බෞද්ධ ආගමික සේවා සපයන්නන්ගේ අවධානය පිණිසයි

මෙම සටහන ලියන්නේ ලංකාවේ බෞද්ධ ආගමික සේවා සපයන්නන්ගේ අවධානය පිණිසයි.

අද පෝය දවසනේ. අද උදේ රැයින් මම වාහනයෙන් ගමනක් ගියා. මේ අදහස් ටික මම ගොනු කර ගත්තෙ අතරමගදී නංවා ගත්ත උපාසකම්මලාගෙන්. මේ අය ගමේ පන්සලෙන් දුර බැහැර වෙනත් තැන්වලට සිල් ගන්න යන අය. 

ඉතින් ඇයි ගමේ පන්සලට යන්නෙ නැත්තෙ?

පෝය දින වැඩසටහන පිළිවෙලට කෙරෙන්නෙ නැහැනේ. (නො කියූ දෙය: ගමේ දන්න අඳුනන අනෙක් අයත් එක්ක සමාන වෙන්න තියෙන අකැමැත්ත)

ඉතින් ඔය ටවුමෙ පන්සලේ ඒවා කෙරෙනවද?

ඔව්, එතනට එන්නෙ වැදගත් මිනිස්සුනේ. ඒ අතර දන්න කියන අය ඉන්නවා.

ඉතින් මෙච්චර උදෙන් ඇයි?

නැතිනම්, තැනක් අල්ලගන්න බැහැනේ. දැන් ගියත් පිට හේත්තු කර ගන්න බිත්ති අයිනක් අල්ලගන්න බැහැ.

එච්චර සෙනග ඇවිත් ද?

නැහැ. ටවුම කිට්ටුව අය ඇවිත් තමන්ට තැන් අල්‍ලගෙන, බිත්තිය අද්දර අනෙක් තැන්වල ඉටිරෙදි, පැදුරු එහෙම එලලා, බඩු තියලා, වෙන අයට තැන් අල්ලලා. ඒ තැන්වල වාඩි වෙන්න ගියොත් "ඔතන ඉන්නවා" කියනවා. 

හරි අසාධාරණයිනේ. 

ටවුමෙ අය කියන්නේ පිට ගම්වලින් එන මිනිස්සු නිසා ඒ‍ගොල්ලන්ට පන්සලේ ඉඩ නැති වෙනවා කියලයි.

හාමුදුරුවෝ මොනවද කියන්නේ?

හාමුදුරුවෝ ඕවා හොයලා බලන්නෙ නැහැ. හාමුදුරුවන්ට හරියට වැඩ. පන්සල දියුණු කරන්න නො කරන දෙයක් නැහැ. දැන් එක එක ‍ඒවා හදන්න පටන් අරන් පන්සලේ හැම තැනම.

ඉතින් කොහෙද වාඩි වෙන්නෙ?

බණ මඩුව මැද තමයි. දවල් වුණොත් එතනත් ඉඩ නැහැ. බණ මඩුවෙ ලී ගොඩගහලනේ. 

ඇයි ඒක ලී මඩුවක් ද?

නෑ ඉතින් අලුතෙන් විහාර ගෙයක් හදනවනේ. ලී විතරක් නෙමෙයි, සමහර දවස්වලට සිමෙන්තිත් ගොඩ ගහලා.

අර මකර තොරණෙත් වැඩ ඉවර නැහැ නේ ද?

ඔව්, දැන් අවුරුදු පහකටත් වැඩියි. 

ඉතින් වයසක අයට ඔහොම ඉන්න බැහැනේ.

ඔව්. හවස් වෙනකොට කොන්දෙ කැක්කුමයි. 

වැසිකිළි පහසුකම් එහෙම තියෙනවද?

ඒවා ගන්න දෙයක් නැහැ. යන අය තවත් අපිරිසිදු කරනවා. 

ඇයි ඉතින් ඔතනට යන්නෙ?

නැතිනම් ඉතින් කලුතර බෝධි යන්න ඕනැ. එතනත් මෙහෙම තමයි. තව දුර යන්නත් එපායැ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැක, හැක!

    මාත් ලියන්න හිටපු මාතෘකාවක්.

    ගෙදර ඉඳන් පයින් ඇවිදින දුරින් පන්සල් තුනක් ම තිබිලත් අපේ අම්මා කාලෙකට කලින් මහරගම ධර්මායතනයට යන බව ඇසුණු වෙලේ මාත් ඔය වගේ දෙබසක නියැලුනා.

    දැන් නං අම්මාට සත්‍යාවබෝධ වෙලා, සිල් ගන්නේ මීටර් පන්සීයක් දුරින් තියෙන පන්සලේයි.

    බුදු දහම සහ බුද්ධාගම් සංස්ථාව එකිනෙකින් වෙනස් වගේම සීලවන්තව ජීවත්වීම සහ සිල් ගැනීමේ සංසිද්ධියත් එකිනෙකෙන් වෙනස්!

    ReplyDelete
    Replies
    1. මගේ අහින්සක තාත්තත් අත් වල කොටි කිණිසි වැහෙන්න සිල් රෙද්ද දාගෙන රත්මලානෙ ඉඳල කැළනියට යනව. ඒත් අපි කවුරුත් මුකුත් නොකියන්නෙ උන්දැගෙ හය්ය තිබ්බ කාලෙම අපි වෙනුවෙන් වියදන් කරල දුක් විඳල වයසට ගියාම ව්ශිරාමෙවත් කැමති විදිහකට ගතකරන එකට ඇයි බාධ කරන්නෙ කියලයි.

      ඒකට අම්මනං ගේ ගාව පන්සලටම ගිහින් එයාගෙ හිතවතියන්ගෙ ඕපදූප ටිකත් අහගෙන සිලුත් අරන් එනව. මොකද බස් වල දුර ගිහින් එන එක මහ වදයක් කියල.

      එක අතකට හැමදාම එකට ඉන්න දෙන්න පෝයටවත් වෙන වෙනම තමන් කැමති තැනක කැමති විද්හට දවසක් ගෙවන එක අර එකට ගෙවන ජීවිතේට යම් වෙනසක් ඇති කරනව ඇති කියල මට හිතෙනව.

      Delete
    2. කොටි , කිනිසි ??
      බොලා ගේ ගෙවල් බඩෝවිට පැත්තේද ? :D

      Delete
    3. කල්දෙමුල්ල? ගොනා කෝවිල? රාජාගේ උපතිස්සගේ යාලුවොද නැහ්? ;-)

      - Dimithri

      Delete
    4. හෙහ්..හෙහ්... නෑ බං...අපේ බොසා ගේමේ උන්නු කාලෙ බඩෝවිට බඩෙත් නෑ. එයා 50 ගණන්වල ගාල්ලෙ ටවුමෙ හොඳ කකුලක්. කරන්න ඕන කාල වලදි ඒ හැම දේම කරපු, තාම බඩේ 6 පැක් තියෙන දැන් 70 අග ඉන්න සැබෑ පොරක්!

      මෙන්න පරම්පරා තුනම :D

      Delete
    5. දිමිත්‍රි, කල්දෙමුල්ලෙම තමා. රාජ මලේ අපි 9 පන්තියෙදි විතර! මිනිහව මරපු ඩාන්ස්කෝ ගුණපාල මුදලාලිගෙ බෑණ රාළහාමි කෙනෙක් නිසා හින්දද කොහෙද අපේ බොස් එක්කත් යම් හිතවත් කමක් තිබ්බ. ඒ ඇර ගොනකෝවිල vs සී බීච් පාර වළියට සහ සිල්වා පරපුරට සම්භන්ධයක් නැත. :D

      දිමිත්‍රි කොහෙද?

      Delete
    6. ඉස්සර දහම් මාවතේ යාලුවෙක් හිටියා. මට මතකයි රාජා උපතිස්ස ඒ කාලේ ඒ පැත්තේ ජනජීවිතයේ කොටසක්. අද කොලොන්නාව වගේ.

      ඒ ඇර සම්බන්ධයක් නැහැ. කුඩා / යව්වන කාලේ මතකය තමයි ඉතින්.

      - Dimithri

      Delete
    7. කොමෙන්ටුව විහිළුවට මෙනි. කොටිකිණිසි යැයි කී විට බඩෝවිටද කියා අසන්නේ ඇයි ? කොටි කිණිසි යන වචනය ඇසුන පමනින් පිල්ලිට බඩෝවිට මතක් වුනේ ඇයි.
      කොටි කිණිසි හා බඩෝවිට අතර සම්බන්ධයක් වීද
      ඉන්දිකගේ පියා ගාල්ල ටවුමේ කකුලක් කියන අතර ඊලඟ කොමෙන්ටුවේ කල්දෙමුල්ලෙ කියා කියයි. ඉන්දිකගේ පියා ගාල්ල හා කල්දෙමුල්ල යන ස්ථාන දෙකෙහිම ක්‍රියාකාරකම් කළාද
      ඊලඟ ප්‍රශ්නය රාජා උපතිස්ස , බීච් පාර වලිය , සිල්වා පරපුර ආන්ද්‍ර තමිල්ය

      Delete
    8. ඇනෝ, බඩෝවිට කියන්නෙ 80 මැද විතර කොළඹ ඇල මාරග පළල් කරත්දි ඒ අයින්වල හිටපු අනවසර පදිංචිකාරයො ගෙනල්ල අතෑරපු අත්තිඩියෙ මහ මඩ වළක්! දැන් මිනිස්සු ඒ මඩ වලේ අපා දුක් විඳල ගෙවල් හදාගෙන ඉන්නව. නමුත් එතන තත්වෙ කොහොමද කිව්වොත් පොලිසිය ඒ පැත්තට කවදවත් තනි ජීප් එකක් යවන්නෙ නෑ.

      තාත්ත පණස් ගනන්වල ගාල්ලෙ වල බැහැල හිටියත් අම්මව කසාද බැඳල ඇවිත් හැත්ත ගනන් වල මුල රත්මලානෙ පදිංචි වෙලා. එතකොට අපේ උපන් ගන් වෙන්නෙ රත්මලාන. නමුත් කල්දෙමුල්ලෙ තාත්තගෙ ක්‍රියාකරකම් නෑ, ඒ වෙනකොට උන්දැ අපිව "ලොක්කො" කරන්න මහන්සිවෙන පියෙක්, ගමේ උන්ට තවත් එක් ආමි කාරයෙක්.

      ඔය ගොණාකෝවිලේ සහ ඇලෙන් එහා සීබීච් පාර අතරෙ තිබ්බ ඉරාන ඉරාක වගේ ඇදුන යුද්ධයක්. කල්දෙමුල්ලෙ/ගොණාකෝවිල නායකය රාජ, සීබීච් පාරෙ ලොක්ක "පතිසේන" ( උපතිස්ස නෙමෙයි ). ඕකෙන් දෙපැත්තෙම සෑහෙන ගානක් ඒ කාලෙ මලා. අන්තිමේදි රාජල පතිසේනව මැරුව. කල්දෙමුල්ලෙම කෙල්ලෙක් බැඳපු ගල්කිස්ස පොළිසියෙ රාළහාමි කෙනෙක් රාජව මැරුව ( හැබැයි අවුරුදු ගානකට පස්සෙ ඒ රාළහාමිවත් රාජගෙ කට්ටිය මැරුව ). ඕකෙන් වලිය සන්සිඳිල ගියා.

      ඒ කිව්ව රාජ තමයි රාජ සිල්ව. එතකොට ගොණාකෝවිලේ ප්‍රසිද්ධ බුවා වෙච්චි සී.වී එක්ක බෝම්බෙන් මල දෙ.ග.න.ස උප නගරාධිපති අනුර සිල්ව, බස්නාහිර මන්ත්‍රී සමන් සිල්ව වගේම, රාජගෙන් පස්සෙ කාලෙක ගමේ බිහුව්න චන්ඩියෙක් වෙච්චි පස්සෙ පෙනේරෙ වෙන්න වෙඩි කාපු සේනක සිල්වත් විතරක් නෙමේ ගොණාකොවිලේ පදිංචිකාරයොන්ගෙන් 80% සිල්ව වාසගම ඇත්තො.

      අන්ද්‍රාව මම දන්නෙ නෑ, නමුත් මේ අයගෙ මුල් බලපිටියෙ කියල දන්නව.

      ( පෝදා මරු සාකච්ඡාව :D )

      Delete
  2. ගොං හැත්ත. බුදු හාමුදුරුවොයි ඩඩ්ලි සේනානායක මහත්තයයි ලබා දුන්නු, ලෝකෙ වෙන මොන රටක වත් නැති නිවාඩු දවසකින් ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට මුන් දවසම කාබාසිනියා කොරලා දානවා පන්සල් වලට ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. ඩඩ්ලිගේ ආණ්ඩු කාලේ සෙනසුරාදා/ඉරිදා වෙනුවට පෙර පෝය සහ පෝය සති අන්තය ලෙස නිවාඩු තිබුණු බව තමයි මං නං අසා තියෙන්නේ.

      ඊට පස්සේ 1970 සිරිමා ගේ ආණ්ඪුව ආපුවාම පෙර පෝය/පෝය සති අන්තය අයින් කරලා සෙනසුරාදා/ඉරිදා ක්‍රමයට ගියා. නමුත්, පාලොස්වක පෝය දහතුන විතරක් ඉතුරු කළා!

      ඒ අනුව, අද තියෙන පෝය නිවාඩුව දීලා රටේ ඵලදාව අඩු කළේ සිරිමා-ඇන්ඇම්-කේනමන් ආණ්ඩුවයි.

      හැත්තෑව දශකය වෙනතුරු ලංකාවේ පෙර පෝය / සෙනසුරාදා දිනයේ වරුවක් වැඩ තිබිලාත් තියෙනවා.

      Delete
    2. සෙනසුරාද දවසම නිවාඩුකලේ රටේ ඉන්ධන වියදම කපන්න.  ඒ වෙනුවෙන් දිවා ආහාර පැය පැය භාගෙකලා සවසට තව පැය භාගයක් එකතුකලා. ඒ වුනත් බස් අඩු නිසා කස්ටිය බස් අල්ලන්න කලින් පිටවුනා. කොහොමද ටිකිරි මොලේ.

      Delete
    3. ඩඩ්ලි සේනානායක මහත්තයා සෙනසුරාදා/ඉරිදා නිවාඩු දවස් දෙක අහෝසි කරලා අමාවක, පුර අටවක, පසළොස්වක, අව අටවක යන පෝය දවස් හතර නිවාඩු දවස් බවට පත් කළා. පෝයට කලින් දිනය ("පෙර පෝය ) ද නිවාඩු දවසක් කළා. එතකොට සෙනසුරාදා වෙනුවට පෙර පෝයත්, ඉරිදා වෙනුවට පෝය දිනයත් සතියේ නිවාඩු දවස් දෙක බවට පත් වුණා.

      වාණිජ හේතු නිසා මේ ක්‍රමය 1971 සැප්තැම්බර් මාසයේ අහෝසි කර නැවත පෙර තිබුණු සෙනසුරාදා/ඉරිදා නිවාඩු ක්‍රමය ගෙනාවා.

      Delete
  3. නිවනට කොච්චර දුර ඇද්ද... මෝඩ මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. ඔය වයසක උදවිය ගෙන් සීයට එකකටවත් නිවන් යන්න අවශ්‍යනෑ, ඊළඟ ආත්මේ සියළු සම්පත් සහිත බඩ්ඩක් / හැන්ඩියෙක් වීම තමයි බලාපොරොත්තුව. නිවන් හම්බවෙනවා කීවොත් ආපස්ස නොබලා දුවයි.

      Delete
    2. මේ කොමෙන්ටුව මටත් අයිතියි

      Delete
  4. පැරා නාකි වුණාම සිල්ගන්න ගමේ පන්සලට යන බව ෂුවර්!

    ReplyDelete
    Replies
    1. ඔව්, සිල් ගන්නවා නම්..........

      Delete
    2. පැරයි රසිකයි එක තැන හිටියොත් තුන් වෙනි සිල්පදය බිඳෙන බව නං ෂුවර්

      Delete
  5. Typical Sri Lankan. This is the same with Sri Lankans living in overseas as well. They come to the temple to let go (hopefully) but they cannot let go of their comfortable seats.

    ReplyDelete
  6. මම හිතන්නේ දැනට වසර 60 පමණ පෙර රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේ ලියනලද පොත් කීපයක්වත් කියවා ඇත්නම් බුදුදහම යම්පමනකට තේරුම්ගැනීමට හැකිවනු ඇති.

    http://www.rerukanemahanahimi.lk/book.php
    මෙහි සම පොතක්ම PDFලෙස සකසා ඇති නිසා පොත නොමිලේ කියවිය හැක.

    තවත් එවැනිම නොමිලේ බගතාකළ හැකි ස්ථානයක්.
    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html

    01. චතුරාර්ය සත්‍ය
    02. මෙයින් බෝදිපක්ෂික ධම්ම
    03. වංචාක ධම්ම සහ චිත්ත උපක්ලේෂ ධම්ම
    04. කෙලෙස් එක්දස්පන්සිය

    මම හිතන්නේ වංචාක ධම්ම සහ චිත්ත උපක්ලේෂ ධම්ම http://www.rerukanemahanahimi.lk/order_book.php?id=21
    සහ කෙලෙස් එක්දස්පන්සිය http://www.rerukanemahanahimi.lk/order_book.php?id=12

    යන පොත් 2ක සියලු සියු දෙනා කියවිය යුතු පොත් 2 කියයි. මෙහි කරුණු චන්දවිමල ස්වාමින්වහන්සේ මුළු ට්‍රිපිටකයම ගවේෂණය කර ලියන ලද්දකි.

    අප මිනිසුන් ලෙස කරන සියලු කපටිකම්, පින්කම් ලෙස සිතාගන කරන මෝඩකම් මානව විග්‍රහ කර ඇත.

    ReplyDelete
    Replies
    1. ඔය මොන පොත කියෙව්වත් වැඩක් නෑ හලෝ ඒ පොත ආගමික පොතක් නම්. සෑම ආගමක් ම මනසට දමන විලංගුවක්.

      Delete
    2. දැන් මේක කිව්වාම බෞද්ධයෝ සරම උස්සාගෙන ඒවි. අන්තර්ජාලයේම නිතර කියැවුණු නිසා මාත් රේරුකාණේ චන්දවිමලගේ පොතක් දෙකක් කියවා බැලුවා. ඒවායේ තියෙන්නෙත් සාමාන්‍ය බෞද්ධ ග්‍රන්ථ වල තියෙන හෝ සමහරවිට ඊටත් වඩා වැඩියෙම් මිථ්‍යාවම තමයි.

      Delete
    3. මම හිතුවෙ මේ ඇනොනිමස් බුදුන්ට හමු වූ කාලාම ගමේ වැසියෙක් කියල. බලපුවාම හරිහැටි නොසොයා අනෙකා පහත් කරන්න ගන්න උත්සාහයක් වගේ. මිථ්‍යාව හා සත්‍යය කියන්නේ මොකද්ද කියල පැහැදිලි කළානම් ! මිථ්‍යාව හා සත්‍යය වෙන්කර තෝරාගන්න විදිහත් කිව්ව නම් තමන් නුවණක්කාරයෙක් බව පෙන්නන්න තිබුණා.

      Delete
  7. මට හිතෙනව මෙහෙම. මේ තත්වය ඕනෙම ආගමක තියෙනවා. අපි බෞද්ධ පසුබිමක හිටපු ඉන්න හින්ද තමයි අපි මේ බෞද්ධයො ගැන මෙච්චර උනන්දු. නිර්-ආගමිකයො විදියට අපි ගන්න ඕන ආස්ථානය මොකක්ද? විසුලු ආකාරයට බෞද්ධ (හෝ ඕනෑම ආගමක් අදහන්නන්) අවඥාවට ලක්කරන එකේ තේරුමක් නැහැ. (අජිත් එහෙම කරලා නැහැ. මම කියන්නේ පොදුවේ අපි මේ ගැන කතා කරද්දි කරන්නේ අවඥා සහගත මුඛයෙන් නේ. හොඳම උදාහරනය සාමන්‍ය පොදු සමාජය පිටිදූවේ සමන්තගේ කේස් එක ගැන අවඥා සහගතව කී දේවල්.) මට හිතෙන එක තමයි, අපි ආගමක් අදහන්නෙ නැහැ, ඉතින් අනික් අය අදහන ආගම ගැන, අදහන හැටි ගැන අපි වොරි වෙන්නේ ඇයි? (මේකම තමයි දෙමල ජනයාගේ කුලවාදය වගේ එකක් ගැන මට හිතෙන්නේ.. ඒක අපිට අයිති දෙයක් නොවෙයි, ඒක ඒ ගොල්ල විසඳ ගනීවි වගේ එකක්) ඔව්..ඒ ආගම් වල ඇදහිල්ල අපේ නහයේ දුරින් නවතින තාක් කල්! (හොඳම උදා. බොදු බලය: ඒකෙදි දෙකක් නැහැ. අපි විරුද්ධ වියයුතුයි, හැකි හැම විට හෙලා දැකිය යුතුයි. ) මම කියන්නේ මේ අසපු, ලවුස්පීකර්, ෆෙයරැන්ලවුලි, මහනුන් හොර අඹුවන් තබාගනීම, සිවුරු හැරීම, දේශපාලනය කිරීම, රෑට සිගරට් බීම වගේ ඒවා ගැන.

    අජිත්, සමන්තගේ කේස් එක ගැන ලියපු ලිපිය ඇත්තටම හොඳ නිරීක්ශනයක් සහ විශ්ලේශනයක්. අගය කල යුතු ලිපියක්

    - Dimithri

    ReplyDelete
  8. සමහර වෙලාවට 'ජාතක කතා'වලටම පමණක් සීමා උන බණ වලින් ඔබ්බට දෙයක් හොයාගෙන යන පිරිසකුත් ඔය අතර ඉන්නවා.එයාලට මුවා වෙලා තව සෙට් එකක් ඉට්ටයිල් එකට යනවා.

    ReplyDelete
  9. ඇයි එක දවසක් සල්ලි දීල දානෙ බෙදව ගන්න පන්සලකුත් වෙසක් දිනක තිබ්බ මතකයක් තියනවා. ඒත් මොන මනදිරේ (පන්සලේ) කොයි යුනිපෝම් කාරයගෙ සංවිධානය ද මතක නෑ.මතක තියන කෙනෙක් ඉන්නවනං සිහිකර දෙන්න.

    ReplyDelete
  10. මෝඩ මිනිස්සු !!!

    ReplyDelete
  11. පැරකුම් මහහා,

    ඊයේ මමසිල් ගන්න පන්සලට ගිය නිසා අද තමයි ඔබේ ලිපිය දැක්කෙ. නිර් ආගමිකයෙකුවූ ඔබ බෞධයන්ගේ දේවල් හොයන්නේම මන්ද? සිල් ගන්න පිනක් නැති ඔබට දැන ගන්න උවමනා නම් මම කරුණු ටිකක් පෙන්වන්නම්. පෝ දා සිල් ගන්න හා ආගමික වැඩසටහන් වලට යන්න 99% පමණ දෙනා කාන්තාවන්.මේ අතරින් වැඩි දෙනා වියපත් කාන්තාවන්. මට හිතෙන හැටියට මෙසේ අධික කාන්තා ජනගහනයක් පන්සල් යාමට බල පාන හේතු,

    1,මේ අයගෙන් බොහෝ දෙනෙක් එන්නේ ධර්මය ඇසීමට නොව එදින හෝ තමන්ට විවේකයෙන් සිටිය හැකි නිසාය. මේ වියපත් කාන්තාවන්ට තම කුටුම්භය පෝෂනය කිරිමට පමනක් නොව දරුවන්ගේ දරුවන් බලා ගැනීම වැනි කටයුතු පැවරීම නිසා සතියේ අන් දිනවල ඔවුන් විශාල වැඩ කොටසක් කරනවා.මේකට කිසිදු ගෙවීමක් ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. මෙකාන්තාවන් පන්සල් යාම වැළැක්වීමට පැරාට කරන තියෙන්නෙ ගෙදර වැඩ සියල්ලම පිරිමින් විසින් කලයුතුය කියා යහපාලනයට දැන්වීමයි.
    2.තවත් වියපත් කාන්තාවන් කොටසක් මෙලොව තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් ඉටුකොට ඉන් පසු සමාජයට යහපත් කිරීමට තම ධනය යෙදවීමට පන්සල් වලට එනවා.මේ අය මුල්‍ය අතින් ධනවත් නොවූනත් ශ්‍රධාව ඇති ධනවත්ය. ඔවුන් අන් අයට සිතා ගත නොහැකි තරමට විශාල මුල්‍ය අගයෙන් යුත් පින්කම් කරති. ඊයේ මා සිටි තැන එවැනි එක කාන්තාවක් පාසල් පුස්තකාලයක ප්‍රයෝජනය වෙනුවෙන් රුපියල 43000 ක් වැයකර ධර්ම ග්‍රන්ථ කට්ටලයක් පුජා කළා. මේ අය ගැන පැරාට කරන්න දෙයක් නැහැ.ඒ අය වියදම් කරන්නේ පැරාගේ සල්ලි නොව තමන්ගේ ඉපයුම් වලින් ඉතිරි කරගත් දෙයයි .

    3. වයස් භේදයකින් තොරව ධර්මය ඉගෙන ගනිමින් ධර්ම මාර්ගයේ ගමන් කරන කාන්තාවෝ

    මේකටත් පැරාට කරන්න දෙයක් නැහැ. ධර්මය ඉගෙන ගැනීමට පැරාට වාසනාවක් නැත්නම් අන් අය මොනවා කරන්නඩද ?

    4. පන්සල් යාමේ රැල්ලට හසුවී පන්සල් වලට විසිට් එකක් දමන කාන්තාවෝ මෙන්නමේ අයට විසිට් එකක් දමන්න වෙන තැන් හොයල දෙන නම් පැරාට පුළුවන් වෙයි.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. /* සිල් ගන්න පිනක් නැති ඔබට */

      දැන් මේ කතාවේ කියවෙන විදියට පැරා උපාසක අම්මලාව කාරෙකේ ගෙනිහින් බැස්සුවාම ඒකට පින් ලැබෙන්නේ නැද්ද?

      ඒ පින් බලෙන් පැරාට ලබන ආත්මේවත් සිල් ගන්න ලැබේවා!

      Delete
    2. @ක.කා /පැරා

      ධර්මය ඉගෙන ගැනීමට ඔබ දෙදෙනාටම වාසනාව තවමත් පහළවී නැත. (මා නම් තවමත් දිනෙන් දින මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මය හදාරමි) ඒ ගැන මටත් හරිම දුකයි. ධර්මය ඉගෙන ගැනීම ආරම්භ කිරීමට මට උපකාරි වුවේ කල්‍යාන මිත්‍ර ඇසුරයි. ඒ අතින් මා පින් කර ඇතත් ඔබ දෙදෙනාගේම ලිපි සහ comments පෙනෙන්නේ ඔබ දෙදෙනාගේම පින් මද බව මිස අන් යමක්ද?

      සමරසේකර

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. තවත් කට්ටියක් ඉන්නවා පුළුවන් කාලේ දහඅට සන්නියම නටල බැරි වෙනකොට පරණ නැටුන් මතක් වෙලා සසර ගමන ගැන භයංකර විදියට කල්පනාවට එනකොට බයට සිල් ගන්න උදවිය.

      Delete
    5. @ සජ්ජා,
      එහෙම අයත් ඉන්න පුලුවන් තමයි.කෙනෙක් මරණාසන්න වෙන විට අවසානයට
      ඇතිවෙන හිතට එහෙම පාපී අදහසක් ආවොත් කෙලින්ම නිරයේ තමයි. පුර්වාරාම පිදීම වැනි මහා පින්කම් කල මල්ලිකා දේවියගේ කතාව ඔබ අහල ඇතිනෙ. කොහොම උනත් එම පාපී අතීතය තම මුළු හිතෙන්ම අමතක කරලා ඉන්න අයට ඒවා නැවත මතක් වෙන්න හේතුවක් නැහැ නේද?.

      Delete
    6. @ සජ්ජා,
      එහෙම අයත් ඉන්න පුලුවන් තමයි.කෙනෙක් මරණාසන්න වෙන විට අවසානයට
      ඇතිවෙන හිතට එහෙම පාපී අදහසක් ආවොත් කෙලින්ම නිරයේ තමයි. පුර්වාරාම පිදීම වැනි මහා පින්කම් කල මල්ලිකා දේවියගේ කතාව ඔබ අහල ඇතිනෙ. කොහොම උනත් එම පාපී අතීතය තම මුළු හිතෙන්ම අමතක කරලා ඉන්න අයට ඒවා නැවත මතක් වෙන්න හේතුවක් නැහැ නේද?.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා