බාල චීන බඩු ලංකාවට එන එක නැවැත්විය හැකි ද?

ඉදිරි දින කීපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ කරන සංචාරය අතරතුර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

බාල චීන භාණ්ඩ මේ වන විට ලංකාවේ පාරිභෝගිකයන්ට මෙන් ම වෙළෙන්දන්ටත් හිසරදයක් වී තිබෙනවා. 

පසුගිය දිනෙක මා අමතා ලිපියක් ලියා ගත් එක් මහත්මයෙක් චීනයේ සංචාරයක් අතරතුරදී ගෙන ආ පෙන් ඩ්‍රයිව් තොගයක් නිසි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා ඔහු දැවැන්ත පාඩුවක් විඳගෙන තිබෙනවා. ඔහු උත්සාහ කළේ චීන රජයට ඒ පිළිබඳ පැමිණිලි කරන්නටයි. එහෙත්, එයින් කුමන ප්‍රතිඵලයක් ලැබුණා ද යන්න දන්නේ නැහැ. 

බාල චීන භාණ්ඩ නිසා මේ වන විට අප සෑහෙන්න බැට කා හමාරයි. එතරම් බාල විධියට භාණ්ඩ හදන්න පුළුවන්කමත් එක්තරා දක්ෂකමක් ය කියා හිතෙන තරම් බාල විධියට ලාභ ලබන්නට චීනයට පුළුවන්. 

එහෙත්, මා දන්නා තරමින්, චීනය ‍‍දියුණු රටවලට මෙවැනි කුණුකන්දල් නො යවන්න වග බලා ගන්නවා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හොඳම ජාත්‍යන්තර හිතවතා වුණේ චීනය වුණාට චීනය ලංකාව සූරා කෑවේ නම් අන්තිම නින්දිත වි්ධියටයි. බාල භාණ්ඩ මේ සූරාකෑමේ ප්‍රධාන ස්වරූපයයි. 

ලංකා‍වට බාල චීන භාණ්ඩ ගලා එන්නේ එක පැත්තකින් ලාංකික ව්‍යාපාරිකයන්ගේ තිබෙන අධික ලාභ ලැබීමේ කූට මානසිකත්වය නිසායි. 

චී‍නයේ මෙන් ම ලංකාවේත් සිටින මෙවැනි සටකපට වෙළෙන්දන් නිසා ලංකා‍වේ ජනතාවටත් චීනයේ ප්‍රතිරූපයටත් සිදු වන හානිය වළක්වා ගන්නට මේ වෙළඳ ගිවිසුම හරහා හෝ නියාමනයක් ඇති වෙනවා නම් එය ලොකු දෙයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. මල්කාන්තිගේ කටේ යන ඒවා.

      Delete
  2. චීන බඩු ඒ ඒ රටවල් වල ඉල්ලුමට ගහන්නෙ. ලෝකයේ සෙල්ලම් බඩු වෙලඳපොල අල්් තියෙන්නෙ චීන්නු. එයාල අපිට බාල බඩු දීල යුරෝපයට ඇමෙරිකාවට තත්වයෙන් උසස් භාන්ඩ යවනව.

    ReplyDelete
    Replies
    1. පැරා කියන හැමදේටම එකඟ වන අපේ රාජ් සහෝදරයාට විප්ලවීය ආචාරය!

      Delete
  3. //එක් මහත්මයෙක් චීනයේ සංචාරයක් අතරතුරදී ගෙන ආ පෙන් ඩ්‍රයිව් තොගයක් නිසි ලෙස ක්‍රියාත්මක නො වීම නිසා ඔහු දැවැන්ත පාඩුවක් විඳගෙන තිබෙනවා. ඔහු උත්සාහ කළේ චීන රජයට ඒ පිළිබඳ පැමිණිලි කරන්නටයි.//
    සියවසේ විහිළුව

    ReplyDelete
    Replies
    1. පුරවැසි මාධ්‍ය කරණයේ දැවැන්තයාගේ මිතුරෙක් වශයෙන් එතුමාටත් විශාල බලයක් තියෙනවා. බේජින් ඩේලි පත්තරේ ඊයේ කලාපයේ සඳහන් වුනා චීන ජනාධිපති ජින්පින් මහතා මේ ගැන පෞද්ගලිකවම මැදිහත් වෙලා හොයා බලනවා කියල.

      Delete
    2. මෙන්න ආර්ටිකල් එක. දැන් වත් උඹල කොමෙන්ට් කරන්න එන්නේ මොන වගේ තැනකටද කියල දැන ගනිල්ලා. මේක බොහොම අනුහස් තියෙන තැනක්

      假阳具一般使用对象都是女性 所以,女用阳具,仿真阳具也越来越多了 于是乎各种情趣电动假阳具出现 了 可以用来当成性交的性玩具之一。假阳具的材质大多为软硅胶,手感与人体肌肉组织相仿,并大部分有电池电力驱动
      仿真阳具的使用对象大多都是女性的多,当然,男同性恋之间也常使用这些东西,但还是女性居多,或者是夫妻男女之间为使得性爱更加的和谐而使用。仿真阳具品牌很多,基本功能都是一样的,像女用仿真阳具密探,它带给你的不只是满足感,还有成功的愉悦、激情的狂潮的快意,

      Delete
    3. පරිවර්තනය උනේ මෙහෙමයි...
      Dildo general use objects are women so female penis, penis simulation of the reason that more and more interesting variety of electric dildo appeared one that can be used as sex toys . Dildo mostly soft silicone material , feel and human muscle tissue is similar, and most have a battery electric drive
      Most simulation penis and more women are using the object , of course , also among gay men often use these things , but still mostly women , or to make sex more harmony between couples of men and women use . Simulation penis a lot of brands , the basic functions are the same as the simulation penis female spy , it brings you not just satisfaction , as well as the joy of success , passionate frenzy of pleasure ,

      Delete
  4. පැරා,

    අපේ අන්තර් ජාතික වෙළඳ උපායමාර්ග වලට වඩා චීනයේ අන්තර්ජාතික වෙළඳ උපාය මාර්ග වෙනස්. එකම භාණ්ඩය විවිධ මිල ගණන් යටතේ විවිධ වෙළඳ පලවලට විකිණීම චීනය,ජපානය හා කොරියාව වැනි රටවල් කරනවා.ඒ ඒ රටවල් ගෙවීමට කැමති මිල අණුව භාණ්ඩයේ කොලිටිය අඩු වැඩි කරනවා. මේ නිසා අපි කල යුත්තේ කොලිටිය වැඩි භාණ්ඩ චීනයෙන් ආනයනය කිරීම පමණයි.
    සමරසේකර

    ReplyDelete
  5. දැන් අපි හොයන්නෙ ඉන්දියන් බඩු වල කොලිටිය. (බඩු කියන්නෙ උන්මත්තකලගෙ බඩු නෙමෙයි, නිෂ්පාදනය කර එවන උපකරණ)

    ReplyDelete
    Replies
    1. චූටිපුතා බඩුවල කොලිටි හොයන්න ගිහිං ආතල් කඩාගන්නේ නැතුව මහින්ද එලවපු ෆන් එක ගන්න. ඇමතිල ගාන ගණන් කරන්න එහෙම යන්න එපා. මර්වින් ඇමතිතුමා නැතිවීම ගැන විතරක් කනගාටු වෙන්න.

      Delete
  6. පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාගේ මැදිහත් වීම නිසා බියෙන් වෙව්ලාගිය රනිල් මෛත්‍රී ඩබල මේ ගැන විමර්ශනය කිරීමට ඇමති තනතුරු සංඛ්‍යාව ඉහල දමන ලදී.

    ReplyDelete
  7. ජර්මන් කාර්වලට ගහන්න කාර් හදන්න කාටවත් බෑ අයිසේ...

    ReplyDelete
    Replies
    1. ජර්මනියේත් මසාජ් පොට් රන් කරන්නේ චීන බඩු අයිසේ.

      Delete
  8. opposites
    ------------------------
    Natural - Artificial
    Original - Duplicate
    ටොයියා = බයියා

    ReplyDelete
    Replies
    1. මමත් මේක ගැන ලියන්න හිටියේ. මේක තෙත් කලාපේ ගුරෙක්ගේ වැඩක්ද ? ඉගෙන ගන්න උන්ට සොරිම තමා!

      Delete
  9. පැරා , දොස්තරලා ගැන ලිපියක් නැත්තේ මොකද ? ජනතා හිතවාදී යහපාලන ජාතික ආණ්ඩුව අපහසු තාවයට පත් කිරීමට කැස කවන ජඩ දොස්තරම මාෆියාවට අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමු. ඕක මෙහෙයවන්නේ මහින්දට කඩේ යන දොස්තරෙක් නේද ?

    ReplyDelete
  10. චින බඩු ලංකාවෙ මාකට් වෙන්නෙ ලංකාවෙ බඩු වල කොලිටිය අඩු නිසා.... පැරාවත් යහපාලනෙන් පොට් එකකට එක්කන් ගිහින් චීන කෑමක් දුන්නනම් තේරෙයි......

    නැත්තම් මීමුරේ මාමාට කියන්න...

    ReplyDelete
    Replies
    1. පැරා
      කට්ටියට ඕනනම් චීනේ නිෂ්පාදිත FAW JAC වාහන නිරීක්ෂණය කලානම් දැනගන්න පුළුවන් චීන නිෂ්පාදන කොතරම් බාලද කියලා

      Delete
  11. චීන්නුන්ගෙ බඩු(නිශ්පාදන )වල කොලිටියගෑන රාජ්ගෙ කොමෙන්ට් එකේ පෑහෑදිලිව කියල තියෙනවා.යුරෝපයෙදී මේ නිශ්පාදන ඉහලම තත්ව පලනයකට යටත් කරල තියෙනවා.ඉලෙක්ට්‍රික් බඩුවල උපාන්ග(බෑටරි ඈතුලුව )විශෙසයි. කාර් ගෑන කියනවනම් ලොව හොදම කාර් ජර්මන් කියතෑකි(බෙන්ස්.බී.එම්. ඩබ්ලිව්,අවුඩි,ඕපල්,පොක්ස්වාගන්,-(ඉන්ග්‍රිසි වී අකුර ජර්මන් බාසා වේදී පව් ලෙස ශබ්ද කරයි.)නමුත් ලබන වසරෙදී කාටත් අමතකව ගිය 1950-60 දසක වල ලන්කාවෙත් ජනප්‍රිය වී තිබු, බොග්වාර්ඩ් රතය චීන ආයොජනයන් සමග ජර්මන් තාකශනයෙන් ජර්මනියේ.නිපදවයි.නිපදවීමට නියමිත රතයේ පොටෝ එකක් මුනු පොතේ දමන්නම්.(රන්ජන්)

    ReplyDelete
  12. ලෝකයේ මිල අදිකම ස්පොර්ට් කාර් එකක් වන පෝර්ශෙ ගෑන සදහන් නොවීම අඩුපාඩුවක්.(රන්ජන්)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා