මහින්ද කැම්පේන් එක ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම් දෙමු

ඊයේ මහනුවර පැවති මහින්ද අගමැති අපේක්ෂකයා කිරීමේ රැළිය පැති ගණනාවකින් අසාර්ථක ය. 

එක පැත්තකින් රැළියේ ජන සහභාගිත්වය නුගේගොඩ රැළියට සාපේක්ෂව ඉතා අඩු ය. එසේ ම, එයට සහභාගි වූ දේශපාලන නායකයන් හා මහජන නියෝජිතයන් සංඛ්‍යාව අවම ය. 

එපමණක් නොව මහින්ද අගමැති අපේක්ෂකයා කරන්නට පවත්වන රැළි මාලාවේ දෙවැන්නටවත් මහින්ද නැත. මහින්දගේ ප්‍රකාශයක්වත් කියැවුණ බවක් දැනගන්නට නැත. 

දැන් මේ පිරිසට මේ වැඩේ අවසන් කරන්නට කාලය එළැඹ තිබේ. මහින්දගෙන් ගොඩ යන්නට නම් ඔක්කොට ම ඉස්සර මහින්ද එතැන සිටිය යුතු ය. 

මහින්ද තවමත් ඉන්නේ අතීරණයක ය. ඕනෑවට වඩා නටන්නට ගියහොත්, ඔහුට හා ඔහුගේ පවුලට එරෙහි ක්‍රියාමාර්ග ඉක්මණ් වන බව ඔහු දනියි. එ‍සේම, තම පුතුන්ගේ අනාගතය අවදානමට ලක් කරන්නට ද ඔහු සූදානම් නැත. 

මෙම තත්වය හමුවේ මහින්දගෙන් ගොඩ යන්නට හදන අය දැන් ඉතින් එක්කෝ මේ වැඩේ අල්ලලා දැමිය යුතු ය. නැතිනම් කුමාර් වෙල්ගම, ප්‍රසන්න රණතුංග වැනි අය මෙන් කතාවට පමණක් සීමා විය යුතු ය. එහෙමත් නැතිනම්, මහින්ද සමග කේවෙල් කර මහින්දව වේදිකාවට ගෙන ආ යුතු ය. 

මහින්ද ඉදිරියට එන එක ගැන වැඩියෙන් ම කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. මන්ද, මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩූ විට එහි වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. මහනුවර රැළිය එක්සත් ජාතික පක්ෂයටත් බරපතල ගැටලුවක් නිර්මානය කර තිබේ. 

මහින්ද කැම්පේන් එක දැන් බරපතල අවුලක ය. විමල්, දිනේෂ්, වාසු, උදය ජාතිවාදී හවුල දැන් කරනු ඇත්තේ කුමක් ද යන්න වැදගත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සංවේගයෙන් දැනුම් දෙමු කියාලා ලියාලා තිබ්බාට පැරා තන්තෝෂයෙන් ඉපිල ගොහින්ය, මොක නැතැත් යුඇම්පියට කෙළවුනොත් ඒ ඇතිය, නෙවෙද?

    ReplyDelete
  2. මම දන්න තරමින් මහින්දගේ ප්‍රකාශයක් ටිකිරි කොබ්බෑකඩුව විසින් කියවූවා.

    ReplyDelete
    Replies
    1. පැරාගේ ආතල් කඩන්න එපා බං :P

      Delete
    2. දයාන් ජයතිලකත් පොල්ල තිබ්බා කියන්නෙ විමලයට බඩු බනිස් තමයි. මහින්දට අඩුම ගානෙ තව අවුරුදු කීපයක් මැදමුලන ප්‍රදර්ශන භාණ්ඩයක් පමණක් වීමේ අවස්ථාව තියෙනවා.

      Delete
  3. මම නම් හිතන්නේ රැළිය අති සාර්ථකයි.. නුවර පැලෙන්න සෙනඟ ඉඳලත් තියෙනවා.. පළාත් සභාවල උන් මෛත්‍රීපාලගේ පුකටම ගැහුවා.. උන්ට මෛත්‍රිපාල කියන්නේ ද්‍රෝහියෙක්, කොඳ පණ නැති පඹයෙක්. මහින්ද කියන්නේ පොරක්, රජෙක්, පිරිමියෙක්.

    හැබයි පැරා කියන එක දේකුත් ඕකෙන් වෙනවා. මහින්දට ළඟදීම ප්‍රජා අයිතිය අහෝසී වෙනවා. කොහොමත් රාජපක්ෂවරුන්ට මේ රටේ දේශපාළණය තුල කිසිම ඉඩක් නෑ. ඒ පස්සේ යන උන් සියල්ල අනාථම වෙලා යනවා. එංගලන්තෙ ගියපු මෛත්‍රී නෙමෙයි ආපහු එන්නේ...

    ReplyDelete
    Replies
    1. /මම නම් හිතන්නේ රැළිය අති සාර්ථකයි.. නුවර පැලෙන්න සෙනඟ ඉඳලත් තියෙනවා./

      ඇත්ත තමයි මාත් දැක්කා දළදා මාළිගාවෙ වහලෙ උඩත් නැඟගෙන මිනිස්සු රැළිය බලනවා.

      Delete
    2. ඒ ඊයේ පොඩි රෙපයාර් එකක් තීලා තියෙනවා... අනික එතනට මීටිම පේන්නේ නෑ...

      Delete
    3. ////නුවර පැලෙන්න සෙනඟ ඉඳලත් තියෙනවා..////

      මහයියාවේ කනත්ත ළඟ බස් 150 ක් විතර ගාල් කරලා තිබුණා.

      Delete
    4. ඩිපෝව කිට්ටුව සෙනඟ උන්නා නිසා.. මහනුවර බස් එතන ගහන්න ඇති...

      Delete
    5. ////ඩිපෝව කිට්ටුව සෙනඟ උන්නා නිසා..////

      මහනුවර දකුණ ඩිපෝව තියෙන්නේ පේරාදෙනිය පාරේ, ටවුමට හුඟාක් දුරින්. මහනුවර උතුර ඩිපෝව තියෙන්නේ ටවුමට පිටින් නුගවෙල කියන ගමේ. ඒ ඩිපෝ දෙක ළඟ සෙනඟ හිටියේ නැහැ.

      Delete
    6. ප්‍රියන්ත හේවගේ තුරුම්පු හිඟයකින් පෙළෙන බවක් පෙනී යයි. ;)

      Delete
  4. Nipuna WanninayakeMarch 7, 2015 at 9:50 AM

    මරාව ආයෙත් ගේන්න රටේ දුප්පත් මිනිහට ඔනෑකමක් නෑ.. ඌ මරා යුගයේ තිබ්බ ජීවන බර දන්නවා..
    සුලුජාතීන් එහෙම හිතන්නෙවත් නෑ..
    යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන යමක් කමක් දන්න උගත් සිංහල මිනිස්සුන්ටත් මහින්ද ගෙන ඒමේ අමාරුවක් නෑ..

    ඔය මරා-මේනියාව හැදිල තියෙන්නේ ලංකාවේ සිංහලබෞද්ධ, අර්ධ නාගරික, මැද හා පහල මැද පන්තිවල ඉන්න වැඩි උගත්කමක් නැති බයියලා ටිකට විතරයි..
    උන් තමන්ගෙ අතට කීයක් හරි එන නිසා මහින්දගෙ ආර්ථික ඝාතනය නොදැක්ක, කවදත් ජාතිවාදෙන් ආතල් ගත්තු, තමන්ගෙ ජාතිය/ආගම "ලොකු එක" කියල පෙන්නන්න ආස සෙට් එකක්..

    ඒකයි මහනුවර, අනුරාධපුරය පරදිද්දී 138 රූට් එකේ මරා දිනන්නෙ..

    බයවෙන්න එපා... මරා අයිත් එන්නෑ..

