැතිනම් ගුටි කමු

තාත්තා අම්මාට ගහයි
අම්මා අපට ගහයි
මම නංගීට ගහමි
නංගී මල්ලීට ගහයි

පාසලේදී ගුරුවරු
ළමයින්ට කණට ගහති
ළමයෙක් දිනක්
ගුරුවරයකුට ගැසී ය

විදුහල්පති ගුරුවරුන්ට
ඉරි ගසයි; පොතෙන් ගසයි

ලොක්කෝ සොක්කන්ට
කෑ ගසති
නිලධාරි අයිස් ගසති

පොලිසිය මිනිසුන්ට ගහති
මිනිස්සු ද ඉඳ හිට
පොලිසියට ගල් ගසති

රෙජිම මාටියා ගසයි
ආණ්ඩුව බඩට ගසයි
අපි කතිරෙ ගසමු

ඇත්තෝ බඩු ගසති
නැත්තෝ අතේ හෝ ඇඟිලි හෝ ගසති

අපි ගහමු
නැතිනම් ගුටි කමු

- අජිත් පැරකුම් ජයසිංහ 
2011 - 08 - 07

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේක ගුටිකන දේශයේ ජාතික ගීයට හොඳයි!

    ReplyDelete
  2. ඇයි අතීසාරෙට අමුඩ ගැසීම
    පුකට පයින් ගැසීම
    පැණිවරකාවට හෙණ ගැසීම
    බිත්තර දුන්නාම බෝල ගැසීම

    ReplyDelete
  3. ඇත්ත කතාව.... කොහෙත් තියෙන්නේ ගැහිල්ල තමා.

    ReplyDelete
  4. ග්‍රාම්‍යයි, ග්‍රාම්‍යයි හොඳටම ග්‍රාම්‍යයි

    ReplyDelete
  5. වැදගත්ම එක, අතේ ගැසීම

    ReplyDelete
  6. මේ වගේ සංවේදී හන්ගීමක් ආ විට කල හැකි දේවල් දෙකක් ඇත.

    1. දුකට පුන් ගැසීම.
    2. මේ වගේ කවියක් ලියා දුකට පුන් ගැසීම.

    ජය වේවා.

    ReplyDelete
  7. ඇතැම්හු මාටියා ගසති, නමුත් උන්ට උන්ට වැහි නැති හෙන නොගසති!!

    ReplyDelete
  8. අඩෝ මේක සිරා.. උබලා ඉදලා හිටලා අපේ ඔලුවටම වදින්න මේ ලෙස ගසති.. පට්ටයි පට්ටයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා