කෝච්චි නැත; වයිෆයි ඇත

අවන්ත ආටිගලගේ අනගි කාටුනයක් 
නොමිළේ වයිෆයි පහසුකම් ලබා දීම ගැන අපේ කිසිම තරහක් නැත.

එහෙත්, අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ වෙනුවෙන් භාවිතා කරන උපකරණවලට ගෙවන්නට සිදු වන මිළ සමග සන්සන්දනය කර බැලූ විට තමන් සම්ප්‍රේෂණය කරන දත්ත වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන බිල එතරම් ලොකු එකකැයි මට නම් නො පෙනේ.

මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. මේ පහසුකම වැඩිපුර භාවිතා වන්නේ වැල බලන්නට, සමාජ ජාල හරහා ලිංගික පහස වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නට, නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට, ඕපාදූප දොඩන්නට, කටකතා පතුරුවන්නට හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට ආදියටයි.

ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව හා ප්‍රජාතාන්ත්‍රික දිවි පැවැත්ම සංවර්ධනය කිරීම අතිශය වැදගත් සාධක දෙකකි. ඒ සඳහා ව්‍යාපෘති දියත් කිරීම නිදහස් වයිෆයි තරමට ම හෝ ඊටත් වඩා වැදගත් ය.

මිනිස්සු දුම්රිය ස්ථානයකට හෝ වෙනත් පොදු ස්ථානයකට එන්නේ ගමනක් බිමනක් යාම වැනි නිශ්චිත අරමුණකට ය. වයිෆයි ගන්නට එහි එන පිරිසක් ද බිහි වුණොත් එය අමතර කරදරයක් වන්නට ද පුළුවන.

ඒ නිසා වයිෆයි ගැන උඩ පැනීම නවත්වා දැන් ඉතින් අවධානය යොමු කළ යුත්තේ වෙනත් වැදගත් මහජන සේවාවන් ගැනයි. දුම්රිය නැවතුමේ කෝච්චි වෙලාවට දුවනවාද, ඒවායේ ඉඩ තිබෙනවා ද යන්න ගැනත් ආණ්ඩුව බැලිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොරොන්දු ඉටු කරන්න කියා වයිපයි දුන්නාට වැඩක් නැත.

    වහාම පැරාට දිනමිණ ලබාදෙනු!!!

    ReplyDelete
    Replies
    1. මේකෙන් ආණ්ඩුව ලබාදෙන්නේ යම්කිසි පණිවිඩයක් කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ කලින් හිටපු ඒකාධිපති මරා වගේ මයිත්‍රී පාලනය අන්තර්ජාලයට වැට බදින්නේ නෑ කියන එක. ලංකාවේ තහනම් කර තිබුණු වෙබ් අඩවිව වල තහනම ඉවත් කිරීමෙනුත් පෙන්නුම්කරන්නේ ඒ පණිවිඩය තමයි.

      හැබැයි ඒ උනාට අන්තර්ජාලය ඔස්සේ ඕනවට වඩා පිස්සු නටන්න, ප්‍රසිද්ධ අයට මඩ ගහන්න දෙන්නෙත් නෑ කියන එකත් පෙන්නේ පහුගියදවසක ෆේස්බුක් ඔස්සේ මඩ ව්‍යාපාරයේ නිරත වෙලා හිටපු කෙනෙක් අත්තඩංගුවට පත්වීම නිසයි. මේ කියන පුද්ගලයා තවත් කාන්තාවකගේ රුව අනවසරයෙන් භාවිතා කරමින්, නිරුවත් ජයාරූප ආදිය බෙදාහරිමින් මඩ ව්‍යාපාරයේ නිරත වෙලා තිබුනේ.

      අන්තර්ජාල නිදහස ලැබෙන එක හොදයි. හැබැයි මඩ ගැසීමට ඒක භාවිතා කරනවා නං ඒ අයටත් දඩුවම් දෙන්න ඕනි. මෙහිදී කිහිප දෙනෙක් අල්ලලා දඩුවම් දුන්නා නං හොදටම සැහෙනවා අනික් අයටත් හැදෙන්න.