    ReplyDelete
    Replies
    1. //ඔය මරා-මේනියාව හැදිල තියෙන්නේ ලංකාවේ සිංහලබෞද්ධ, අර්ධ නාගරික, මැද හා පහල මැද පන්තිවල ඉන්න වැඩි උගත්කමක් නැති බයියලා ටිකට විතරයි..//

      එතකොට උඹ කියන්නෙ සා-රස, ම.සොපි වගේ අයත් ඔය කුළකයෙ කියලද? නෑ වෙන්න බෑ!!!

      Delete
    2. මහින්දට උනෙත් ඕකම තමයි. තමන්ගේ බලය රැඳිලා තියෙන (සාමාන්‍ය) මිනිසුන් කවුද කියා හඳුනා නොගැනීම සහ ඔවුන් සහ ඔවුන්ගේ හිතවාදී අදහස් ඉග්නෝ කර කේන්දර කාරයන් , ඩිල් කාරයන් ,බැසිල් මර්වින් , දුමින්ද වැනි අවස්ථාවාදී පුද්ගලයන් මාර්ගයෙන් බලය පවත්වා ගැනීමට අදහස් කිරීම.

      මේ කිසි නිපුනත්වයක් නැති මෝඩය ටත් තියෙන්නේ තමන්ගේ හිතවාදීන් කුලකය වගේම තමන් සතුරන් ලෙස ගන්නා කුලකයද හරි හැටි තෝරා බේරා ගැනීමට නොහැකි වීමේ අර්බුදයයි.

      යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනකොට මට සද්දෙට පඩයක් ගියා පැරාගේ මේ ලිපිය මතක් වෙලා නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු.

      Delete
    3. ජනක විජේසූරියMarch 7, 2015 at 12:19 PM

      ප්‍රභාකරන්ද ඒකාධිපති මානසිකයකුද මැරුණ පසු රටක්ම ගියා උතුරට ඉතිරි නටඹූම් දැක්මට.අද දකුණට යයි එබදුම ඒකාධිපදි වියරු ව ජීවමානව රෑපකායවම දැකුමා!!!

      Delete
    4. ම.සො.පි,

      ඩී ඇස්ගෙ ඉඳලම ලංකාවෙ පාළකයො තමන්ව ඇත්තටම පත් කරේ කවුද නොදැන සේවය කරේ, කන්දුන්නෙ වෙන කට්ටියකට. ඔය ගැන මාටින් වික්‍රමසිංහගෙ උපන්ද සිට පොතෙත් තියෙනව, සහ අපි අපි උපන්දා සිට අත් දකිනව. අවුරුදු 70 වෙන්න ඇවිල්ලත් පාලකයො හිතන්නෙ එදා වගෙම තමා!

      Delete
    5. //ගෝඨාබය රාජපක්ෂත මහතා අද ගල්කිස්ස උසාවියට පැමිණ සිටියේ මිග් ප්ර හාරක යානා මිලදී ගැනීමේදී අකරත්පමිකතා සිදුව ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත විසින් පල කල වාර්තාවතක් සම්බන්ධයෙන් ඔහු පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙනි.

      ඔහු පැමිනෙද්දී එහි සිටි සියළු දෙනා නැගිට සිටීම විශේෂ සිදුවීමකි.
      අදාල පුවත හේතුවෙන් තම කීර්ති නාමය වූ හානිය වෙනුවෙන් රාජපක්ෂඩ මහතා රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවාර තිබූ අතර පුවත්පත විසින් මේ සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම නිසා එම නඩුව සමථයකට පත්විය.//

      දැන් බලන්න ඉන්දික. චන්දයෙන් සහ දුෂ්ට නීච අවස්තාවාදයෙන් අගතිගාමී නොවී ....මෙතන කොමෙන්ට් කොටන අනික් අය වගේ නොවී. යහ පාලන නඩේ පතුරපු නීච බොරු එකින් එක මේ වගේ පුස්ස වෙලා යනකොට (කෝ ලම්බෝගිනි , කෝ මන්දිර , කෝ රට වටේ ගෙවල් , කෝ බිලියන ගණන් ගහපු කොමිස් ) ඔබ බුද්ධිමත් පුරවැසියෙක් නම් ඔබ කියන්නේ මෝඩයෙක් වගේ ඒ බොරුවේම තව දුරටත් මට ගැලිල ඉන්න කියලද ??

      I have a conciseness. I know how to distinguish truth from lie/ propaganda. If you want to convince me otherwise show me the facts. Don’t insult my intelligence by blabbering bullshit to me. And IMPORTANTLY there are many Srilankans like myself. That’s what dumb idiots like Nipuna Wanninayake will never understand (or choose to ignore)

      Delete
    6. ම.සො.පි

      මහින්දගෙ සිරිසේනගෙ හෝ රනිල්ගෙ වාතෙත් සුවඳයි කියන මිනිසුන් ගැන මට ඇත්තෙ අපුලක්. ගොං කං, අමනකං සහ ප්‍රෝඩාව කවුරු කරත් වැරදියි!

      //If you want to convince me otherwise show me the facts. //

      දැන් ඔය උඩ සී නිව්ස් ප්‍රවෘත්තිය ගමුකො.

      සන්ඩෙ ලීඩර් එක ලසන්ත මලාට පස්සෙ "අසංග සෙනෙවිරත්න" කියන මහින්දගෙ පුත්තුන්ගෙ රගර් කෝච් අරගත්තනෙ (මිනිස්සු කිය්න්නෙ ඔය රගර් කෝච් ඒකට වියදන් කරෙත් ම්හින්දලගෙම සල්ලි කියල). කොහොම උනත්, අසංග කියන්නෙ මහින්දලගෙ පිලේ හොඳ කකුලක්. එතකොට අදාල මිග් කතාව ඇත්ත හෝ බොරු උනත් මේ වෙලාවෙ ලීඩර් එක ගෝඨගෙන් සමාව ගන්න එකේ වාසිය ගෝඨටම නිසා, මහින්දගෙ ඒ කකුල, මහින්දගෙම මේ කකුලෙන් සමාව ගන්නව. කොහොමද ප්‍රොපගැන්ඩ එක?

      අනෙක් අතට උසාවිය මේ මනුස්සය එත්දි නැගිට්ට කියන එකේ තේරුම "එක්කො හිටපු උන්ගෙ තියෙන දීන කම, එහෙම නැත්තන් තමන්ගෙ මිනිස්සු ටිකක් කලින් වාඩි කරල තියල නැගිට්ටල, ඒත් නැත්තන් මේක අතේ රෝලක්". මොකද මහින්ද එනකොට නැගිටින එක පිලිගන්න පුලුවන් උනත්, ගෝඨ එනකොට?

      ප/ලි

      අපි ඕනම සේවකයෙකුට මාස තුනක පරිවාස කලයක් දෙනව, වැඩ පෙන්නන්න. ඒ නිසා මම පුද්ගලිකව මේ ආන්ඩුවෙ අඩුපාඩු දැක්කට, කෑ ගහන්න ඉක්මන් වෙන්නෙ නෑ. බලමු, අර්ජුනලට එහෙම මේ ලැබෙන අවසාන අවස්ථාව වෙන්න පුලුවන්!

      Delete
    7. //සන්ඩෙ ලීඩර් එක ලසන්ත මලාට පස්සෙ "අසංග සෙනෙවිරත්න" කියන මහින්දගෙ පුත්තුන්ගෙ රගර් කෝච් අරගත්තනෙ (මිනිස්සු කිය්න්නෙ ඔය රගර් කෝච් ඒකට වියදන් කරෙත් ම්හින්දලගෙම සල්ලි කියල). කොහොම උනත්, අසංග කියන්නෙ මහින්දලගෙ පිලේ හොඳ කකුලක්. එතකොට අදාල මිග් කතාව ඇත්ත හෝ බොරු උනත් මේ වෙලාවෙ ලීඩර් එක ගෝඨගෙන් සමාව ගන්න එකේ වාසිය ගෝඨටම නිසා, මහින්දගෙ ඒ කකුල, මහින්දගෙම මේ කකුලෙන් සමාව ගන්නව. කොහොමද ප්‍රොපගැන්ඩ එක?//


      එක මඩක් පුස් වෙලා යනකොට ඒක වහන්න ඒක එක්ස්ටෙන්ඩ් කරලා හරෝල , කරකවල වෙනජාතියේ වෙන වෙර්ශන් එකකින් ගෙන එන නීච වැඩේ දැන් වත් නවත්තපන් බං. ඔය ඇති.... අප්‍රසන්නයි දැන් ඕව අහන්නත්.

      එහෙම දුෂණයක් වෙලා තියෙනවනං යහපාලන ටොයියෝ ඒවා පරක්ෂණ කරලා දඬුවම් දෙයි නේ. පුළුවන් නං කැමරාකාරයෝ ටිකකුත් අරගෙන සිත්තර පත්තරේ ෆයිල් එකේ දාගෙන දුෂණ වංචා කොමිසම ඉස්සරහට ගිහිල්ල පොඩි ෂෝ ඔෆ් පාරක් දාන්න කියහන් ...

      මඩ ගූ බාල්දි යහපාලන ටොයියන්ගේ ඔලුවේ නැවෙන තවත් තැන් මෙතනින්
      http://www.mahinda.info/archive/internet-allegations/

      Delete
    8. ම.සො.පි

      රංජ වැඩිපුර කරන්නෙ නාගන්නවය කියන එක ගැන තර්කයක් නෑ. ඌට එකනෙ "පශු සම්පත්" ඇමතිකමම දුන්නෙ :)

      උඹ දීපු ලින්ක් එකට ගියා. ඒක අර කම්බ හොරා අභීතයලගෙ සෙට් එක කරන සයිට් එකනෙ, ඒකෙ ඒව ගැන කතා කරල වැඩක් නෑ.

      ඒතෙ එකක් දෙකක් ගැන කෙටියෙන් යමක් කියන්නං.

      කන්කසන්තුරේ මන්දිරේ - ලංකාවෙ නීතියක් තියෙනව මහාපරිමාණ ගොඩනැගිලි ඉදිකිරීම් වලදි ඒව ගැන මූලික විස්තර සහිත පුවරුවක් මහජන ප්‍රර්ෂනය සඳහා අදාල වැඩ බිම අසල සවිකරන්න ඕන කියල. මේ මන්දිරේ එහෙම එකක් තිබ්බනං ඕක "ජනාධිපති මන්දිරයක්" කියල අසල්වැසියො නොමග යන්නෙ නෑනෙ.



      රනිල් අරලියගහ මන්දිරයේ මල් පෝච්චි ඉවත් කීරිම -

      // ඉංජිනේරු බලකාය යනු ඉදිකිරීම් කටයුතු සඳහාම යොදා ගන්නා, හමුදාවේ සිවිල් අංශයයි. එහෙත් මෙම මල් පැල ඉවත් කිරීමට යොදාගෙන තිබෙන්නේ යුද හමුදාවේ සෙබලුන් බවයි දක්නට ලැබෙන්නේ. පහත පින්තූරයේ ලොරියේ අංකය බලන්න.// ඔය කතාවම ඇතිනෙ. තව මම මොනා කියඳ?


      ඩුබායි හෝටලය වැටලූ රංජන් රාමනායක අමාරුවේ -

      ප්‍රසිද්ධ හොටෙල් එකක් ඇත්ලට යන ගෙස්ට් කෙනෙකුට ඒක වීඩියෝ කරන්න පුලුවන් බවත්, ඒකෙන් හොටෙල් එකේ ඉන්න ගෙස්ට්ලගෙ ජීවිත අවධානමකට ලක් වෙන්නෙ නැති බවත් නොදන්නෙ හෝටල් වලට නොගිය උන් තමා.


      ම.සො, මේ ගැන වාද කරන එක තේරුමක් නැති වැඩක්. ඒ නිසා බලං ඉමු මොකද වෙන්නෙ කියල.

      Delete
    9. Den jeewana bara adu welada ?
      Anika Oya maara mole thiyana yahapaalana kattiya 2016wenakota therum gani India US UK agenda ekakata Kade giya kiyala.
      Ethakota parakku wedi

      Delete
  5. පැරකුම් මහතා,

    සංවේගාත්මක කාරණය නම් ඔබට ලැබෙන තොරතුරුවල සාවද්‍ය භාවයයි.එක්කෝ ඔබට නිවැරදි තොරතුරු ලැබෙන්නෙ නැහැ . නැත්නම් ලැබෙන තොරතුරු වලට ඔබ අකමැති නිසා බොරු ලියනවා. පැරා ඔබ කැමති මත අපට අපට බලෙන් කවන්න බොරු ලියන්න හදන්න යන්න එපා. ඒ අතින් මාතලන් නිවැරදියි. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට අකමැතියි . ඒ මතය අපට කීමට ලිපි ලියනවා. නමුත් සත්‍ය පිලිගන්නවා.
    මම මේ රැස්වීම බලන්න ගියා.ඒ ගියේ මහින්දට චන්දය දුන් ලක්ෂ 58න් මමත් එක් අයෙක් නිසා.මහින්දගේ මොන වැරදි තිබුනත් (ඔහුට උවමනා නම් ඒවා හදාගන්න පුළුවන්) අද මේ රටේ නැති වුනේ සිංහල ජාතිකත්වය.ඒක නැවත ගොඩ නැංවීමට තැත් කරන ඕනෑම අයකුට සාමාන්‍ය සිංහලයෝ කැමතියි. එතන එදා සිටි වැඩිහරියක් ඒ සාමාන්‍ය සිංහලයෝ.ඔබට වෙලාවක් තියෙනවා නම් නැත්නම් ඔබ කැමති නම් රැපියෙල් තෙන්නකෝන් සුරින්ගේ වවුලුව කවි පොතේ එන පහත සඳහන් කවියේ තේරුම සහ එහි නිධාන කතාව විමසා බලන්න.

    යොන්හුට නැගෙත කුඹ ගස මත නැව ගිලෙ ත
    දුම්කුඩු හෙප්පුවට හින යන කලට අ ත
    දෙන්නට උවමනට සරිලෙස ලොව සිරි ත
    දැන් මෙහි හොවති වලගම්බාවෝ අන ත

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. කැම්පේන් එක නෙවෙයි, මහින්ද ස්වර්ගස්ථ වේවා යන්න මගේ පැතුමයි.

      Delete
    2. AnonymousMarch 7, 2015 at 3:57 PM @
      ඔය කතාව උතුර නැගෙනහිර හැර වෙන තැනක ප්‍රසිද්ධියෙ කියන්න එපා උඹට මිනිස්සු අල්ලගෙන ගහයි.
      උඹ .යූඇන්පියට කුලියට ලියන බඩගැත්තරයෙක් වෙන්න ඇති. රටේ බහුතරය එහෙම නොවෙයි.

      Delete
    3. එතකොට උඹ කියන්නේ උතුරු නැගෙනහිර දෙපළාත ලංකාවේ කොටසක් නෙවෙයි කියලද?

      Delete
    4. @AnonymousMarch 7, 2015 at 4:32 PM
      රටේ බහුතරය ලක්ෂ 62 යි.

      ලක්ෂ 62 කියන්නේ ලක්ෂ 58 ට වඩා වැඩි බව උඹට තේරෙන්නේ නැද්ද ගොනෝ?

      Delete
    5. සමරසේකර මැතිතුමනි,

      /////මහින්දගේ මොන වැරදි තිබුනත් (ඔහුට උවමනා නම් ඒවා හදාගන්න පුළුවන්) අද මේ රටේ නැති වුනේ සිංහල ජාතිකත්වය.//////

      වැරදියි..... අද මේ රටේ නැති වෙලා තියෙන්නේ රාජ්‍යානුග්‍රහය ලැබුණු සිංහල ජාතිවාදයයි. ඒක නම් ඉතා හොඳ දෙයක්.

      Delete
    6. සිංහල ජාතිකත්වය නැතිවුණාකියලා පොලීසියෙ ඇන්ට්‍රියක් දාලා බලන්න. හොයා ගන්න පුළුවන් වෙයි සමහරවිට. කවුරුත් ඔය විටිනාකමක් නැති දේවල් හොරකං කරන්නෙ නෑ අංකල්.

      Delete
    7. AnonymousMarch 7, 2015 at 7:14 PM

      හරියට හරි, ඔන්න දෙමල ජාතිවාදය හරි මුස්ලිම් ආගම්වාදය වගේ ඩොලර් රියල් ලැබෙන්නේ නැහැනේ

      Delete
    8. සමරසේකර මාමේ ---
      [[[[මහින්දගේ මොන වැරදි තිබුනත් (ඔහුට උවමනා නම් ඒවා හදාගන්න පුළුවන්)...]]]]

      මාමේ, මහින්ද දේශපාලනයට ඇවිත් දැන් වසර 45 ක් වෙනවා. එයා අවුරුදු 45 ක් තිස්සේ හදා නොගත්තු වැරදි ඉදිරියේදී හදා ගනී කියලා මාමා හිතනවා නම් ඒ මාමාගේ මෝඩ අදහසක්.

      අනික, මහින්ද "සිංහල ජාතිකත්වය" හයිජැක් කරපු කෙනෙක්. ඔය "සිංහල ජාතිකත්වයට" මෑත කාලයේ දී ඉස්සෙල්ලාම කර ගැහුවේ දිනේශ්. ඊට පස්සේ පනික්කියා. දැන් අලුතින්ම ඒකට කර ගහ ගෙන ඉන්නේ වාසු රැවුලා. 1989 දී මහින්දයි වාසුයි ජෙනීවා ගිහිල්ලා ලංකා රාජ්‍යයට විරුද්ධව අධිරාජ්‍යවාදීන් එක්ක බුදිය ගත්තා මාමාට මතක ඇති.

      මහින්ද එතකොට ඔය "සිංහල ජාතිකත්වය" ඊ.ඒ.පී. එදිරිසිංහ එකට උගස් කරලාද ජෙනීවා යන්න සල්ලි හොයා ගත්තේ?
























      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කොහොමත් මහින්ද මහත්තයාගේ ප්‍රකාශ මෙහි කියවෙන්නේ නැත මන්ද මෙම රැස්වීම් මාලාවේ කියවෙන්නේ විමල් විසින් ලියනලද මහින්ද විසින් අනුමත ලිපි වේ. එවැනි ලිපියක් ටිකිරි විසින් කියවා තිබේ . පැරකුම් මහත්තයෝ, දයාන් ජයතිලක පොල්ල තියපු හේතුව හොයාගන්න පුලුවන්ද ?

    හර්ෂ දීපාල්

    ReplyDelete
  8. මේකේ කොමෙන්ට් දාන උන්දැලා, ඇයි බන් උඹල මේ මෙලෝ රහකට නැති බ්ලොග් පාඩන්ගුවක කොමෙන්ට් කොටන්නේ ????

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇයි බං උඹ ඒවා කියවන්නෙ?

      Delete
    2. //ඉතින් ඇයි බං උඹ ඒවා කියවන්නෙ?// +++++++++++++++++++ :D

      Delete
    3. "AnonymousMarch 7, 2015 at 3:28 PM
      මේකේ කොමෙන්ට් දාන උන්දැලා, ඇයි බන් උඹල මේ මෙලෝ රහකට නැති බ්ලොග් පාඩන්ගුවක කොමෙන්ට් කොටන්නේ ????"

      අනේ බන් AnonymousMarch 7, 2015 at 3:28 PM, කොමෙන්ට් නැත්නම් නේ ගොබ්බ්යගේ බ්ලොග් පඩන්ගුවේ ගතයුතු මුකුත් නැහැනේ!

      Delete
  9. කැම්පේන් එක නෙවෙයි, මහින්ද ස්වර්ගස්ථ වේවා යන්න මගේ පැතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කතාව උතුර නැගෙනහිර හැර වෙන තැනක ප්‍රසිද්ධියෙ කියන්න එපා උඹට මිනිස්සු අල්ලගෙන ගහයි.
      උඹ .යූඇන්පියට කුලියට ලියන බඩගැත්තරයෙක් වෙන්න ඇති. රටේ බහුතරය එහෙම නොවෙයි.

      Delete
    2. එතකොට උඹ කියන්නේ උතුරු නැගෙනහිර දෙපළාත ලංකාවේ කොටසක් නෙවෙයි කියලද?

      Delete
    3. @AnonymousMarch 7, 2015 at 4:33 PM.

      රටේ බහුතරය ලක්ෂ 62 යි.

      ලක්ෂ 62 කියන්නේ ලක්ෂ 58 ට වඩා වැඩි බව උඹට තේරෙන්නේ නැද්ද ගොනෝ?

      Delete
    4. මහින්දයා එකපාර මැරෙණවට මම කැමැති නෑ. අපේ සල්ලි හොරා කාපු ඒවට හරියන්න කාලයක් අපා දුක් විඳලා මැරෙනවා නම් තමයි මම කැමැති.

      Delete
  10. මහින්ද යනු දැන් වයස අවුරුදු 70 පිරුණු මහල්ලෙකි. ඔහුගේ ජීවිතයේ හොඳම කාලය ඔහු ගෙවා අවසන් කර ඇත. මින් ඉදිරියට ඔහුට මෙරටට දායක කිරීමට කිසිවක් ඉතිරි වී නැත. ඔහු දැන් කළ යුත්තේ බණක් භාවනාවක් කරමින් පරලොවට වැඩ දායක දෙය ලෙස යමක් කිරීමයි.

    ReplyDelete
  11. අනූවේ දශකයේ මුල හරියේ මහින්ද රාජපක්‍ෂ ටෙලියක රඟපෑවා. ඒ කාලේ පොර විපක්‍ෂයේ. ඒ චරිතය ඇමතියෙකු ගේ එකක්. ඇමතියා තරුණයින්ට තැන දෙන්න ඕනෑය කියලා ඇමතිකමෙන් ඉල්ලා අස් වෙනවා.

    මට මතක හැටියට, ඒ තනතුර ඊට පස්සේ ලැබුණේ, ගාමිණී ෆොන්සේකා ගේ පුතා නිරූපනය කළ චරිතයටයි.

    මහින්දට ඒ කතාව තාම මතක ඇති!

    ReplyDelete
    Replies
    1. ඒ රන්ජන් සිල්වාගෙ ජරා ටෙලියක්.මහින්දගේ දේශපාලනේ වගේමයි රන්ජන්ගෙ ටෙලි නාට්ටිත්. පීචන්

      Delete
    2. මට මතක විදියට නම් ඒ නාට්‍ය රන්ජන් ද සිල්වා ගේ නෙවෙයි.

      Delete
    3. ජයන්ත සිල්වා අධ්‍යක්ෂණය කල “උදාගිර“

      Delete
  12. මහින්ද බලයේ ඉන්න කාලේ ලංකාවේ අනික් දේශපාලන පක්ෂ දෙකට තුනට කඩලා ආතල් ගත්තා,දැන් මිනිහා මිනිහාගේම පක්ෂේ කඩලා මාර ආතල් එකක් ගන්න හදන වෙලාවේ පැරා මහින්දගේ ආතල් කඩන්න යෑම් නං ඒතරං හොඳ නෑ.

    ReplyDelete
  13. ජාතිකවාදය නමින් ජාතිවාදය පවත්වාගෙන යන තුරු මහින්ද කම්පෙණය ජීවමානව තිබෙනු ඇත.

    ReplyDelete
  14. meka liyana eka wesige pakek.. thota wedi wadila merenna thibune

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා