Posts

Showing posts with the label අර්ජුන් ම‍හේන්ද්‍රන්

බැසිල් රාජපක්ෂගෙන් පටන් ගෙන අර්ජුන් මහේන්ද්‍රන් දක්වා මුල්‍ය අපරාධ විමර්ශන

Image
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේ විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාසයි. ඒ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.  මිහින් ලංකා ආයතනයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම පියවර ගත්තේ ය.  ගෝඨාභය රාජපක්ෂ සිය හිතවතුන් පිරිසක් යොදවා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම ඉදිරිපිට නීති විරෝධී විරෝධතා සංදර්ශනයක් පැවැත්වූයේ ය. පොලිසියෙන් ගුටි කන්නට බලාගෙන කළ මෙම සංදර්ශනයට ඉඩ දී පොලිසිය බලා සිටියේ ය. කරපු විරෝධතාවේ හැටියට ගෝඨාභය විමර්ශනය ප්‍රතික්ෂේප කළ යුතු වුණත්, අවසානයේදී ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට ගියේ ය. ගිහින් කීවේ අදාළ චෝදනාව සත් වසකට පෙර සිදු වූ කරුණක් සම්බන්ධ නිසා, තමන්ට එය පිළිබඳ නිසි මතකයක් නැති බැවින් ඒ පිළිබඳ සවිස්තර කටඋත්තරයක් දීමට මාස තුනක් දෙන ලෙසයි. කොමිෂම ප්‍රශ්නයක් මතු නො කර ඔහුට ඒ කාලය දුන්නේ ය.  වැරදි විමර්ශනය නො කරනු පිණිස ...

අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

Image
මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී. පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය. සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය. පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය. මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ. විමර්ශනය කළ යුතුව තිබ...