බැසිල් පැන්නේ ඇයි?

බැසිල් ගොයිං හෝම්
ඡන්දය පැරදුණු සැණින් බැසිල් රාජපක්ෂ රටින් පැන්නේ ය. 

යන බවක්වත් තමන්ට නො කී බවත්, ගිය පසු හෝ තමන්ට කතා නො කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මෑතදී පුවත්පතකට කියා තිබිණි. 

බැසිල් හා මහින්ද අතර ද ආරාවුල් තිබුණු බව වාර්තා විය. විශේෂයෙන් ම මහින්දගේ පුත්තු බැසිල්ට බරපතල අන්දමින් චෝදනා කළ බව වාර්තා විය. 

මේ අතර චමල් රාජපක්ෂ ද වෙනස් මාවතක යන බව පෙනේ. 

මහ ලොකු ස‍හෝදර සමාගමටත් කෙළ වී තිබෙන්නේ පැණි වරකා ගහට හෙණ ගැහුවා සේ ය. 

මේ සියල්ලට හේතුව අසීමිත තෘෂ්ණාව, ධනයට - බලයට ඇති කෑදරකම හා සොරකමට බිය නො වීමයි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත මුදල් අක්‍රමිකතාවක්, දිවිනැගුම නිවාසලාභීන්ගේ නිවාස අලුත්වැඩියාවේදී සිදුවූ මුදල් අක්‍රමිකතාවක්, ලිත් තොගයක් මුද්‍රණය කිරීමේදී සිදු වී ඇති මුදල් අක්‍රමිකතාවක්, පසුගිය ජනාධිපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දීම සම්බන්ධ සිද්ධියක්, පවත්වන ලද සම්මේලනයක් සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කිරීමේ සිද්ධියක් ගැන විමර්ශනය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ආපසු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පොලිසිය අධිකරණ නියෝගයක් ඉල්ලා සිටීමට යයි. 

පරීක්ෂණ නිසි ලෙස සිදු වෙනවා නම් තවත් සිද්ධි ඕනෑතරම් තිබිය හැකි ය. 

මහින්ද රාජපක්ෂ දැන් නැවතත් බලයට පැමිණීම සඳහා ජනතාව පෙළගස්වමින් සිටියි. ඔහුට එරෙහිව කිසිදු නඩුවක් ගොනු නො වීම ඔහු සිය වාසියට පාවිච්චි කරමින් සිටියි. 

රජය විසින් ගනු ලබමින් තිබෙන ප්‍රගතිශීලී පියවර අවුල් කිරීම සඳහා ඔහු කුමන්ත්‍රණ කරමින් සිටියි. 

මේ සෙල්ලම් දිගට ම කරන්නට දෙනවා ද යන්න ගැන ආණ්ඩුව බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද ආණ්ඩුවේ දී සිග්නල් කණු කියා අපි අපහාස කරපු හොරුන්ට මේ ආණ්ඩුව අවශ්‍ය චන්ද ලබා ගැනීමට කියා ඇමති කම් දී ඇත. අපි කඩේ ගිය ආණ්ඩුව හොරුන්ට ඇමති කම් දෙන්නේ නැතිනම්, ඇමති කම් වරදාන වලට චන්දය දෙන, ඇමතිකම් නැතිනම් චන්දය නොදෙන උන්ට හොරු නොකියා කුමක් කියන්නද, එහෙම හොරුන්ට වරදාන දී චන්ද ගෙන සම්මත කර ගන්නා ව්‍යවස්තාවක ඇති, මහින්ද පාලනයේ පාර්ලිමේන්තුවේ නැති සුජාත භාවය කුමක්ද වැනි කරුණු ගොඩ දාගත් වහාම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය වැනි කාලීන මාතෘකා ගැන ලියනු ලැබේ.

    එතෙක් බැසිල් ගෙන්වා ගැනීම ගැන සලකා බැලීම වැනි ජිල්මාට් ලිවීමට සිදුව ඇති බව කරුණාවෙන් සලකන්න. අලුත් සබන් ලෝඩ් එක බෑ වහාම විප්ලවවාදීව එජාපයේ ගූ රෙදි හේදීම පටන් ගනු ලැබේ.

    - පැරා

    ReplyDelete
    Replies
    1. මේ වෙන පැරා කෙනෙකි. මං වගේ පෙනී සිටියාට මං නොවේ. (පොඩි එකාගෙ ආසාව නිසා කමෙන්ටුව නො කපමි)

      Delete
  2. ane nikan palayan peraa yanna bakamunaa besil patta horaa eththa thamuse owaa liyaa liyaa ranil gothayage weradi wahanawa puluwan nam liyala pennapan ranilge yaluwage bedhum kara wanchawa thamuseth ranil wagema awajathaka gal musalayek oi

    ReplyDelete
    Replies
    1. වලිගෙ පෑගිලා නේද? අර උඩ කමෙන්ට් එක මගේ නෙමෙයි. ඔබට රනිල් ලොකු වුණාට අපට ලොකු නැත. එහෙත් අපට රට හා හෙට ලොකු ය. මෙන්න රනිල්ගේ ගෝලයා ගැන අප ලියූ සටහනක් අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

      Delete
    2. thamuse hithanne thamusege apekshawa apata theren na kiyalada thamuse karanne ranilge weradith mahindage pitin yawana eka owaa hodai oi wedak nethuwa blog hadagena gon kotana unta kiyapan

      අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

      thamuse hari ekek nam oka liyanna thibbe mehema මහේන්ද්‍ර රාජපක්ෂට මෙන් ම අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

      thamuselage uwamanawa kohoma hari unp anduwak hadagena me rata kadala winsha karala danna thamuselage daruwantawath yaden na oi me karana hirikitha weda lejjai oi thamuse sinhala ekekda naththan mokakda thamuseta sinhala jathiyai lankawai ekka thiyena tharahaa puluwan nam bandalaa dipan thamusege genu lamai tika hamba yanta wal parayaa

      Delete
  3. හෙට නෙළුම් යායේදී හමුවෙමු :)

    ReplyDelete
  4. බැසිල් පැන්න ඇත්තම හේතු දෙකකි.

    1. මහින්ද ඔහුට ශාරීරිකව පහර දෙනු ඇතැයි බියෙන්. (මෙසේ මහින්දගෙන් ශාරීරිකව පහර කා ලජ්ජාව නිසා නොකියා සිටින අය අතර බස් ගැමුණු හා සෝභිත හිමියන්ද වෙති.)

    2. මහින්දගේ පුතා යෝෂිත බැසිල් මරනවා කියා තර්ජනය කර තිබූ බැවින්

    ReplyDelete
  5. /මේ සෙල්ලම් දිගට ම කරන්නට දෙනවා ද යන්න ගැන ආණ්ඩුව බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබේ. /

    ඔබතුමාගේ නම ඇහුනත් රට කරවන තුන්දෙනාගෙම රෝමෝද්ගමනය වන නිසා මෙය දුටු වහාම මේ ගැන කල්පනා කරනු ඇත.

    /පරීක්ෂණ නිසි ලෙස සිදු වෙනවා නම් තවත් සිද්ධි ඕනෑතරම් තිබිය හැකි ය. /

    ඇයි ඔබතුමාලගේ ආණ්ඩුවෙන් නිසිලෙස පරීක්ෂණ සිදුවෙන්නේ නැද්ද? නෝටියා බොරු කියල යහපාලනය එක්ක සෙල්ලම් කරන්න හදනවා නේද? අල්ලලා දෙනවා රවී මාමිට පාමංකඩ එක්ක යන්න.

    අපි දැන් බලමුකෝ බැසිල්ව කුදලාගෙන ඇවිත් හිරේ දායිද නැත්නම් බැසිල් තාම මන්ත්‍රී හින්දා ව්‍යවස්ථා සංශෝධනයට සහය ගන්න ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් දෙයිද කියල. ඔබතුමා දැක්කද ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකශක තුමා 9 වෙනිදා රෑ කුමන්ත්‍රණයක් වෙලා කියල ඔප්පු කරන්න බෑ කියනවා.


    http://medaperadiga.com/%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92-8-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F-%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A/

    තව තලතා කිව්වේ ඩිලාන් දූෂිත නෑ කියල. එතකොට සජින් දුමින්ද ලාන්සා එහෙමත් දැන් ඉන්නේ හිරේද? බලන්නකෝ ඔබතුමාගේ සිහින සැබෑවෙන අන්දම.

    අපමණ අගයක් නේද මැතිතුමනි. පුකේ හිල දැන් කොයිතරම් විතර ලොකුද?

    ReplyDelete
  6. දුෂිත රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීමට සක්‍රිය දායකත්වයක් සැපයීම ගැන පළමුවෙන් ඔබට ස්තුති කරමි. එමෙන්ම නැවත ආ ගමනයකට කැස කවමින් , රට නැවතත් මිනී කන්නන්ගේ දේශයකට රැගෙන යාමට උත්සාහ කරන රාජපක්ෂ මහ හොරා , අති ගරු චම්පික ඇමති තුමා පැවසූ ආකාරයෙන් මුක්තිය නොතකා අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන පදනමකට රජය පත් කිරීමට ඔබ තව දුරටත් සක්‍රිය දායකත්වයක් ලබා දෙනු ඇතැයිද බලාපොරොත්තු වෙමි.

    මේ ප්‍රගතිශීලි ජන හිතවාදී පාලනය ඩි රේල් කිරීම කුමන ක්‍රමයකින් හෝ වැළැක්විය යුතුමයි

    ReplyDelete
  7. "...රජය විසින් ගනු ලබමින් තිබෙන ප්‍රගතිශීලී පියවර අවුල් කිරීම සඳහා ඔහු කුමන්ත්‍රණ කරමින් සිටියි. ..."

    රජය විසින් ගනු ලබමින් තිබෙන ප්‍රගතිශීලී පියවර
    (1) මහා භාණ්ඩාගාරය පුරවැසියෙකුවත් නොවන හොරකුට පැවරීම
    (2) අමාත්‍ය මණ්ඩලය 79 දක්වා වැඩිකිරීම
    (3) සියලු යෝජනා ව්‍යාපෘති නවතාලීම
    (4) උතුරු මුහුද ඉන්දියානු ධීවරයන්ට කොල්ලකෑමට ඉඩලබාදීම
    (5) පවුල් පිටින් විදේශ සංචාරවල නිරතවීම

    ReplyDelete
  8. සිංහල පරාජිතයාටත් අත දිය යුතුයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා