ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගැනීමත් සමග මේ වන විට දේශපාලනය පූර්ණ අවුලක් බවට පත් වී තිබේ. 

ආණ්ඩුව හා විපක්ෂය හඳුනා ගන්නට බැරි තරම් නූල් බෝලයක් වී තිබේ. 

ශ්‍රීලනිපය ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුවේ ද, විරුද්ධ වෙමින් විපක්ෂයේ ද සිටියි. ජනාධිපති ශ්‍රීලනිපයේ නායකයා ය. මේ අතර ශ්‍රීලනිපයේ හිටපු නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පිටින් බලය ඩැහැගැනීම සඳහා ජනතාව බලමුළුගන්වමින් සිටියි. 

රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව, උපායමාර්ගය කුමක්දැයි අපැහැදිලි ය. එහෙම එකක් තිබෙනවා ද යන්න ද තේරුම් ගන්නට බැරි ය. 

මේ අවුල මැද අප ද අවුල් විය යුතු ද? නැත. එය ඔවුන්ගේ අවුලක් මිස අපේ අවුලක් නො වේ. අප බැලිය යුත්තේ අපගේ න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය. 

මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටලුව විසඳා ගත යුතුව තිබේ. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා නො තිබුණු පාර්ලිමේන්තු සහයෝගය දැන් ලැබී තිබේ ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නටත්, යහපාලනය පිහිටුවන්නටත් හේතු වේ. 

දූෂිතයන්ට දඬුවම් කිරීම ද යහපාලනයේ අනාගතය ස්ථාවර කිරීම සඳහා අත්‍යවශ්‍ය ය. එසේම ජනතාවගෙන් කොල්ල කෑ ධනය ආපසු ලබා ගත යුතු ය. සමාජ අපරාධවල යෙදුණු අය සිරගත කළ යුතු ය. සමස්ත සමාජය ම පුනරුත්ථාපනය කළ යුතු ය. 

මේ කාර්යයන් සඳහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය ය. මහින්ද රාජපක්ෂ වැනි මේ වන විට සිරගෙවල්වල සිටිය යුතු අපරාධකරුවන් බැඳ දැමිය යුතු ය. ඔවුන්ට නටන්නට පොළව සකසා දිය යුතු නැත. 

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත. 

අපට අවශ්‍ය දින වකවානු නො වේ. වෙනස නිර්මානය කිරීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කැබිනටි ඇමතිවරු 39
    නියේජ්‍ය ඇමැතිවරු 23
    රාජ්‍ය ඇමැතිවරු17

    යහපාලනයට දින 72

    ටොයි පුකවල් වල විශ්කම්භය අඟල් 72!

    ReplyDelete
    Replies
    1. ටොයියෙක්March 22, 2015 at 11:07 PM

      බයි පුකවල් වලට සදාකාලික විවේකය .

      Delete
    2. බයියෙක්March 22, 2015 at 11:43 PM

      මචං විමලේ උඔටත් උපන්දිනේ හරියට මතක නෑනේ...බං
      නැත්තං ...පකුං දාන ටොයියන්ගේ ප්ලග් ටික ගලවන්න තිබුනා සට සට ගාලා...

      දැන් නං විමලේ උඹට චන්ද්‍රකුමාරලාගේ ගෙදර තමයි නවතින්න වෙන්නේ. එතකොට අභ්‍යවකාශයේ ඉදලා ලෙමන් පෆ් ගෙනියන්න එන චයිනීස් නංගි කෙනෙක් එක්ක හඳටවත් ගිහිල්ලා පීඩිත පංති අරගලය කර කර ආතල් එකේ හිටිය හැකියි. නැත්නම් ඉතින් කඩුවෙල බුද්ධදාස සීයා හැමදාම වීමලේ බයිට් එකට ගනියි ඹ්ං ...
      අපි නං නෑ......හොඳේ..

      පීඩිත පංතියට ජයවේව !

      Delete
  2. The end justifies the means - Machiavelli

    මේක මහින්ද කරනකොට නරකයි
    රනිල් මෛත්‍රී අනුර-කුමාර කරනකොට හොදයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි අවුල් ද ?
      මහින්දට ගොට්ට අල්ලන් නැතුව පල

      Delete
    2. ඔව් අවුල්!
      මහින්දට ගොට්ට අල්ලන්න ඕනේ තරම් ඉන්නවා
      උඹ ගිහින් රනිල්ට පහන අල්ලපන්!

      Delete
  3. 100% එකඟයි පැරා. මය්ත්‍රී විසින් මේ ජනතා හිතවාදී කටයුතු නිම වෙන තුරු පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් මේ පාර්ලිමේන්තුවේ කාලය තව අවුරුදු 6 කට වැඩි කර ගැනීම ටත් කටයුතු කරන්න ඕන.
    ජනතාවට ජය වේවා
    නාම් ශ්‍රීලංකා නමෝ නමෝ තායි

    ReplyDelete
  4. බැසයන සඳ දෑතින්
    නවතා ගන්නට බෑ
    පරවෙන මල දෝතින්
    වලකා ලන්නට බෑ
    ඔබ බැසයන සඳ නම්
    ඔබ පරවෙන මල නම්
    රැක ගනිමිද කෙලෙසින් ?
    නාමල්

    ReplyDelete
  5. /අපට අවශ්‍ය දින වකවානු නො වේ. වෙනස නිර්මානය කිරීමයි. /

    2065 විතර බලමු හිටං.

    ReplyDelete
  6. කුස්සිය සුද්ද කරලා ඉවර කරනකම් හිටියොත් නාකි මම මැරිලා.

    ඒක නොවෙයි කළ යුත්තේ. ඉතිහාසය දිහා බලන්න. 1977දී ජේ.ආර්. විසින් මහ ඡන්දයෙන් පත් වුන නව මන්ත්‍රීවරුන්ව ව්‍යවස්ථා ලියන්න බලැති කමිටුවක් හැටියට අරගෙන ඒ හැම එක්කෙනාගෙන්ම පාර්ලිමෙන්තුවෙන් ඉල්ලා අස්වෙනවා කියා අස්සන් කරපු ලියුම් ගත්තා. ඉතින් ඒ අය පරණ ව්‍යවස්ථාව නිශ්ප්‍රභා කරලා අළුත්, ලැයිස්තු ක්‍රමය නීතිගත කළා.

    දැන් කළ යුත්තේ ඒ වගේම ඒක පිට පෙරලන එක විතරයි. එනම් ජේ. ආර්. 1977තේ පටන් ගත් ව්‍යවස්ථාව හා ඊට පසු කළ සියළුම ව්‍යවස්ථා සංශොධන නිශ්ප්‍රභ කර ඒ දිනට පෙර තිබුන ක්‍රමය යලි ක්‍රියාත්මක කිරීමයි.

    ඒක කරන එක ලේසියි. ඡන්දය ජන මතයක් ලෙස සලකන එක විතරයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ හැම අපේක්‍ෂකයාම මේ යෝජනාවට එකඟද නැත්ද කියලා ප්‍රතිඥා කර ගෙන (කොළවල අස්සන් අරගෙන) ඒ අනුව ඡන්ද දායකයන් ඡන්දය දෙන එකයි. පක්‍ෂ භේදයක් නෑ. ඒකට එකඟවුන අය වැඩි දෙනෙක් ආසන දිනුවොත් නිතැතින්ම ජන මතය සම්මත වෙනවා. එකේ සිටන් දහතුන හරහා හැම සංශොධනයත් ඒ එක්කම කාණුවට වැටෙනවා. වැඩේ සුද්දයි.

    එහෙම කොළයක් මුද්‍රණ කරගෙන හැම ඡන්දාපේක්‍ෂකයාටම දීලා 'එකඟ - නො‌එකඟ' කමට අස්සන් ගන්න එක ලේසියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ නම් ඒ ඒ කොට්ඨාශවල ඡන්ද දායකයන්ට දැනුවත් කරන්නත් අමාරුවක් නෑ. මේක නායකයන් පස්සේ ගිහිං කරන එකක් නොවෙයි. කවුරු හරි අපේ පැරකුම් වගේ තරුණයෙකුට කළ හැකියි.

    වැඩේ සම්පූර්‍ණයෙන්ම ප්‍රජාතන්‍රවාදියි. පිටරට හැමෙකාගේම කටවල් වැහෙනවා. (මම ව්‍යවස්ථා නීති හදාරපු කෙනෙක්).

    පාර්ලිමේන්තිවට ඕනේ අළුත් මුහුණුයි. කෑම මේසේ දැක්කාට පස්සේ ඒකට වහ වැටෙනවා නියතයි. ඒ නිසා අවුරුදු 10කට වඩා කාලයක් මන්ත්‍රීධූරයේ ඉන්න අවසර දෙන එකත් සීමා කළ යුතුයි. ඇයි මැත දොඩව දොඩවා ඉන්නේ නැතිව තරුණ අය ඡන්දයට එන්න ලෑස්ති නොවෙන්නේ? රටවැසි කම තිබුනා නම් මේ නාකියත් ඡන්දය ඉල්ලනවා. ඉදිරියට පලයව් කොල්ලනේ, කෙල්ලල්නේ!

    ව්‍යවස්තා සංශොධනය කටුකයි කියන්නේ දේශපාලන පක්‍ෂවල නායකයන් තමන්ට ගමෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට එන්න බැරිවෙයි කියලා හිතන නිසා හා මන්ත්‍රීන් පත් කිරීම ඒ ඒ කොට්ඨාශවල ජනයාට යෑමෙන් තමන්ගේ බලය අඩු වෙන නිසායි.

    ReplyDelete
    Replies
    1. /* ඒ නිසා අවුරුදු 10කට වඩා කාලයක් මන්ත්‍රීධූරයේ ඉන්න අවසර දෙන එකත් සීමා කළ යුතුයි. */

      Excellent.
      ඊට පස්සේ ඕනී නම් ජනාධිපති වෙන්න පුළුවනි.

      Delete
  7. පැරා මේ ආණ්ඩුවෙන් සත්‍ය යහ පාලනයක් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටමද? නැතිනම් සංකේතාත්මකවද? දියවන්නාවේ මඩ ගොහොරුවේ එක පොදියට දඟලන මඩ බරියෝ ඔක්කොම එකයි. මහින්ද රජාන්ඩුවට වඩා මේ ආණ්ඩුව ටිකක් හොඳ වුනාට යහ පාලනයක්නම් බලා පොරොත්තු වෙන්න බෑ.
    අර ඊජිප්තුවේ මිනිස්සු අමාරුවෙන් අධිපතියෙක් (මුබාරක්) පන්නලා ඉවසීම නැති වීම නිසා යම් තරමකට තිබුණු ජනාතාන්ඩුව වෙනුවට වෙන අධිපතියෙක් පත් කරගෙන (සීසී). ලංකාවේ දැන් යම් තරමකට තියෙන ජනාතාන්ඩුව වෙනුවට අයෙත් අර කාලකන්නි පවුල අවොත් ලංකාවට වෙන්නෙත් ඒකයි.

    ReplyDelete
  8. අවුරුදු 10 ක් තිස්සේ මංකොල්ලකාරි ඒකාධිපතියෙක් විසින් විනාශ කළ රටක් එක පාරටම ඒ සිස්ටම් එකෙන් වෙනස් මගකට ගන්න අමාරුයි.. ඒක ඔරොත්තු දෙන්නෙත් නෑ.. මම හිතන්නේ සිරිසේන උන්නෑහේ දැන් ඒක අවබෝධ කර ගෙන තියෙන්නේ..

    කොහොමත් සන්ධානේ කුඩු වෙන එක නම් එජාපයට වාසියි...

    මහින්ද මහතයට කරන්න බැරි උන එකම දේ දැන් කරනවා.. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානය සුණු විසුණු කරන එක..

    කමෝන් මහින්ද.. කීප් ඉට් අප්..

    ReplyDelete
    Replies
    1. මහින්ද අවුරුදු 10ටම කාපුවට වඩා උඹලගේ පොන්න හාමු දවස් 60 ගැහැව්වේ!

      Delete
    2. ඩොලර් බිලියන 13 ක්.......????????????????????????
      අපේ රටේ විදේශ වත්කම් ප්‍රමාණයත් ඩොලර් බිලියන 7-8 ත් අතර...

      මාර කෑමක් නේ......?????????????????????????????//

      Delete
  9. අපොයි....යහ පාලනයට ගිය කළක්....හිටO....

    ReplyDelete
  10. අහිනව අමාත්‍ය ඇස් බී දිසානායක මැතිතුමාට දිගාසිරි පතමු!

    යහපාලනය දිනේවා!!

    පැරාගේ සරම රැකේවා!!!

    ReplyDelete
  11. ඔන්න පැරා නම් හොරු සමග හෙළුවෙන් නෙමෙයි හරිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා