ගෝඨා භය දුරු වීම

මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරන සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරා‍ජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය. 

වෙනත් දෙවන පෙළ දේශපාලකයන් ප්‍රශ්න කරන  නිදහස් ස්වරූපයෙන් ම ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රශ්න කිරීමට සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන්ට ගට ලැබී තිබේ. එය ඇත්තෙන් ම ලොකු වෙනසකි. 

එපමණක් නොව, බලයෙන් ගිලිහුණු ගෝඨාභය රාජපක්ෂට ද පළමු වතාවට මාධ්‍ය ඉදිරියේ මහත්මා ලෙස හැසිරෙන අභියෝගය භාර ගන්නට සිදු වී තිබේ. 

රාජ්‍ය බලය පාවිච්චි කරමින් චන්ඩි භූමිකාවක් රඟ ගෝඨාභය රාජපක්ෂ පෑ කලින් ඇඳගෙන සිටි සන්නාහ ගැලවී නිරුවත් වන විසුළු ස්වරූපය ජනමාධ්‍යයන්ගෙන් නිරූපණය වේ. 

ලේක්හවුසියේ වැඩ කළ පෝද්දල ජයන්ත හිංසනයට ලක් කර මරා දමන්නට තැත් කරන්නට පෙර ගෝඨාභය රාජපක්ෂ ඔහු හා සනත් බාලසූරිය ගෙන්වා තර්ජනය කළ ආකාරය ඔවුන් විසින් එකල ජනමාධ්‍යවලට හෙළි කර තිබිණි.

ඒ ගෝඨාභය රාජපක්ෂ දැන්නම් තොත්ත බබෙකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි බරපතල සිද්ධි ගැන ඔහු කිසිවක් දන්නේ නැත. දුමින්ද සිල්වා, ගලගොඩඅත්තේ ඥානසාර වැනි අය සමග සම්බන්ධයක් ද තිබී නැත. එපමණක් නොව පළා ගිය බැසිල් රාජපක්ෂ යන බවක් ඔහුට කියාත් නැත. ගියාට පසු මේ දක්වා දුරකථනයෙන් කතා කර ද නැත. 

ඒ කාලයේ සෞභාග්‍යවත් ජීවිතයක් සොයා ඇමරිකාවට පැන ගියාට දැන් එහි යන්නට ඔහු කැමති නැත. ගියොත් රස්සාවක් සොයාගෙන ජීවිතය අලුතින් පටන් ගන්න වෙනවා ලු. එහි සිටින කොටි හිතවාදීන් ඔහු සිරගත කිරීමට අවශ්‍ය කටයුතු කරනු ඇති ලු. ඔහු මේ ‍රටේ සිරගෙයක ඉන්නට ඊට වඩා කැමතියි ලු. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බැටන් පොල්ලක ග්‍රීස් ගාලා මුගේ කලිසම ගලවලා 'බුබුලෙ බූ' කලාම හරියනවා.

    ReplyDelete
  2. ඕකනේ පැරා ගැටලුව.දැන් සති දෙකක් ගෙවිල ඉවරනේ .ඉතින් අපිට ගෝටාභය කියල කෙනෙක් මෙහෙම දේවල් කලා කියල අමතකයි.දැන් උන්නැහේ ටීවී පෙට්ටියට ඇවිත් ගහන වැල් බයිල බොක්කටම ගන්නව.

    ReplyDelete
  3. "..මේ දිනවල පුවත්පත්වල හා රූපවාහිනියේ ගෝඨාභය රාජපක්ෂ සමග කරස සම්මුඛ සාකච්ඡා නිරීක්ෂණය කළ විට මහින්ද රාජපක්ෂ පාලනයේ පරා‍ජයෙන් පසු උදා වී තිබෙන මාධ්‍ය නිදහසේ තරම තේරුම් ගත හැකි ය. .."

    හැබැයි සජින් වාස්ට, දුමින්ද සිල්වාට, මර්වින් සිල්වාට විරුද්ධව මුකුත් නැහැ නේද?

    ReplyDelete
  4. While all above is true? Why not talk about not dealing with him legally? What about all crimes he has done? People he has killed and abducted? Drug dealers he protected? How many allegations? He cant obviously go to USA, due to war crimes he has done.. otherwise he would be the first to leave SL..

    ReplyDelete
  5. තෙත බරිත රතු පළස
    ලංකාවේ රූප පෙට්ටියේ අප දුටුවේ මෝඩි බෞද්ධ වන්දනා ගමනක් සඳහා ලංකාවට සැපත් වූ සෙයකි. වන්දනා ගමන අරතුර ඉඩ ප්‍රස්තාවක් ලැබෙන විට රාජතාන්ත්‍රික කටයුතුවල ද නියැලෙන බවකි. රැවන්මැලි සෑය ඉදිරිපිට මෝඩිට රතු පලසක් එළන ලදී. මෙලොව කිසිම මනුෂ්‍යයකුට එවන් පළසක් මේ ස්වර්ණමාලී සෑ රදුන් දක්වා ගමන් කිරීමට එළා තැත. රුවන්මැලි සෑයේ සහ ගුවන්තොටුපලේ වෙනස නොදන්නා රජයේ ඉහළම උදවියගේ අමනකමකි ඒ. නමුත් ලංකාව යුද්ධයෙන් නොව ඡන්දයකින් යටත් කරගත් ඒ මිනිසාට රතු පළසක් මතින් රුවන්මැලි සෑ මහ රදුන් වෙත පියමැනීමට ඉඩක් ලැබුනේ නැත. සුළු මොහොතකට පෙර අහසේ කිසිදු වැහි වළාකුලක සේයාවක්වත් නොතිබිනි. එනිසාම වර්ෂාවකට කිසිදු සූදානමක්ද එහි නොවීය. නමුත් ඔහු පැමිණෙනවාත් සමඟම දැඩි මාරුතයක් මඟින් කැටුව ආ වැස්සකින් රතු පළස තෙත බරිත කරන ලදී. රතු පළසේ වඩින්නට ආ මෝඩි කුඩ ඔසවා ඇල්ලූ අන් අයගේ උපකාරය සමඟින් ඉතා අසීරුවෙන් රුවන්මැලි මහ සෑ රදුන් වෙත ළඟා විය.

    තර්ජනයට අත්පොළසන් දෙන නිවටයෝ

    ඔහු පාර්ලිමේන්තුව අමතා අපට තර්ජනය කළේය. අපගේ රටේ ව්‍යවස්ථාව මෙසේ විය යුතුයැයි අපගේම උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවටම පැමිණ පවසා ඔහු ගියේය. 13 කඩිනමින් ක්‍රියාත්මක කොට, 13 න් එහා යා යුතු යැයි ඔහු පවසා සිටියේය. අපේ ත්‍රිකුණාමලය වරාය දියුණු කරන හැටි අපගේ ජනතා නි‍යෝජිතයන්ට මෝඩි කියා දුනි. අපගේ ගරු ජනතා නියෝජිතයින් අත්පොළසන් දෙමින් තර්ජය අසා සිටියහ. ඒ නිවට බඩජාරී රැළ වෙන කුමක් කරන්නද?


    මෝඩි පාර්ලිමේන්තුව අමතන්නට සැරසෙද්දී විමල් වීරවංශ සභා ගැබෙන් පිට විය. 13 ට මඟ පෑදූ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙමින් හැට දාහක් ජීවිත නැතිවෙන තරමේ මාරන්තික විරෝධයක් පෑ ජවිපෙ නියෝජනය කරන අනුර කුමාර සහ ඔහුගේ සහොදර සඟයන් රජිව් ගාන්ධිගේ අනුරප්‍රාප්තිකයා වූ මෝඩිට ඇහුම්කන් දීමට සභා ගැබෙහිම නැවතුනි. 13 ගෙනෙන විට ලේ සොළවන්නට දායක වුනු දෑත්වලින් 13න් එහාට යන්න කියන මිනිසාට නොමසුරු අත්පොළසන් නාදයකි. කාලය මැවු වෙනසක අරුමයකට එය ලඝු කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. රුවන් වැලි සෑ මළුවේ දී මෝදිට මල් වර්ෂා

      මේ ලංකාදීපේ රෝහණ චන්ද්‍රදාස හා අතුල බණ්ඩාර ගේ නිවටකමයි!

      නාකපන වැස්සක් වැහැපු බව පින්තුරවලින් පැහැදිලිවම පෙනෙන්ද්දී මල් වැස්සක් වැටුන බව කියන අජුතකම!

      Delete
  6. කරන කළට පව් මීරිය මී සේ.....

    ReplyDelete
  7. විග්නේශ්වරන් මහ ඇමතිතුමාගේ දැන් කතා පරණ කතා එක්ක සංසන්දනය කරලා බැලුවමත් ගෝටා භය දුරුවෙලා කියල පේනවනේ හිටං.

    ReplyDelete
  8. එන චංදෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ.....!

    ReplyDelete
    Replies
    1. මරුනේ බුවා! දැන් ගෝඨා-බිය නැති නිසා නියම නමින් ආවත් මොකෝ!

      Delete
    2. මේ කාළකන්ණි හෙවලයෝ ටිකයි ඕකුන්ගේ පවුල් වල අයයි අද නිදහසේ මරණ බිය නොමැතිව ජීවත් වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවැරදි ආකාරයෙන් යුද්ධය මෙහෙයවා රණවිරුවන් හට නිසි මඟපෙන්වීම ලබා දී මිනීමරු කොටි හැතිකරය පරාජය කරපු නිසා.. මේ වගේ සක්කිළි බල්ලෝ මතු උපදින ආත්මයක් පාසා හෙණ ගහලම මැරෙන්ඩ ඕන.

      Delete
  9. කවුද බං ගෝඨා කියන්නේ..........???? මතක නෑනේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා