ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය
මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි. පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි. ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි. මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි. දැන් මෙසේ සිදු වන්නේ ඇයි? එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්ඩාර නම් මිනිසා නොව නීතිය ක්රියාවේ යොදවන සාමය අගයන පොලිස් නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්රතාවකින් කටයුතු කරන පොලිස් නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස් නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි. පොලිස් අධිකාරි...