Posts

Showing posts with the label භාණ්ඩාගාර බැඳුම්කර

මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල් හා භාණ්ඩාගාර බැඳුම්කර ගැන අපේ අධ්‍යයනය

Image
කබ්රාල් මහජන මුදලින් නැටූ නාඩගම්   2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී ඊට සහභාගි වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, 2011 අප්‍රේල් මස 5 වන දින ලන්ඩන් මැරියට් හෝටලයේදීඑක ‍රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් පමණක් රුපියල් 674,842.69 ක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු අංක 4862 9600 0000 0509 නිල ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවා තිබේ. 2015 පෙබරවාරි 27දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට දැවැන්ත හානියක් සිදු වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනෙක පැවසුවේ ය. අජිත් නිවාඩ් කබ්රාල් යනු පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුව හරහා සිදු වූ දැවැන්ත මුල්‍ය අපහරණ රැසකට වගකිව යුත්තෙකි. ඔහු තමන් සමග විවාදයකට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් ද කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් සිදු වීම හොඳ දෙයකි. එහෙත්, එය සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව වැනි නිල තැනක මිස මාධ්‍ය පිළිකණුවල වැරදිකරුවන් සමග නො වේ. මේ භාණ්ඩාගාර බැඳ...

අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

Image
මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී. පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය. සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය. පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය. මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ. විමර්ශනය කළ යුතුව තිබ...