      මොකද ඉන්ටර්නෙට් එකෙන් පොර ටෝක්ස් දෙන, නිර්නාමික කොමෙන්ට් ඔස්සේ මඩ ව්‍යාපාරයේ යෙදෙන බොහෝ දෙනෙක් ජන්ද බලයවත් නැති අවුරුදු 17-18 පාසල් ළමයි. මේ අයට සැබෑ ජීවිතයේදී වෙනත් පුද්ගලයෙක් දිහා කෙලින් බලලා කතාකරන්න වත් ආත්ම ශක්තියක් නෑ.

      උපහාසයට නොවේ වැට බැදීය යුත්තේ මඩ ගැසීමේ ක්‍රියාවලියටයි.

      සමහරු හිතනවා නිර්නාමික කොමෙන්ට් ඔස්සේ මඩ ගැහැව්වම කාටවත් හොයාගන්න බෑ කියලා. හැබැයි අජිත් පැරකුම්ගේ වෙබ් අඩවියට පිවිසි මේකේ නිර්නාමික කොමෙන්ට් දමනා අය කවුද කියලා අජිත්ට බලාගන්න පුළුවන් පොඩ්ඩක් තාක්‍ෂණය ගැන දන්නවා නං. එතකොට පෙනෙයි කවුද, කොහේ ඉදලද මේ කොමෙන්ට් දමන්නේ කියලා.

      Delete
    2. එතකොට ඒකාධිපති මරාට මඩ ගහපුවටත් දඬුවම් දෙනවද? දැන් කලින් මුන් කීවේ වාහන 1000කට වඩා හොරකම් කරලා, පාරවල් වලින් 2000% කොමිෂන් ගහලා කියල, දැන් වාහන 100ක් වත් අඩු නැහැ, ඒවායිනුත් සමහරක් ජේආර් ගේ ජනාධිපති කමටත් වඩා පරණ වාහන කියල ඔප්පු වෙලා නේ? පාරවල් කලින් ආණ්ඩුවෙන් කර ගානෙන් 5% වියදමකින් මේ ආණ්ඩුව හදන්නෙත් නැහැ නේ? ඉතින් මේ බොරු වලටත් දඬුවම් දෙනවා ද?

      චම්පික රණවක ඉන්ටනෙට් එකෙන් ගත්ත කියල දාපු බොරු ෆොටෝ වලට දඬුවම් දෙනවද? සමාව ගත්තා කියන්න විතරක් එපා. ඒ බොරු අපහාසේ කරේ ලෙස්ටර් ට නෙවෙයි මහින්දට. ඉතින් සමාව ගන්නවා නම් ගන්න ඕනේ මහින්ද ගෙන්.

      Delete
  2. මට නම් අලුත් ආණ්ඩුවෙන් මොනවා දුන්නත්, මොනවා නුදුන්නත් කමක් නෑ...
    මහින්ද පරද්දපු එක ම විතරක් ඇති ඊළඟ වතාවෙත් මේ ආණ්ඩුවට මගේ ඡන්දය දෙන්න.

    ReplyDelete
    Replies
    1. nodakin thopi wage kalakanni ... Tho maha genige bade iddima thotayi mahgenitati dennatama bombayak wath galaha merenna thibune ,, me wage pahara hithak thibunata ,,, wesige koluwa

      Delete
  3. කිනිතුල්ලෙක් ගමනක් යන්න හරකෙක් එනකම් බලන් ඉන්නවාලු....

    කිනිතුල්ලාට තනිවම ගමන යන්න ගියොත් අවුරුදු ගණනාවක්ම යනවනේ...

    හැබැයි හරකෙක් සෙට් වුණොත් ඉක්මනට ගමන යන්න පුළුවන්....

    කිනිතුල්ලා තමයි පචවංශ... හරකා තමයි මහින්ද...

    අද දේශපාලනයෙන් අනාථ වු පචවංශ, ගෙම්බන්පිල, වාසිදේව, දිනේෂ් ඇතුළු පිරිසක් ජනතාව ප්‍රතික්ෂේප කළ ඒකාධිපතියෙකුට හුලං ගසමින් යලිත් පාර්ලිමේන්කුවට රිංගා ගැනිමේ උත්සාහයක නිරත වන අතර එය දුටුවිට මගේ මතකයට පැමැණියේ ඉහත කී හරකාගේ සහ කිණිතුල්ලාගේ කතාවයි....

    හරකාගේ අවසානයට කිනිතුල්ලාද වගකිව යුතු බව මතක තබාගන්න......

    හරකාගෙන් ගොඩයෑමට දැන් සොරකම් කල උන් චේන් කඩපු උන් ස්ත්‍රි දුෂකයින් මෙන්ම සල්ලි මාටියා ගහපු උනුත් එකතු වෙලා....
    හම්බු කරගත්තුවා මදිවෙලා වෙන්න ඇති.....



    ((ඔන්න නොමිළේ ලැබුණු වයිෆයි මාර්ගයෙන් මා තැබූ පළමු සටහන.))

    ReplyDelete
    Replies
    1. සොරකම් කල උන් චේන් කඩපු උන් ස්ත්‍රි දුෂකයින් මෙන්ම සල්ලි මාටියා ගහපු උන්ට බරපතල වැඩ ඇතිව කැබිනට් ඇමති ධුර ලබා දීම යහපාලනය නම් වේ

      Delete
    2. මහාසොහොන් , සමහර අපරාධ නඩු තියෙනවා විත්තිකාරයෝ පැමිනිල්ලේ සාක්ෂිකාරයන් වෙන .

      Delete
    3. දැන් එහෙම උනාද ? කැබිනට් ඇමති කෙනෙක් සාක්ෂි දෙන්න ඉන්න පහුගිය ආණ්ඩුවට විරුද්ද නඩුවක් කියන්න බලන්න.

      සීනි බෝල තර්ක දාල තමන්ව රවට්ට ගෙන විහිං මොඩය උනාට කමක් නැහැ. අනිත් උං මෝඩයෝ කියල හිතන්න එපා

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය March 31, 2015 at 5:44 PM ---

      //////කැබිනට් ඇමති කෙනෙක් සාක්ෂි දෙන්න ඉන්න පහුගිය ආණ්ඩුවට විරුද්ද නඩුවක් කියන්න බලන්න.//////

      COMING SOON TO A COURT NEAR YOU.

      Delete
    5. අනේ මහසොහොන්, කියන දේ තේරුම් ගන්න කලබල නොවී. මම කිව්වේ අලුත් ඇමතිවරු විත්ති කූඩුවේ ඉඳල ඇවිත් පැමිනිල්ල වෙනුවෙන් සාක්කි කූඩුවට නැගලා සාක්ශි දෙනු ඇතැයි කියල නොවේ. පයිත්තියන්ද එහෙම හිතන්න? සමහර අපරාධ නඩු වල විත්තිකාරයෝ පැමිනිල්ලේ සාක්ෂිකාරයන් වෙනවා වගේ, කලින් දූශන කල පැත්තේ හිටපු සමහර අය, පැත්ත මාරුකරලා කලින් දූශිතයන්ට විරුද්ධව කටයුතු කරනු ඇති බවයි මම අදහස් කලේ. හොඳම උදාහරනය මර්වින්. හොරකමට විරුද්ධව විතරක් නොවෙයි පොදුවේ රාජපක්ශලට, ඒ ගොල්ලන්ගේ කැම්පේන් එකට විරුද්ධව ඩිලාන්, රෙජිනෝල්ඩ් දැනටමත් පටන් අරන් තියෙනවනේ. කවුද දන්නේ බැසිල් එන්නේ මොකාටද කියලා? මරා සහ වංශ දැනටමත් ඒ ගැන තැති ගැනිල ඉන්න බවක් මම කියෙව්වා.

      මේ සූදුවේ දී එනි තිංග් කැන් හැපන්! කලබල නොවී බලාගෙන ඉන්න. මාස දෙක තුනක් හෝ ඊලඟ චන්දෙට කලින්, ඔයාටයි මටයි බලාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා.. ඔයා කවදාවත් හිතුවද මරා චන්දෙන් පරදියි කියලා?? ඒ වගේ දේවල් වෙන්න පුලුවන් බව සිහිබුද්ධියෙන් අවධානයෙන් යුතුව ඉන්න.

      Anonymous March 31, 2015 at 5:23 PM

      Delete
    6. මේ රටේ එතෙක් මෙතෙක් පහල වූ දුර්දාන්තම පාලක රාජපක්ස රෙජිමය පැරදීම මෙරට ඉතිහාසයේ සුවිශේසම සිදුවීමයි. මරාත්, ගෝටාත්, බැසිලත් ඔවුන්ගේ පැරණි කුලී ඝාතකයන් වූ පොන්සේකා ප්‍රමුඛ මිලිටරි ජුන්ටාවටත් කරන ලද යුද අපරාද සහ දෙමල සමුහ සංහාරය වෙනුවෙන් කෙසේ හෝ ජාත්‍යන්තර අධිකරණයකින් දඬුවම් දිය යුතුයි.

      Delete
  4. ඕෆ් වෙලා හවසට ඉස්ටේශම පැත්තෙ රවුමක් ගහල බ්ලොග් පෝස්ට් ටික කියවල කොමෙන්ට් දාල අලුතෙන් මොනවහරි ලියල දහයේ ආප්ප 2යි දහයේ ප්ලේන්ටියයි ගහල ගෙදර යන්න බලනකොට.. හුටා කෝච්චියක් නෑ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ... මහින්ද එලෙව්වනේ

      Delete
    2. මහින්ද එළවපු එක නම් ලොකු දෙයක්...

      Delete
    3. oya mona prasna mona karadara awath kamak nehe mahintha raja paksa kiyana dharunu ekadipathiyawa paradduwa eka hodatama athi. sulu dewal amathaka karala awasya deya labuna eka gana sathutu wenna.

      Delete
    4. "මහින්ද එළවපු එක නම් ලොකු දෙයක්"

      I agree with this. This is the best achievement Sri Lanka achived in their 2500 year old history. MR is the worst leader and sending him home is the first step. We will vote forever for this government for doing this. Anyway I'm waiting till MR & GR to be presented to courts & punished for severe war crimes done. Both of them are deserves capital punishment.

      Delete
  5. ඇත්තටම වයිෆයි වලට වඩා ප්‍රයෝජනයි ඔය තැන් වලට වඩා හොඳ වැසිකිලි සහ විවේකාගාරයක් හදල දුන්නනම්. වයිෆයි දෙන්න ඕන පුස්ථකාල, සම්මන්තරණ ශාල වගේ ඒවට.

    ReplyDelete
    Replies
    1. එතකොට චන්දෙ දෙන්න උඹ ලංකාවට එනවද?

      අපි වයිපයි දුන්නේ ඉස්ටෙසමට වෙලා චීන කෝච්චියක් එනකං බලං ඉන්න ටොයියන්ට චීන පෝන් කෑල්ලකින් ඉන්ටනෙට් ගිහිං පේස්බුක් එකේ චීනෙට බනින්න.

      Delete
    2. වෙලාවට කොච්චි නැතිනම් එනකම් මෙගා ටෙලි බලන්න තමයි වයිෆයි දුන්නේ ඔතනට එන හැම එකාම රෙන්න වැසිකිලි හොයනවද විවේකාගාර හොයාගෙන කවුද ස්ටේසන් වලට් එන්නේ

      අපොයි මේ හැත්තලන් ට මොනවා නිකම් දුන්නත් වැඩක් නැනේ

      Delete
    3. යකෝ මුංට මොනවා දුන්නත් හොඳක් අහගන්න නෑ නේ
      - රන්න පොනිල්

      Delete
    4. මෙගා බයිට් 100ක් ගන්න ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. වෙන වැඩ නැත්නම් පුළුවන් මේ සොච්චමකට මේ හැටි මහන්සි වෙන්න.

      Delete
  6. "තමන්ට එරෙහිව කරන ලද පැමිණිල්ලට දින පනහක්‌ ගතවී ඇතත් ඊට කිසිදු පරීකAෂණයක්‌ මෙතෙක්‌ සිදුකර නැති බවත් ඒ පිළිබඳව විමසීම සඳහා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ සභාපතිවරයා හමුවීමට පැමිණියත් සභාපතිවරයා හමුවීමට හෝ අඩුම තරමින් දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බැව් හිටපු අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊට සිය දැඩි අප්‍රසාදය පළකරන බවද මේ යහපාලනය දැයි තමා ප්‍රශ්න කරන බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ජනතා විමුක්‌ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් මහින්දොaදය තාක්‌ෂණ විද්‍යාගාර ඉදිකිරීමේදී සිදුවී ඇතැයි පවසන දූෂණ පිළිබඳව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණි.

    එම පරීකAෂණය දිගින් දිගටම ප්‍රමාද කිරීම පිළිබඳව කරුණු සොයා බැලීමට ඊයේ (30 වැනිදා) එම කොමිෂන් සභාවට පැමිණි හිටපු ඇමැතිවරයා මාධ්‍යයට එසේ පැවසීය.

    ඇමැති ධුර තුනක්‌ දැරුව පුද්ගලයෙක්‌ මම. දැනුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්‌. නමුත් මේ රටේ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති හමුවීමට අද මට අවස්‌ථාව නෑ. අඩුම තරමින් දුරකථන ඇමතුමකට සම්බන්ධ කර ගන්න බෑ. රටේ සාමාන්‍ය පුරවැසියකුට තව කොහොම හිටීද?

    ReplyDelete
  7. අයියෝ !!! තව ගූ හට්ටියක් සකල දේශ වාසි ජහපාලන ටොයි හරකුන්ගේ හිස් මත

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කර තිබේ.

    පසුගිය ජනාධිපතිවරණය පැවැති කාලයේදී රටේ විවිධ ප්‍රදේශවල යුද හමුදාව යෙදවීම නිසා සිවිල් වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් පෙරටුගාමී සාමජවාදී පක්ෂයේ දේශපාලන බලමණ්ඩල සභික දුමින්ද නාගමුව විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

    එහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු, මැතිවරණ කොමසාරිස්, පොලිස්පති සහ නීතිපති යන අය නම් කර තිබුණි.

    ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු හත්දෙනකුට අද (31) උසාවියට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කෙරිණ.

    පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25ක ත්‍රිවිධ හමුදාව සක්‍රීය සේවය සඳහා කැඳවීම තුළින් හිටපු ජනාධිපතිවරයා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑම් එල්ල කර ඇති බවයි.

    මේ තුළින් තමන්ගේ පමණක් නොව සමස්ත රටවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද පෙත්සම්කරු පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් ඊට විරෝධය පළ කළ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු සඳහන් කළේ විධායක ජනාධිපතිවරයෙකුට ඕනෑම අවස්ථාවක ත්‍රිවිධ හමුදාව කැඳවීමට බලතල පවතින බවයි.

    ත්‍රිවිධ හමුදා සක්‍රීය සේවය සඳහා කැඳවීමේ ගැසට් පත්‍රය පසුගිය ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කළ එකක් නොවන බව සඳහන් කළ නීතිවේදීන් එය සෑම මසකම නිකුත් කරන බව ද පෙන්වාදෙන ලදී.

    එම ගැසට් නිවේදනයම පසුගිය පෙබරවාරි මාසයේ දී වත්මන් ජනාධිපතිවරයා විසින් ද නිකුත් කර ඇති බව විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කර ඇත.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් සුහදගම්ලත් මහතා ද සඳහන් කළේ ජනාධිපතිවරයෙකුට ඕනෑම අවස්ථාවක හමුදාව කැඳවීමේ බලතල පවතින බවයි.

    මැතිවරණයක් හේතුවෙන් එම බලතල කප්පාදු නොවන බව ද සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

    ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අගවිනිසුරු කේ.ශී පවන් මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ පෙත්සමේ සඳහන් කරන හමුදාව කැඳවීමේ ක්‍රියාදාමය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා සිදුවන බවට තහවුරු කෙරෙන සාක්ෂි කිසිවක් පෙත්සම්කරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති බවයි.

    ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් විභාග කිරීමේ පදනමක් නොමැති බව සඳහන් කළ අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

    ReplyDelete
  8. මෙගා බයිට් 100ක් ගන්න ටෙලිකොම් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. වෙන වැඩ නැත්නම් පුළුවන් මේ සොච්චමකට මේ හැටි මහන්සි වෙන්න.

    ReplyDelete
  9. මේකේ ප්‍රයෝජනවත් බව නැති බවට වඩා මෙතන වැදගත් වෙලා තියෙන්නේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම. ඉටු වුන මැතිවරණ පොරොන්දු ගොඩට එකක් දාගැනීම. "කෝ ඕයි, වයිෆයි දෙනවා කිව්වා නේද?" කියන ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන එක. මේකෙන් වාසිය තියෙන්නේ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය රඳවා ගන්න පොඩි පැලැස්තරයක් වශයෙන්. මේකෙන් ඇති මහ ලොකු වැඩක් නැති බව නම් ඡන්දය කාලෙම තේරුනා. ගෙදර දරුවෝ බඩිගින්නේ ඉද්දි බිත්තියේ එල්ලන්න ලස්සන පින්තූරයක් සල්ලි වියදම් කරලා ගෙනාවා වගේ වැඩක්.

    ReplyDelete
  10. උන්න හැටියට මලා මදැයි කිව්වලු... අනිත් ඉස්ටේසොන් වලටත් දුන්නා නම් තමා වටින්නේ.. මෙගා බයිට් 100 ක්.. මදි නේ අප්පා..

    ReplyDelete
    Replies
    1. මේකේ ප්‍රයෝජනවත් බව නැති බවට වඩා මෙතන වැදගත් වෙලා තියෙන්නේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීම. ඉටු වුන මැතිවරණ පොරොන්දු ගොඩට එකක් දාගැනීම. "කෝ ඕයි, වයිෆයි දෙනවා කිව්වා නේද?" කියන ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන එක. මේකෙන් වාසිය තියෙන්නේ ආණ්ඩුවට ජනතා ප්‍රසාදය රඳවා ගන්න පොඩි පැලැස්තරයක් වශයෙන්. මේකෙන් ඇති මහ ලොකු වැඩක් නැති බව නම් ඡන්දය කාලෙම තේරුනා. ගෙදර දරුවෝ බඩිගින්නේ ඉද්දි බිත්තියේ එල්ලන්න ලස්සන පින්තූරයක් සල්ලි වියදම් කරලා ගෙනාවා වගේ වැඩක්.

      Quoted from Mr. Jamis Banda

      Delete
  11. නිකං දෙනවා නං ඔන්නොහෙ දීපුදෙන්. යකඩො දුන්නත් වැරදියි නුදුන්නත් වැරදියි.

    ReplyDelete
  12. "...නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට..."

    එතකොට පහුගිය කාලේ පැරාල රාජ්ල රජකරිවෙලාවේ බ්ලොග් පොස්ට් කොමෙන්ට් ලියපුවා කාලේ (සැ.යු. රජයේ සේවකයන්ට වැඩුප් ගෙවන්නේ රාජකාරි කරන කාලයටයි;)

    ReplyDelete
  13. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් කොල්ලූපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

    සිසුන් මෙම විරෝධය පැවැත්වුයේ අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි. පෙලපාලිය අරලියගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය ප්‍රහාරය එල්ල කර තිබේ.

    සිසුන් පස් දෙනෙක් රෝහල්ගත කරනු ලැබ ඇති අතර සිවු දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    අවුලක් නෑ මහින්ද එලෙව්වනේ ......................

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමක්: සිසුන් සිවු දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මුදා හැර ඇත.
      (අත් අඩංගුවට ගැනීමක් සිදු වී නැත )

      $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

      කොහොමත් ඔය ශිෂ්‍යයෝ පෙළපාලිවල එන්නේ වතුර, කඳුළු ගෑස් කන්න බලාගෙන තමයි. ඒකෙන් තමයි උන්ට 'කික්' එක එන්නේ. මහින්ද හිටියත්, මෛත්‍රී හිටියත්, බුදුහාමුදුරුවෝ හිටියත් වෙන්නේ ඔය ටික තමයි.

      මොනවා කළත්, මහින්ද එළවපු එක ග්‍රේට්.

      Delete
    2. මේකට හේතුව රාජපක්ස රෙජීමය විසින් සමාජ ගත කල කෘරත්වය තවමත් ක්‍රියාත්මක වීමයි. නව රජයට අතිශය කෙටි කලකින් සියල්ල උඩුයටිකුරු කල නොහැක. අනික රාජපක්සල තවමත් මෙම රජය පෙරලීමට කුමන්ත්‍රණ කරති. සිසුන් මර්දනය උද්ගෝෂණ වෙඩි උණ්ඩ වලින් මර්දනය මරා, ගෝටා, බැසිල්, පොන්සේකා, සවේන්ද්‍ර , වැනි යුධ අපරාධ වලට නම් දැරූ ජන ඝාතකයන් ගේ හඳුන්වදීමකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙමෙන් ශක්තිමත් වෙයි. අප නව රජයට සහය දෙමු මෙම තත්වය වෙනස් කර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කරන්න.

      Delete
  14. [ඔය දෙනව කියන 100mb කොච්චර කාලයකටද? දවසකටද මාසෙකටද?]

    පැරා මොනව කිව්වත් මම නං මේකට කැමතියි. ආරම්භයක් විදියට සුළු ප්‍රමානයකින් හෝ පටන් ගැනීම වැදගත්.
    කෝච්චි කලට වේලාවට ධාවනය වියයුතුයි කියන එක දශක ගානක් තිස්සෙ තියන ඉල්ලීමක්. කෝච්චි ධාවනය විධිමත් කරල මේකපටන් ගන්න ඕන කියල එකක් නෑ. මේක හොඳයි, ඒකත් කලයුතුයි. එච්චරයි!

    ReplyDelete
    Replies
    1. මොනවා රාජ්!!

      පැරා මොනවා කිව්වත් මම කැමතියි??

      /මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. /

      නෑ නෑ පැරාත් අකමැතියි කියල නෑ.

      Delete
  15. අපේ මිනිස්සුන් හැමදාම මෙහෙමයි. එකක් දුන්නහම, මීට වඩා අරක දුන්නනම් වටිනවා කියනවා, අරක දුන්නහම අයියෝ අරකත් දෙන්න තිබ්බනේ කියනවා. දුම්රිය වෙලාවට නැති එක ඇත්ත. වයිෆයි නොදී ඒක හදන්න තිබ්බා කියන එක එකක් නෙවෙයි දෙකක්. වයිෆයි දුන්නා කියලා දුම්රිය වෙලාවට එන එක හදන්න බැරිවෙන්නේ නැහැ. මේ දෙක දෙකක් කියලා තේරුම් ගන්න

    ReplyDelete
  16. free wifi is a important resource for tourists.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා