Posts

Showing posts with the label අන්තර්ජාල

කෝච්චි නැත; වයිෆයි ඇත

Image
අවන්ත ආටිගලගේ අනගි කාටුනයක්  නොමිළේ වයිෆයි පහසුකම් ලබා දීම ගැන අපේ කිසිම තරහක් නැත. එහෙත්, අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ වෙනුවෙන් භාවිතා කරන උපකරණවලට ගෙවන්නට සිදු වන මිළ සමග සන්සන්දනය කර බැලූ විට තමන් සම්ප්‍රේෂණය කරන දත්ත වෙනුවෙන් ගෙවන්නට සිදු වෙන බිල එතරම් ලොකු එකකැයි මට නම් නො පෙනේ. මට නම් තේරෙන හැටියට නොමිළේ වයිෆයි දීම නරක දෙයක් නො වුණත්, එතරම් ප්‍රයෝජනවත් දෙයකැයි කිව නො හැකි ය. මේ පහසුකම වැඩිපුර භාවිතා වන්නේ වැල බලන්නට, සමාජ ජාල හරහා ලිංගික පහස වෙනුවෙන් කුමන්ත්‍රණ කරන්නට, නොමිළේ වයිෆයි දුන් ආණ්ඩුවට මඩ ගසමින්, ඒකාධිපති පාලනයක් යළි පිහිටුවා ගන්නට, ඕපාදූප දොඩන්නට, කටකතා පතුරුවන්නට හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට ආදියටයි. ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව හා ප්‍රජාතාන්ත්‍රික දිවි පැවැත්ම සංවර්ධනය කිරීම අතිශය වැදගත් සාධක දෙකකි. ඒ සඳහා ව්‍යාපෘති දියත් කිරීම නිදහස් වයිෆයි තරමට ම හෝ ඊටත් වඩා වැදගත් ය. මිනිස්සු දුම්රිය ස්ථානයකට හෝ වෙනත් පොදු ස්ථානයකට එන්නේ ගමනක් බිමනක් යාම වැනි නිශ්චිත අරමුණකට ය. වයිෆයි ගන්නට එහි එන පිරිසක් ද බිහි වුණොත් එය අමතර කරදරයක් වන්නට ද පුළුවන. ඒ නිසා ...

ෆේස්බුක් යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙකි

Image
පානදුර පාසලක පැවැත්වුණ උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ෆේස්බුක් තහනම් කරන්නට රජය අදහස් කරන්නේදැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී ඇසී ය.  ඇත්තෙන් ම ජනාධිපතිතුමා පැවසුවේ ෆේස්බුක් වසංගතයක් බවයි. ජකාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කර තිබූ එහුගේ කතාවේ පිටපතෙහි ෆේස්බුක් තහනම් කිරීමක් ගැන සඳහන් වන්නේ නැත. සජීවී කතාවේදී ඔහු එසේ කීවාදැයි නො දනිමි.  ඇත්තෙන්ම ෆේස්බුක් වසංගතයකට වඩා නූතන පාරිභෝජනවාදී සමාජය විසින් වන්දනා කරනු ලබන තවත් සේවා රැල්ලකි. එය ජංගම දුරකථන වැනි භාණ්ඩ වන්දනාවේ ම තවත් කො‍ටසකි.  මම වසර ගණනාවක සිට ෆේස්බුක් ප්‍රොෆයිල් දෙකක් භාවිතා කර ඇත්තෙමි. මේ දෙකේ ම මිතුරු මිතුරියෝ දහසකට වඩා සිටිති. ඒ අතර සෑම තරාතිරමක ම පුද්ගලයෝ සිටිති. එහෙත්, ෆේස්බුක් වසංගතයක් යැයි සිතෙන අන්දමේ අත්දැකීමක් මට නම් ලැබී නැත. හුදකලාවෙන් පීඩා විඳින මිනිසුන්ගේ චැටිං ඇතැම් විට කරදරයක් වී තිබෙනමුත්, එය මග හැරිය නො හැකි දෙයක් නො වේ.  වැඩි දෙනෙක් ෆේස්බුක් වැනි සමාජ ජාල කෙරෙහි දක්වන්නේ උවමනාවට වැඩි උනන්දුවකි. මේ අධික උනන්දුව නිසා ම එහි කිසියම් ගුප්ත දෙයක් තිබෙන බවක්...