අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය.

සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය.

පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය.

මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ.

විමර්ශනය කළ යුතුව තිබෙන කරුණු වන්නේ ප්‍රසිද්ධ කර තිබුණු 9.5% ‍පොළිය 12.5% දක්වා ඉහළ ගිය ආකාරය හා ලබා ගත් ණය මුදල වැඩි කළේ ඇයි ද යන්නයි.එම තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කිසියම් සමාගමකට වාසිදායක වන අයුරින් මහ බැංකු අධිපතිවරයා කටයුතු කර තිබේ ද යන්න විමර්ශනය කළ යුතු ය. මෙම ගනුදෙනුවෙන් වාසි ලබා තිබෙන්නේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමකි.

අර්ජුන් ඇලෝසියස් මෙවැනි ගනුදෙනු ඔස්සේ මීට පෙරත් වාසි ලබා ඇති බවට චෝදනා එල්ල වේ. එසේම, අර්ජුන් මහේන්ද්‍රන් දැනට එක්සත් ජනපදය විසින් මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් සිරගත කර තිබෙන මුල්‍ය ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග සමීපව කටයුතු කළ අයෙකු බව ද කියැවේ. රාජ් රාජරත්නම් හා වත්මන් මුදල් ඇමති රවි කරුණානායක අතර පැවති ගනුදෙනු හා සම්බන්ධ නඩු විභාගයක් ද ලංකාවේ අධිකරණයේ පැවැත්වේ.

මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අගමැතිවරයා විසින් පත් කර තිබෙන කමිටුව සති කීපයකින් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත ය. එම වාර්තාව පදනම් කරගෙන ඉදිරි කටයුතු තීරණය කරන බව රජය පවසයි. 

මෙවැනි මුල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම කමිටු අවශ්‍ය ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට සහ පොලිසියට මේ පිළිබඳ විමර්ශන මෙහෙයවන්නට බැරිකමක් නැත.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පාදක කරගෙන සමාජයේ වැදගත් සංවර්ධනයන් රැසක් සිදු වී තිබේ. අගමැතිවරයා මෙම ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේ ය. විමර්ශනය පිළිබඳ දැවැන්ත මහජන අවධානයක් යොමු වී තිබේ. 

මෙහිදී මුල්‍ය අපරාධයක් සිදු වී තිබේ නම් සියලු සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ විධිමත් විමර්ශනයක් ඔස්සේ ය. 

අගමැතිවරයා අසන ප්‍රශ්නයක් තිබේ. ඔහු අසන්නේ අද මෙම සිද්ධිය පාදක කරගෙන දැවැන්ත උද්ඝෝෂණයක් කරන විපක්ෂය පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී සිදු වූ දූෂණ පිළිබඳ මුනිවත රැක්කේ ඇයි ද යන්නයි. ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ය. එහෙත්, මේ ප්‍රශ්නය මතු කරමින් සිය වගකීමෙන් ගැලවී යන්නට අගමැතිවරයාට නො හැකි ය. 

විපක්ෂය ඉල්ලා සිටින පරිදි මෙතැනින් පටන් ගත යුතු ය. මහින්දවාදී විමල් වීරවංශගේ පක්ෂය ඉල්ලා සිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නට ය. අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් ද ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට අවස්ථාවක් කර ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මර්වින් ගැන තිබුණු පරීක්‍ෂණය වගේ එකක්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. හසන්ත බබාMarch 17, 2015 at 10:34 PM

      සෑහෙන කාලෙකට පස්සේ JRP සූරියපෙරුම ගූරින් ලක්ෂ 58ටේ මහින්ද ගෙ රැස්වීමක ඉන්නවා දැක්කා.
      හැබෑටම මේ වගේ ටීවි වාචාලයින් නැතිව ලක්ෂ 62කේ මෛත්‍රි රටකොරන හැටි බලමු හොදේ.....

      Delete
    2. ගොංපාට් එකක් උනත් මර්වින්ගේ පරීක්ෂණය තර්කානුකූලව වරදක් නෑනේ. මේ පරීක්ෂණය උනත් වෙන්නේ මේ විදියට තර්ක ගොඩනැගෙන විදියට තමයි.

      අපි හැමෝටම තේරෙන උදාහරණයක් ගනිමුකෝ.

      පැරාට මේ පාර ඇල්ටෝ එකේ ලීස් එක ගෙවන්න රුපියල් දහදාහක් මදි වෙලා ණයට ගන්න ඕන වෙනවා. පැරා ඒක දන්න දන්න කීප දෙනෙකුට කියනවා. මේ දවස්වල සාමාන්‍යයෙන් 8%-10% අතර පොලියට ණය ගන්න පුළුවන්. ඔන්න ආරංචිය අහලා කට්ටිය ණය දෙන්න අහනවා.

      1. මාරයියා කේන්දර බලලා හම්බකරපු සල්ලි නිසා 8% පොලියට රුපියල් 2000 දෙන්නම් කියනවා.
      2. කකා ඕස්ට්‍රේලියාවේ පොලිය එක්ක බලලා 9.5% පොලියට රුපියල් 3000 දෙන්නම් කියනවා.
      3. උපශාන්ත මේ පාර පාඩු කරගන්න බෑ කියල 10% පොලියට රුපියල් 4000 දෙන්නම් කියනවා.
      4. වැඩ දන්න අභීත 12.5% පොලියට රුපියල් 25000 දෙන්නම් කියනවා. ඩීල් එක හරි ගියොත් පැරාව මීමුරේ එක්ක ගිහිං බඩුවක් ගහන්නත් සෙට් කරලා දෙන්නම් කියනවා.

      මාරයා කකා උපශාන්ත තුන්දෙනා දෙන සල්ලිවලින් ලීස් එක ගෙවන්නත් බැරි හින්දා ආයෙ වෙන කාගෙන්හරි ඉල්ලනවද කියල පැරා කල්පනා කරලා බලනකොට පැරාගේ ටිකිරි මොලේට බ්‍රයිට් අයිඩියා එකක් එනවා. හතරදෙනාගෙන්ම රුපියල් 34000 අරගෙන මීමුරේ ගිහිං ආතල් එකකුත් අරගෙන රුපියල් 10000 ලීස් එකට ගෙවලා ඉතුරු 24000න් කළු මැණිකාගේ වහල හෙවිල්ලන්න ඇස්බැස්ටස් ෂීට් ටිකක් අරගෙන දීලා මල්කාන්තිට චේන් පොටක් තෑගී දීලා ඉතුරු උනොත් නර්ස් අක්කටත් මොකක් හරි අරගෙන දෙන්න පුළුවන් කියලා. ඉතිං පැරා ණය ගන්නවා.

      පැරාගේ කරුමෙට ඕක නර්ස් අක්කට මාට්ටු වෙලා එයා ගේම ඉල්ලනවා. සබ්ජෙක්ට් එක දන්න බැංකු මැනේජර් කෙනෙක් හම්බවෙලා සීන් එක හරියට අහගමු කිව්වම පැරා කියනවා "අපෝ ඔය මැනේජරයා දන්න මගුලක් නෑ. උගෙ ගෑනි දොස්තර කෙනෙක්" කියලා. දොස්තරට සෙකන්ඩ් වෙන්න බැරි හින්ද නර්ස් අක්කත් පැරා කියන කට්ටියගෙන් සිද්දිය අහන්න කැමති වෙනවා. දැන් පැරා සීන් එක අහන්න කොමිටියක් හදනවා. ඔන්න ඉන්න කට්ටිය.

      1. පැරාගෙන් ණයට බොන තෙත් කලාපේ ඉස්කෝලේ පිනා.
      2. නර්ස්ලගේ හස්බන්ඩ් සංගමේ ෆිට් එකට පැරා කියන හැම එකටම ඔලුව වනන රාජ්
      3. පැරා මල්කාන්තිව අදින මොරගල රෙස්ට් හවුස් එකේ ජෙමා

      ඔන්න තුන් දෙනාගේ කොමිටිය සෙට් වෙලා ප්‍රශ්නේ සාකච්චා කරන්න තැනක් කල්පනා කරනකොට අභීත මීමුරේට එන්න කියනවා. මීමුරේ ගිහිං අභීත සෙට් කරපු රා කට්ටක් බීලා බඩුවක් එහෙම ගහලා ඇවිත් තුන්දෙනා නර්ස් අක්කට කියනවා මෙහෙම.

      "පැරා වැඩිපුර සල්ලි අරගෙන තියෙන්නේ ලබන මාසේ නර්ස් අක්කගේ උපන් දිනේට වළලු දෙකක් අරං දෙන්නත් එක්ක. සල්ලි ඉතුරු උනොත් ඇල්ටෝ එක දීලා ඇක්සියෝ එකක් ගන්නත් ට්‍රයි කරන්න පුළුවන්. පොලිය වැඩියි කියලම කියන්න බෑ මොකද අඩු පොලියට ආවේ රුපියල් 9000 විතරයිනේ. ඒකෙන් ලීස් එක ගෙවන්නත් බැහැනේ" කියලා.

      රසිකලොජිස්ට් දැන් යහපාලනයේ ආතල් බලන්න සූදානම් වෙන්න.

      Delete
    3. @ AnonymousMarch 18, 2015 at 8:54 AM ---

      ලස්සන ම වැඩේ කියන්නේ.....

      පැරා ගිය මාසේ රුපියල් 25000 ක් 6% යේ ණයට දුන්නානේ මතුගම නෑබොඩ පාරේ සියාතු මාමාට. අන්න ඒ මුදල ම තමයි අභීත 10% ක් පොළී දෙන්නම් කියලා සියාතු මාමාගෙන් ඉල්ල ගෙන පැරාට දීලා තියෙන්නේ!

      බලාගෙන ගියාම පැරා ණය අරන් තියෙන්නේ පැරාගෙන් ම යි. අහක ඉන්න අභීතයෙක් තම යි ඒ සල්ලිවලින් අදායම් අරන් තියෙන්නේ. රටට ලෝකෙට ණය වුණේ සල්ලි අතේ තිබුණු පැරා!!!

      ඔන්න ඕක තමයි මහේන්ද්‍රන්/ඇලෝසියස් ඩබල කරලා තියෙන්නේ. තනතුරේ බලය පාවිච්චි කරලා ආණ්ඩුවෙන් සල්ලි අරගෙන ආණ්ඩුවට ම ණයට දීලා.

      Delete
    4. අනී .. මේගොල්ලන්ට මාවත් මතක් වෙලා
      උම්මා උම්මා :* :*
      - මල්කාන්ති

      Delete
    5. රසිකොලොජිස්ට් කල්ලතෝනි පොන්නයට ඕව වැඩක් නැහැ
      ඌ ට තිබ්බේ රාජපක්ෂ එක්ක පෞද්ගලික වයිරයක්
      දැන් රටට වෙන ඒවා , රටෙත් නැති ඌට ජෝක් විතරයි

      Delete
    6. නොදන්න හින්දා අහන්නෙ, මාරයා අයියා තාම කේන්දර බලනවද? එහෙනම් ඒ කොහේදිද? පොරොන්දමක් ගලපා ගන්න තියෙනවා. කරුණාකර උදව් කරන්න.

      Delete
  2. //අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය//

    මම පොඩි කාලේ අහල තිබ්බ මැක්කගේ කතාව මතක් උනා
    -ප.ගො.

    ReplyDelete
  3. පැරාලා 89 මිනී මරපු ඒවා ගැනත් පරීක්ශන ඔනෙ.

    ReplyDelete
  4. අර්ජුන් ඇලෝසියස් Royalist
    අර්ජුන් මහේන්ද්‍රන් Royalist
    රාජ් රාජරත්නම් Royalist
    රවි කරුණානායක Royalist
    අගමැතිවරයා Royalist
    අනුර කුමාර දිසානායක Loves Royalists!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි මෛත්‍රීපාල?

      එයත් පොළොන්නරුවේ Royalist

      Royalistලා දුන්නොත් සුපිරි ගේම් තමයි.

      Anandianලට අවුල්ද?

      මහින්ද Nalandiyan කියල හිත හදාගන්න.

      බැසිල් ගෝටා එහෙම නම් Anandians

      Delete
    2. ඇයි ජෙනරාල් ෆොන්සේකා, විජේදාස රාජපක්ෂ Anandians

      Delete
    3. ජෙනරාල් ෆොන්සේකා! හෝ හෝ ඒ කවුද? යුද්ධෙ දින්න සෙන්පතිතුමාද? ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාට අනුව යුද්ධ කරන්න පුළුවන් කාටද?

      1. දුටුගැමුණුට
      2. මහින්දට
      3. ෆොන්සේකාට
      4. ඕන ගොනෙකුට.

      Delete
  5. පැරා,

    මෙතන ප්‍රශ්නය // භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. //

    පමණක් නෙමෙයි රජයේ බැංකු රුපියල් බිලියන 10 ණය එක ආයතනයකට දුන්නේ කෙසේද ? සාමාන්‍ය පුද්ගලයකුට ලක්ෂ 10 ලබාගැනීමට කොතරම් අපහසුද?

    ජනතාව ගොනාට ඇන්දවීම දැන්වත් නවථ්විය යුතුයි!

    මෙහිදී සිදුවෙන්නේ ඉතා සියුම් පොලි අනුපාතය වෙනස්වීමේදී ලක්ෂ 30 පමණ නිකම්ම සිට උපයගනිමයි.

    මෙහිදී මට කුමාරතුංග මුනිදාස මහතා ලියනලද හතර රියන් සහ දෙරියන් කතාව මතකයට එයි.

    අවසානයේ සිදුවී ඇත්තේ එම කතාවේ මෙන් නම්බුකාර කොටස ජනතාවට ලැබීමයි !

    මෙය නතර කරගැනීමට දින 100 පොරොන්දුවූ නව මැතිවරණ ක්‍රමය සහ කොමිසම් සබා පිහිටවීමට බලපෑම් කරන්න.

    ReplyDelete
    Replies
    1. /මෙහිදී සිදුවෙන්නේ ඉතා සියුම් පොලි අනුපාතය වෙනස්වීමේදී ලක්ෂ 30 පමණ නිකම්ම සිට උපයගනිමයි./

      නැවත හෙමිහිට ගණන් හදා බලන්න. ලක්ෂ 30 වෙනුවෙන් ඇලෝසියස් දුරකථන ඇමතුමක්වත් ගන්න එකක් නැහැ. මූල්‍ය ක්ෂේත්‍රයේ සාමාන්‍ය තැරව් ගාස්තුව 1% විතර. ඇලෝසියස්ගේ ව්‍යාපාරයෙන් දහයෙන් කොටසක්වත් නැති ඉන්වෙස්ටෙක් එකේ චමින්දවත් ලක්ෂ 30 ලාබයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ නැහැ. නම සවුත්තු වන බව දැනගෙන ගහන මේ වගේ ඩීල් එකක් වෙනුවෙන් ඔවුන් අපේක්ෂා කරන ලාබය ගැන එයින් අදහසක් ගන්න.

      Delete
    2. ලක්ෂ 30 යනු මෙම ආයෝජනයේ ප්‍රතිලාබ නොව දින දෙකතුනක් අතර සිදුවන ඉතා සුළු පොලි අනුපාතයේ වෙනස්වීම් මගින් ඔවුන්ට ලැබෙන මුදලයි, එනම් පොලි අනුපාතයේ අගය දශම ගණනකින් සිදුවන වෙනස නිසා දිනකින් දෙකකින් තුනකින් ඔවුන් උපයගන්න මුදල මෙයයි.
      මෙහි ලොකුම විහිලුව රජයේ බැංකුවෙන් අඩුපොලියට ණය ගෙන රජයේ බාන්ඩාගර බිල්පත්වල වැඩි පොලියට තැම්පත් කිරීම මගින් සිදුවන්නේ මහදවල් රජය කොල්ලකෑමට ලක්වීමයි. වෙනස නම් ඉතා වැදගත් ලෙස මෙම කොල්ලකරුවන් පෙනීසිටීම සහ මහජනතාව මේ ගැන කිසිවක් නොදැනීමයි.

      Delete
  6. ටොයියා අමුඩයකින් නිරුවත වසා ගැනීම ගැන බයියකුගේ ආචාරය!

    මහින්ද ගැන විතරක් නැතුව බැසිල් දුමින්ද ලන්සා ඇතුලු නඩය ගැනත් ලියල සරමක් ඇඳගන්න වාසනාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බැසිල් රටගියේ සරම ගලවා බව මතකනැද්ද ?

      Delete
    2. ගලවලා ගියේ පැරාගේ සරමද?

      බැසිල් 2005 සිටම හෙලුවෙන්ම හම්බ කරා. අඩුම තරමින් ඔහුවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. මහේන්ද්‍රන්ගේ ගැහිල්ල හොයන්නත් මහින්දගේ ඇටදෙක ගලවන්න කියල කොන්දේසි දාන පැරා ඔය සෙට් එක ගැන අඩුම තරමේ සන්නස්ගලගේ ටියුෂන් පන්තියට බැනපු තරම්වත් සද්දයක් නෑ.

      Delete
  7. ජන්ද ලක්ෂ 58 ,ජන්ද ලක්ෂ 62 කට වඩා ලොකුයි කියලා මහින්ද වෙනුවෙන් සම හරක් මැරෙන්න උනත් ලැහැස්තිලූ.

    ReplyDelete
    Replies
    1. සමහරක්ට මයිත්‍රී දිනුවෙ TNA, JVP, ෆොන්සෙකා චන්ද එකතු කරාට පස්සෙ කියලා අමතකයිලු. මුන් ඔක්කොම එක සන්ධානෙකට ආවනම් කිසි ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් තමන්ගෙ චන්ද ලක්ශ 3, 4 පූජා කරෙ මහින්ද පරද්දන්න මිසක් ප්‍රපත්තියකට නෙවෙ. ඒ සමහරක්ට ඉතින් මහින්දට වඩා ප්‍රබාකරන් උනත් හොද එකෙ මෙවා කතා කිරීමත් පලක් නැත.

      Delete
    2. පනස්අටට වඩා ඇටදෙක ලොකුයි කියල ෂුවර් නම් ටොයියෝ මෙච්චර ඇඹරෙන්නේ මොකද?

      ටොයියෝ බයේ ඇඹරුනාට බයියො ආයෙත් මහින්දව ගේන්නේ නැත.

      Delete
  8. “ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ
    සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“

    ReplyDelete
    Replies
    1. රජ්ජුරුවෝ උඩයි උඩයි
      අපි සේරම බිමයි බිමයි.


      Delete
  9. ශ්‍රි ලංකාවේ මහාපරිමාන විනිමය වංචාකරුවන් හා සුදු කරපටි හොරුන් වැඩියෙන්ම බිහිකල කොලඹ රාජකීය විදුහලට මාගේ දැඩි අප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. පිරිසිදු බැසිල් රාජපක්ෂ බිහිකළ ආනන්ද විද්‍යාලයට මගේ ගෞරවනීය ආචාරය!

      Delete
  10. මතුගම ආනන්දයෙන් බිහිවූ ආනන්දනීය කුසුම අජිත් පැරකුම් ජයසිංහයන්ට අපගේ ජාතියේ ප්‍රණාමය!!

    පැරකුම් ජයසිංහයන්ට දිනමිණ දුන්නා නම් යහපාලනය යහපත් මග ගමන් කරන්නට ඉඩ තිබුණි.!!!

    පැරකුම් ජයසිංහයන්ට දිනමිණ දියව්!!!

    ReplyDelete
  11. MY 3 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළහැකි හොඳම සේවය මරා හිරේ යැවීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා