Posts

Showing posts with the label මිල්ලන්ගොඩ රාජා

එන්න අලි ගන්න; අලි ලාබයි අලි!

Image
(2011 අගෝස්තු 05,   W3Lanka )  පසුගියදා මිය ගිය මිල්ලන්ගොඩ රාජා නම් ඇතාගේ හිමිකරු පුවත්පතකට පවසා කිබුණේ එම ඇතා ඉතා වාසනාවන්ත සතකු බවයි. ඇකා මැරෙන්න කලින් හෝ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණේ නැති බැවින් මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. අවුරුදු පනහක් පමණ කාලයක් දම්වැල්වලින් බැඳ තිබීම වාසනාවක් ලෙස සිතෙන්නට තරම් බුද්ධි හීනකමක් ඇතෙකුට ඇතැයි ලේඛකයා කිසි සේත් නො සිතයි. ස්වාභාවික පරිසරය තුළ දිනකට සැතපුම් ගණනාව් නිදහසේ සැරිසරන ජීවියකු වන අලියා පය යදමින් බැඳ පෙරහරේ ගෙන යන විට බෞද්ධයෝ සාදු කියති.  පෙරහැර කරන්නට අලි ඇතුන් ප්‍රමාණවත් නැති නිසා දැන් වන ජීවී දෙපාර්තමේන්තුව සැරසෙන්නේ අලි ඇතුන් 300ක් අල්ලා පන්සල්, අසපු, වලව්, ‍දේශපාලක බංගලා ආදියට බෙදා හැරීමටයි.  අයථා ක්‍රමවලින් ඉක්මණින් මුදල් ඉපැයූ බොහෝ අය අලි ඇතුන් මිළ දී ගැනීමට සූදානමින් සිටිති. පෙරහැරවලට අලින් පිදීමෙන් ඔවුන්ට පිං හා ප්‍රසිද්ධිය ද, ලොකුකම ද ලැබේ.  වන ජීවීන් කළමනාකරණය සඳහා ඇති මෙවැනි ආයතන ඇතැම් විට සතුන් ගහණය අඩු කිරීම සඳහා මරා දැමීම ද කරයි. ඒ නිසා මෙය පුදුම විය යුතු දෙයක් නො වේ.  උසස්...