Posts

Showing posts with the label මෙගාරා

පරීක්ෂණ අවසන් නො වී තිබියදීත් රජීව් ගාන්ධි ඝාතනයේ විත්ත්කරුවන් පෝරකයට

Image
නලිනි 1991මැයි 21දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් වූ ශ්‍රී ලාංකික මුරුගන්, ශාන්තන් හා ඉන්දී ජාතික පෙරරිවාලන් යන සැප්තැම්බර් 09දා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය. මෑතදී මෙම තිදෙනාගේ සමා අයදුම්පතක් ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මරණීය දණ්ඩනය පිළිබඳ විත්තිකරුවන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැන් අන් සිරකරුවන්ගෙන් වෙන් කර වෙන ම රඳවා තිබේ. මුරුගන්ගේ බිරිඳ නලිනිට ද මරණ දඬුවම නියම වුවත් ඇය බන්ධනාගාරයේදී මෙගාරා නම් දියණියක ප්‍රසූත කළ බැවින් ඇගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ පනවන ලදී. නලිනි මරාගෙන මැරුන බෝම්බකාරය වූ ධනූ අසාර්ථක වුවහොත් යොදා ගන්නට සිටි අතිරේක ප්‍රහාරිකාව වූවා ය. ප්‍රහාරයෙන් පසුව පළා යමින් සිටියදී පෙමින් බැඳී විවාහ වූ නලිනි හා මුරුගන්ගේ දියණිය කුඩා කල වසර කීපයක් මව සමග බන්ධනාගාරයේ වාසය ක...