Posts

Showing posts with the label නීතිය

දුමින්ද සිල්වාගේ පණිවුඩය: වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව‍ පෙළගසමි

Image
දුමින්දගේ මොළේ භාරත ඝාතන නාටක‍ය අවසන් වී ප්‍රධාන දුෂ්ට නළුවා රංග වස්ත්‍ර උනා, අංගරචනා සෝදා දමා‍, වේදිකාවෙන්  බැස අඩියක් ගසන්නට අරලියගහ ප ොට්එකට යන සඳ ඔහුට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ඔහු වට කරගෙන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.  කිරිබත් පිසූ, රතිඤ්ඤා පත්තු කළ, ඔහු වැළඳ ගන්නට පොර කෑ පිරිසෙන් බහුතරය කොළඹ ලුම්පන් පීඩිත පංතියට අයත් අය වූහ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන තාක් කුඩු වෙළඳාම ආරක්ෂා කර දෙන, මිනීමරුවන්ට, මැරවරයන්ට කප්පම්කරුවන්ට, පාදඩයන්ට රැකවරණය දෙන ගැලවුම්කරුවා නිදහස ලබා තමන් අතරට පැමිණීම ඔවුන්ගේ සතුටට ‍හේතු වූ බව පෙනේ.  භාරත ඝාතන නඩුවෙන් ඇප ලැබෙනතුරු රෝහල්ගතව සිටිය යුතු දැඩි අසනීප තත්වයක සිටි බව පෙන්වමින් බොරු රංගනයක යෙදුණු දුමින්ද සිල්වා නිදහසෙන් පසු මාධ්‍ය සංදර්ශනයේ නිරූපණය කළේ හාත්පසින්ම වෙනස් චරිතයකි.  එම අලුත් රංගනයෙන් ඔහු රටට දෙන පණිවුඩය කුමක්ද?  "මිය ගිය භාරතගේ ව‍‍ටිනාකම් දැන් ඉවරය. මගේ මිළ තවමත් ඉහළය. කොළඹ ලුම්පන් පීඩිතයන්ගේ නායකයා ලෙස ඒකාධිපති පවුලට අත්‍යවශ්‍ය භූමිකාවක් රඟන්නට මම තවමත් සූදානම්ය. එළඹෙන දුෂ්කර අවධියේදී අරගල කරන වැඩකරන ජනයාට එරෙහිව ...

අධිකරණයෙන් වරදකරු නොවී වසර 10, 15 හිරේ ඉන්නා ලංකාවේ සිරකරුවෝ

Image
දින නියමයක් නොමැති රැඳවියන් නිසා බන්ධනාගාර තුළ තදබදය වැඩිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසූ බව සිරස වාර්තා ක‍ළේය. ඔහු පැවසූ පරිදි ඇතැම් රැඳවියන් වසර 10ක පමණ කාලයක සිට එලෙස බන්ධනාගාරය තුළ කාලය ගෙවා දමති. මේ වන විට බන්ධනාගාර තුළ දින නියමයක් නොමැති රැඳවියෝ 5,000කට අධික සංඛ්‍යාවක් සිටිති. දින නියමයක් නොමැති රැඳවියන් වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 13 අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, නීතිපති දෙපාර්තුමේන්තුවේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තත්ත්වය පිළිබඳව නිතීපතීවරයා ද දැනුවත් කළ බවය. මෙහි දින නියමයක් නොමැති රැඳවියන් යයි කියන්නේ කාටද? මොවුහු එක්කෝ ඇප නොදී නඩු දින නියමයක් නැතිව කල් දැමූ අය විය යුතුය. නැතිනම්, ඇප නොදී නඩු කල් දමමින් හෝ නැතිනම් නඩුත් නැතිවම සිරගත කරගෙන සිටින මිනිසුන් විය යුතුය. ඇතැමෙකුට ඇප නියම කළත් ඇප තැබීමට කෙනෙකු නැතිවා වෙන්නට පුළුවන. කෙසේ හෝ වේවා, අධිකරණයෙන් වැරදිකරු නොකර සැකකරුවන් මෙතරම් පිරිසක් වසර 10ක් පමණ කාලයක‍් රඳවාගෙන සිටිනවානම් එතැන රටේ...

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම්ලේච්ඡයෙක්ද, ම්ලේච්ඡයකු තුළ මනුෂ්‍යයෙක්ද සිටියි

සිරකරුවෝද මනුෂ්‍යයෝය. සෑම මනුෂ්‍යයකු තුළම ම් ල ේච්ඡ යෙක් ද වෙ සෙයි.  එහිදී ඒ මනුෂ්‍යයා සිරකරුවකුද නැද්ද යන්න අදාළ න ො ව ේ. ඊයේ වැලිකඩ කැරලිගැසූ සිරකරුවන්ද ම්ලේච්ඡයන් ලෙස හැසි රෙන්න ට ඇත්තේ යම් හේතු ඇතිවයි. ම ේ සිරකරුවන් මරාදැමීම පිළිබඳ සතුටු වන් න ෝද ම් ල ේච්ඡ ය ෝය. ඝාතනයට ලක්වූ ව ෝ  ඔවුන් ග ේ වර්ගයටම අයත් වන, ඇ තැම්විට ඔවුන් ග ේ ඥාති, මිත්‍රාදීහුම වන් න ෝය. දිගුකා ලීන සිරදඬුවම් විඳින, මරණ දඬුවම අ ත ේ තියා ගෙන ජී වත් වන මිනිසුනට ම ොකක් වුණත් කමක් නැත.  කැරැල්ලට නායකත්වය දුන් සිරකරුවන් ගෙන් ඇතැ මෙක් මත්ද්‍රව්‍ය නිසා දිගුකාලීන සිරදඬුවම්වලට හා මරණ දඬුවමට ලක්වූ අයයි. ඔවුන් ගැන සිහිපත් වනවිට මට මතක් වන් න ේ මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයයි. අ යෙකුට ජීවිත ය ේ අංගය ක් ව න මත්ද්‍රව්‍ය ළඟතාබාගැනීම නීතියට මරණ දඬුවම පවා දෙන්නට තරම් බරපතල වරදකි.   ඕනෑම ම් ල ේච්ඡයක ු තුළ පවා මිනිසත්කම්ද තිබිය හැකිය.   පිටස්තර සන්නද්ධ විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරය ඇතුළට පැමිණ, මරණීය දණ්ඩනයට ල ක්වූවන් ද ඇතුළුව   සිරකරුවන්ට අඩන් ත ේට්ටම් කරමින් පරීක්ෂා කරන්නට යාම අනවශ්‍...

මිනීමරුවන් හා පොලිස් මරුවන් යනු දෙකොටසක් ද? / What is the difference between killers and police killers?

1988, 89 සමයේදී ජවිපෙ කැරළි සමයේ ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ජවිපෙ විසින් මරා දමන ලද අයගේ මළ සිරුරු ආදාහනය කිරීමේදී ඒවා කර මතින් නො ගෙනිය යුතු ය වැනි නීති පනවා තිබිණි. එසමයේ රජය විසින් මරා දමන ලද ජවිපෙ සාමාජිකයන්ගේ මළ සිරුරු මහ මග ටයර් දමා බාගෙට පුළුස්සා කපුටන්, බල්ලන් ආදීන්ට කන්නට සලස්වන ලදී. මොරටුව පොලිසියේ කොස්තාපල්වරයකු කපා කොටා ඝාතනය කිරීම පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගෙන, පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී බොල්ගොඩ ගඟට පැන සියදිවි නසාගත්තේ යැයි කියන ලලිත් ජයන්තගේ මළ සිරුර භූමදානය සඳහා මොරටුව මෝදර එගොඩඋයන ප්‍රදේශයට ගෙන යෑම තහනම් කරමින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මිනී මැරුම් යනු ලංකාවේ දුර්ලභ දෙයක් නො වේ. පොලිස් අත්අඩංගුවේ සිටින මිනිසුන් මිය යාම ද සාමාන්‍ය දෙයකි. ලලිත් ජයන්ත මිය ගියේ ද පොලිස් අත්අඩංගුවේදී ය. අත් අඩංගුවෙන් මිදී පළා යන්නට තැත් කිරීමේදී සිදු වූ දෙයකින් සැකකරුවකු මිය ගියා ය යන්න පොලිසියේ සිල් පදයක් බවට පත් වී තිබේ. මේ තත්වය තුළ ලලිත් ජයන්ත යනු ඔහුට එල්ල කරන ලද චෝදනා ඔප්පු වී නම් තවත් එක් සාමාන්‍ය මිනීමරුවකු පමණි. එහෙත්, ඔහුගේ මිනිය ගම...

මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි

මේක නම් මරු ම රටකි.  මේ ලියන මහ පාන්දරත් පන්සලෙන් කණ පැලෙන සද්දෙට පිරිත් ඇසෙයි. ඒ වුණාට දවසේ පුවත්පත් කියවීම පිළිකුල් සහගත වන තරමට රට අපරාධවලින් පිරී ඉතිරිලා ය.  පොලිසිය මිනී මරයි. ඉන් පසු අත්අඩංගුවේ සිටි පුද්ගලයන් පළා යන්නට තැත් කළ බව කියයි. දැන් මිනිස්සු ද පොලිසිය මරති. මොරටුවේදී පොලිස් නිලධාරියකු කඩු ගාලා ය.  මේ අතර ඇතැම් පොලිස්කාරයෝ ඉහළ නිලධාරියාට වෙඩි තබා හෝ නැතිව වෙඩි තබාගෙන සිය දිවි නසා ගනිති.  නාඳුනන පුද්ගලයෝ වෛද්‍යවරයෙකු වෙඩි තබා මරා දැමූ හ.  අම්මලා දරුවන් ඇඳන්වල බැඳ පුළුස්සති.  දරුවන් නැතිකමින් පීඩාවට පත් අම්මලා එල්ලී මැරෙති.  දැරියෝ පාසල් තුළ ම කෙළෙසෙති.  බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා එවුන් අම්මලාගෙන් දියණියන් දනට ගනිති.  මහජන සම්බන්ධතා ඇමති පාසල් තුළදී ම ගුරු දෙගුරු සංගම් නියෝජිතයන්ගේ කොලර්වලින් අල්ලා පහර දෙයි.  හැම එකා ම මනසින් හෝ මිනී මරති. පුළු පුළුවන් හැටියට සොරකම්, දූෂණ කරති. ඒ අතර, මරණ දඬුවම නීතිගත කරන්නැයි ඉල්ලති.  මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි. අහෝ දුකකි! ඉරකි. ත...

ජනතාව කරන හැම බලු වැඩක් ම හරි ද?

Image
මේ ලංකා ටෲත් වෙබ් අඩවිය ඊයේ කින්නියා වලිය වාර්තා කළ ආකාරයයි.  කින්නියා වැසියන්ට ජය - අත්අඩංගුවේ සිටි පිරිස් නිදහස් MONDAY, 15 AUGUST 2011 14:47 1 COMMENTS නැගෙනහිර පළාත් ආඥාපතිවරයා, ත්‍රිකුණාමලය දිසාපතිවරයා ඇතුළු 22කගෙන් යුත් පිරිසක් රඳවා ගනිමින් කින්නියා ජනතාව ඉල්ලා සිටි පරිදි අත්අඩංගුවට ගෙන සිටි කින්නියා වැසියන් 25 දෙනා නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව තමන් විසින් රඳවාගෙන සිටි නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා, 22වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිස නිදහස් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට මැදිහත්වීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි, රිසාක් බදුයුදීන්, සහ රවුෆ් හකීම් යන ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් හදිසියේම කොළඹ සිට මෙම ස්ථානයට යැවීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි. එහෙත් සිය ඉල්ලීම් වෙනස්කිරීමට උද්ඝෝෂකයන් අකමැතිවීම නිසා අත්අඩංගුවේ සිටි ගම්වැසියන් නිදහස් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත පොලීසියට සිදුවී තිබේ. නිදහස් කිරීමෙන් අනතුරුව උපදිසාපති කාර්යාලයේ සිරගතව සි...

ග්‍රීස් යක්කු, ජවිපෙ, ආණ්ඩුව හා ජනමාධ්‍ය

Image
ආණ්ඩුව ග්‍රීස් යකා ද ජනතා විමුක්ති පෙරමුණට ගැට ගැසීමට දුෂ්ඨ උත්සාහයක යෙදෙයි.   "ගී‍්‍රස් යකා යන ව්‍යාජ සංකල්පයක් ඔස්සේ කටකතා පතුරුවා රට තුළ නොසන්සුන් බවක් ඇති කිරීමට මූලික වී ඇත්තේ පිරිහීමට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් බවට තොරතුරු අනාවරණය වෙයි. 1988 - 89 යුගයේ කඩදාසි කැබැල්ලකින් කඩ සාප්පු වසා දැමීමට කටයුතු කර පසුව එය භීෂණයක් දක්වා ගෙන යාමට මූලික වී ඇත්තේ ද මේ දේශපාලන ව්‍යාපාරය බව හෙළිව තිබේ." - අද දිනමිණ මුල් පුවතෙන් ජවිපෙට ප්‍රාදේශීය සභාවක ආසනයක් හෝ දිනා ගත නො හැකි මේ ග්‍රීස් යකුන් සිටින ප්‍රදේශවල ඉතිරි වී සිටින එක් හෝ ජවිපෙ සාමාජිකයකු වේ නම් ඔවුන්ට ජීවිත අනතුරක් ඇති කිරීමට මේ ඔස්සේ ආණ්ඩුව මාන බලන බව පෙනේ.  ඇත්ත වශයෙන් ම මෙවැනි කතා කියන්නෝ නම් සැබැවින් ම ග්‍රීස් යක්කු ය. මේ ග්‍රීස් යක්කු නිර්මානය කිරීමට දර දිය ඇද්ද ජවිපෙ ද මේ නෙළා ගනිමින් ඉන්නේ තමන් වැපිරූ බීජවල අස්වැන්නයි.  මෙවැනි මුග්ධ සමාජයක් මේ රටේ බිහි වීම සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන පාර්ශ්ව දෙක වන්නේ ජවිපෙ සහ කොටි සංවිධානයයි. සමාජය දේශපාලනික හා සබුද්ධික කරනවා වෙනුවට තමන් පසුපස එන අඥාන, මුග්ධ ජනරාශි බවට ...

ලංකාවට ද මුරුගසං වරුසාව වැහැලා ය

Image
(2011 අගෝස්තු 13,   W3Lanka )  මේ රටේ පාලකයන්ට පමණක් නො ව වැසියන්ට ද පිස්සු ය. උන්ගේ අලුත් ම පිස්සුව ග්‍රීස් යක්කුන් ඇල්ලීමේ පිස්සුවයි. මේ ග්‍රීස් යක්කු වනාහි බොහෝ විට පුවත් නැතිව වේලෙන ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ නිර්මාන වේ. එහෙම නැතිනම්, සායනික ප්‍රතිකාර අවශ්‍ය අසරණ මානසික රෝගීහු ය. ළිං ළඟ නානායක්කාර පාරක් දාන මිනිස්සු හැමදාමත් මේ සමාජයේ සිටිය හ. එහෙමත් නැතිනම්, සාමාන්‍ය හොරු ය. ඔය වරායවල්, ගුවන් තොටුපලවල්, අධිවේගී මාර්ග පිටින් සොරකම් කර රජුන් වගේ ඉන්න වෘත්තීය හොරු නො ව, දාඩිය මාන්සියෙන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නා සාමාන්‍ය හොරු ය. ලංකාවේ මිනිස්සු දවස පුරා ආගමික වතාවත් කරති. එයින් දුරු නො වන අසහනය දුරු කර ගැනීමට කිසිවකු අතට හසු වුවහොත් සමූහයක් එක් වී පහර දී මරා දමති. හපුතලේ ග්‍රීස් යකකු පමණක් නො ව, ග්‍රීස් යකාට පහර දෙනු වීඩියෝ කළ අයෙකු ද මිනිසුන් විසින් පහර දී මරා දමන ලද බවක් වාර්තා විය. ස්වර්ණවාහිනියේ, සිරසේ කට්ටිය දැන් පණ යනකල් මේ වීඩියෝව හොයනවා ඇත. විකුණාගෙන කන්නට ය. නීතිය බල්ලාට ගොසිනි. ග්‍රීස් යකුන් යයි කියන මිනිසුන් පොලිසිය විසින් නො මරන ලද නිසා, මරන්නට තමන්ට...

සිතන්න.තේරුම් ගන්න. අධිකරණයට අපහාස නො කරන්න

Image
(2011 මැයි 02,   W3Lanka )  ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ලකර රුපියල් ලක්‍ෂ පහක (05) මුදලක්‌ කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටි මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිවුදෙනා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා (29 දා) නියෝග කර ඇත. එතරම් කල් ගත වීමකින් තොරව ඇප ලැබුණු මෙම ‍සැකකරු පිළිබද අප්‍රේල් 22දා දිවයින පුවත්පත වාර්තා කළේ මෙසේ ය: කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික ව්‍යාපාරියකුට අයත් ගිණුමකින් රුපියල් (98,50,000) අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියේ සැකකරු වන රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයකු යෑයි කියන ඡේ. එම්. බුද්ධික ජයසිංහ නමැත්තා ලබන මස 04 වැනිදා දක්‌වා රක්‌ෂිත භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21) නියෝග කළ බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලං...

නියපොත්තෙන් යුක්තිය පසිඳලන ලංකාවේ අලුත් ආශ්චර්යය

Image
(2011 මාර්තු 26,   W3Lanka )  ඉතිහාසය පුරා ම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් ආයතනයක් ලෙස නම් කරන ලදී. ආණ්ඩු පක්ෂයේ හිටපු උප ඇමතිවරයකු වූ චන්දන කත‍්‍රිආරච්චිට එරෙහිව වසර 14ක් තිස්සේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් නඩුවක චෝදනා ඉවත් කරගන්නට පෙබරවාරි මාසයේදී නීතිපතිවරයා තීරණය කළේ ය. එජාපයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් කාදර්ට එරෙහිව තිබූ සමෘද්ධි මුදල් වංචා නඩුවේ චෝදනාවලින් ද ඔහු නිදහස් කරන ලදී. මේ අලුත් ම ප්‍රවෘත්තියයි: දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇසුරු කළ බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා 24 වැනිදා නියෝග කළේය. 24 වැනිදා මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි එම්. සී. එම්. මුනිර් මහතා කරුණු දක්‌වමින් එම දැරියගෙන් විත්තියේ නීතිඥවරයා හරස්‌ ප්‍රශ්න ඇසීමේදී එම සම්බන්ධය පිළි...

ජනාධිපති සිය බැලයන්ට හැරෙන තැපෑලෙන් එවූ තෑග්ග | The return gift from Sri Lanka President to his henchmen

Image
( 2010 සැප්තැම්බර් 09,  W3Lanka )  ජනතා නියෝජිතයන් යයි කියන පිරිස් විසින් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල හා ජනාධීපති ලෙස වැජඹිය හැකි කාලය වැඩි කරමින් කළ ක්‍රියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හැරෙන තැපෑලෙන් සම්මානයක් පුද කර තිබේ.  ඒ මර්වින් සිල්වා යළි මහාමාර්ග නියෝජ්‍ය ඇමති තනතුරේ පිහිටුවීමයි.  ජනාධීපතිවරයා සිය පවුලේ ජය තහවුරු කර ගත් සැණින් කළ මෙම ක්‍රියාවෙන් සංකේතවත් වන්නේ එතුමාට මෙම ජනතා නියෝජිතයන් පිළිබඳ ඇති ආකල්පයයි.  161ක් ආණ්ඩු ගැති මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගස් බැඳීමයි. එහෙව් එකේ කැමැත්තෙන් ඉදිරිපත් වූ එකෙකු ගස් බැඳි මර්වින් සිල්වාට කෙණෙහිලි කිරීම වැරැදි බව එතුමා‍ ඒත්තු ගන්වා ඇත.  තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කර, අන්තිමේදී එහි නරක වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත් එසවූ වාසුදේව නානායක්කාර වැනි අය සිටින රටක මර්වින් සිල්වා අතිශය වැදගත් සංකේතයකි.  මර්වින් සිල්වා මේ රටේ ජනාධිපති පදවියට සුදුසු බව අප කීවේ අද නොව 2007දී ය. මේ ලිපිය නැවත කියවන්න.  මර්වින් සිල්වා ජනාධි...