බලි බලමු. අලි නො බලමු

සත්ව හිංසන ‍චෝදනා මත කන්ඩලමේදී අද දින අත්අඩංගුවට ගන්නා ලද අලි පැටියා යා පිටේ යන්නේ කවුරුද (ඡායාරූපය: ලංකාදීප)
හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නම් සංවිධානයක් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේ ය. අරමුණ හීලෑ අලින් ඇති කරන්නන්ට එරෙහිව සත්ව හිංසන නීති ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමයි. 

මේ සංවිධානයේ සාමාජිකයෝ අලින් නො ව අලි අයිතිකාරයෝ ය. පසුගිය කාලයේ රජය හැම අලි අයිතිකාරයකුට ම එරෙහිව කටයුතු කළේ නැත. කටයුතු කළේ අලි පැටවුන් නීති විරෝධී ලෙස සොරකම් කරගෙන රැගෙන විත්, අවසර නොමැතිව, දේශපාලන අනුග්‍රහයෙන් ඔවුන් ඇති දැඩි කළ අයට එරෙහිව ය. 

හීලෑ බල්ලන්, බළලුන් හා ඇතැම් විට හරකුන් ආදිය සිටිති. එහෙත් හීලෑ අලි ඇතැයි මම නම් නො සිතමි. මන්ද, මිනිස් සමාජයේ නිදහසේ ජීවත් වන කිසිදු අලියකු දැක නැති හෙයිනි. හීලෑ ය කියන අලින් ද ඉන්නේ පයට විලංගු දමා ය. හීලෑ නම් විලංගු මොකට ද?

අලි හිමිකරුවකු වීම එක පැත්තකින් නම්බුවට කාරණයකි. බම්බු නම්බුව කෙසේ වෙතත්, මේ අලි අයිතිකාරයෝ ඉන් පසු අලියා විකුණාගෙන කති. ඉතා අනතුරුදායක පරිසරයන්හිදී කොටන් ඇදීම සඳහා අලින් යොදා ගැනිණි. දැන් එය තරමක් අඩු ය. එහෙත්, ‍‍ඒ වෙනුවට රට පුරා පෙරහැර කර්මාන්තයක් ආරම්භ කර, වසර පුරා පවත්වාගෙන යනු ලැබේ. පසුගිය දිනෙක පාසලක පා ගමනකටත් අලියෙකු සම්බන්ධ කරගෙන තිබිණි. ඒ අලියා එම පාසලේ වර්තමාන හෝ ආදි සිසුවෙකු වූයේ නැත. 

ඔබ මහත් භක්තියෙන්, අභිමානයෙන් නරඹන නුවර පෙරහර වැනි පෙරහරවල යන අලින්‍ට නිදහසේ පා තබන්නට බැරි තරම් ළඟින් ඔවුන්ගේ දෙපා විලංගු ලා ඇති බව ඔබ දන්නවා ද? ඒ විලංගු නිසා ඔවුන් ගමන් ගන්නේ දැඩි වේදනාවෙන් බව ඔබ දන්නවා ද? ගමන් නො කරන අවස්ථාවලදී පවා මේ දැවැන්ත සතුන්ට අඩි කීපයකට වඩා චලනය වන්නට බැරි වන පරිදි ඔවුන් ගස්වලට, කණුවලට තබා බැඳ ඇති බව ඔබ දන්නවා ද? අලියෙක් ඔබ ජීවත් වන තරම් ම කාලයක් ජීවත් වෙයි. ඒ මුළු ජීවිත කාලය පුරා ම ඔවුන් ජීවත් වන්නේ විලංගුවෙන් පා බැඳ බව ඔබ දන්නවා ද? 

ලංකාවේ නම්බුකාර මිනිස්සු අලි වහල් සේවයේ යොදවා, ඔවුන්ට වධ දෙමින් මුදල් උපයා ගන්නා බව ඔබ දන්නවා ද? අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් ඔවුන් ඉල්ලා සිටියේ නිදහසේ මේ සත්ව හිංසනය කරගෙන යාමට අවසර දෙන ලෙසයි. ඔවුන් වෙනුවෙන් සත්ව හිංසන නීති ලිහිල් කරන්නට ඔබ ඉඩ දෙනවා ද?

මේ සත්ව හිංසනයට එරෙහි වන්නට අපට කළ හැකි දේ තිබේ. කිසි විටෙක අලින් ප්‍රදර්ශනය කෙරෙන පෙරහැර ආදිය නරඹන්නට යන්න එපා. අලින් පිට යාම් ආදිය කරන්න එපා. 

සතුන් වතු කියන්නේත් මෙවැනි ම තැනකි. ඒවායේ මෙම වධ බන්ධනය සෙසු සතුන්ට ද දෙනු ලැබේ. සතුන් වතු බලන්නට ද යන්න එපා. වනෝද්‍යානවල වන ජීවීන් නරඹන්නට යන විටදී වුව සතුන්ගේ සාමාන්‍ය ජීවිතයට හිරිහැර සිදු නො වන පරිදි එය කරන්නට වග බලා ගන්න. 

දියුණු මිනිස්සු සතුන් ගැන මානුෂිකව සිතති. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අලි රකින්න දාලා ඉන්න ඇමතිවරු දෙන්නම බූරුවෝ.. ඉතින් කොහෙද අලි රැකෙන්නේ.. මේ රටට ඕන ෆොන්සේකා වගේ දරදඬු පාළකයෝ..

    ReplyDelete
    Replies
    1. මාතයියෙ.. මාමයි එයාගෙ මල්ලියි කොරන්න හැදුවෙ ඔය දරදඬු ක්‍රමේ නේද? ඒක සැට් උනේ නෑ නෙ... ඊලඟ දරදඬු පාලකයත් පිස්සු කෙලින්නෑ කියන්න බෑනෙ..

      Delete
    2. පොන්සේකා අපිවත් හීලෑ අලි කරයි නේද? ෆොන්සේකා පාලකයා වුනාම එයාට හිතුනොත් ලංකාව ස්වයංපෝෂිත කරන්න (සිරිම ගෙ කාලේ වගේ - ඔය අපේ කීර්තිමත් පුද්ගලයන් නාකි වෙනකොට එ් වගේ මඤ්ඤං සිතිවිලි ඇතිකොර ගන්නවා), එතකොට මක්කැයි වෙන්නේ?

      Delete
    3. කටුස්සාMarch 19, 2015 at 11:55 PM

      අලි *** අපි තැලෙයි

      Delete
  2. /* පසුගිය දිනෙක පාසලක පා ගමනකටත් අලියෙකු සම්බන්ධ කරගෙන තිබිණි. ඒ අලියා එම පාසලේ වර්තමාන හෝ ආදි සිසුවෙකු වූයේ නැත. */

    ලංකාවේ දේශපාලනයට අදාලව නිතර කියවෙන මෝඩ ජෝක් එකක් දානවා නම්----

    ඔය කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් පත්වූ ඇමතිලා පිළිගන්න තිබුණු උත්සවයකට අදාල ගමනක් ගැනද?

    ReplyDelete
    Replies
    1. ආනන්දේ කියන්නේ හොඳ ඉස්කෝලයක් කකා. හැම එකටම රෝයල් එකට ඉරිසියා කරලා උපතෙන් ආපු හීනමානය පෙන්නන්න එපා. කුලයෙන් මිනිහෙක් පහත් නොවුනට ක්‍රියාවෙන් පහත් වෙනවා. දියුණු රටකට ගිහිල්ලත් තාම හැදෙන්න බැරි උනාද?

      Delete
    2. ආනන්ද හා රාජකීය විදුහල් හැර අලි හොරු බිහිකල වෙනත් පාසැල් තිබේද ?

      Delete
    3. යහපාලන ටොයියන්ගේ නීති

      ටොයියන්ට හොරකම් කල හැකිය (අර්ජුන් මාමා සහ බැනා)
      ටොයියන්ට 16යෙ බඩු ගැසිය හැකිය (පරාජිත පිය පුතු)
      ටොයියන්ට හිතුමන්පයේ අගවිනිසුරු ඉවත් කල හැකිය (ලටිමෝර් රනිල්)
      ටොයියන්ගේ පරේඩ් වලට පාර අවහිර කර හැකිය
      ටොයියන්ගේ පරේඩ් වලට අලි පැටව් දක්කිය හැකිය

      Delete
    4. "AnonymousMarch 20, 2015 at 12:01 AM
      ආනන්ද හා රාජකීය විදුහල් හැර අලි හොරු බිහිකල වෙනත් පාසැල් තිබේද ?"

      ලලිත් කොතලාවලත් රෝයල්ලු
      වැට් බදු වංචා කරපු තම්බි සෙට් එකේ ඉස්කෝලේ කවුරුහරි ලියනවද?

      (බ්ලොග් ලෝකේ හොරා මලියදෙවේ )

      Delete
  3. සත්තු බලල ෆන් ගන්න තැන් නෙමෙයි,අනතුරට පත් සතුන් සංරක්ශනය කරන තැන් ඇතිකරන්න උනන්දු වෙන එක වැදගත් වෙයි මම හිතන්නෙ.

    ReplyDelete
  4. අලියන් පෙරහැර ඇතුළු විවිධ කටයුතු වලට යොදා ගැනීම ප්‍රෞඩ සිංහල බෞද්ධ සංස්කෘතික අංගයකි. උතුම් පැරණි රජවරු වැව් බැඳීමට අලි ඇතුන් යොදා ගත්හ. අලින් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඉවත් කිරීමට උත්සහ ගන්නෝ කසිකබල් මාක්ස් වාදීන්ය. ඊනියා සත්ව හිංසන චෝදනා කසිකබල් බටහිරයන්ගේ කසිකබල් සංකල්පයකි. එය සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැනිය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල සත්ව කරුණාව හිමිවන්නේ අති උතුම් ගව මාතාවට සහ බලු කපුටන්ටය. අලින් මේ කුලකයට අයත් නොවෙති.

    ReplyDelete
    Replies
    1. "අලියන් පෙරහැර ඇතුළු විවිධ කටයුතු වලට යොදා ගැනීම ප්‍රෞඩ සිංහල බෞද්ධ සංස්කෘතික අංගයකි. උතුම් පැරණි රජවරු වැව් බැඳීමට අලි ඇතුන් යොදා ගත්හ. අලින් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඉවත් කිරීමට උත්සහ ගන්නෝ කසිකබල් මාක්ස් වාදීන්ය. ඊනියා සත්ව හිංසන චෝදනා කසිකබල් බටහිරයන්ගේ කසිකබල් සංකල්පයකි. එය සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැනිය. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල සත්ව කරුණාව හිමිවන්නේ අති උතුම් ගව මාතාවට සහ බලු කපුටන්ටය. අලින් මේ කුලකයට අයත් නොවෙති."
      ගොනෙක් උනාට උම්බෑ නොකියන්න. කොමන්ට් එක දැමුවේ මේ ඇනෝටයි.

      Delete
    2. මාක්ස්වාදී අලිත් ඉන්නවාද පැරා ?
      දන්නැතිහින්දයිඅහන්නේ.

      Delete
    3. නෑ අලිවාදී මාක්ස්ලනම් ඉඳල හිටල දකින්න ඉන්නව.

      Delete
  5. අලි අයිති වනාන්තරවලට මිසක් අසපුවලටවත්, පන්සල්වලටවත්. අලිකාරයන්ටවත් නොවෙයි. පහුගිය ආංඩුවකාලෙ හිටපු ජඩයො මව් ඇතින්න මරල පැටව් ඇල්ලුව. අපේ රටේ පෙරහැරවල් කියන්නෙ අලි වධකාගාරනෙ. වනාන්තරවල සිටින අලි පවා දිනකට තුන් දෙනෙක් වත් මැරෙනව බඳින තුවක්කුවලින්, වෙඩි තැබීමෙන්, හක්ක පටස් සහ කේබල් තැබීම් වැනි මිනිස් තිරිසනුන්ගෙ ක්‍රියා වලින්.

    ReplyDelete
    Replies
    1. ගොනෙක් උනාට උම්බෑ නොකියන්න

      Delete
    2. අලි අයිති පන්සල් වලට .

      Delete
    3. සොඬින් නෙළුම් මල ගෙනියන ඇතින්නියේ
      ---------------------------------------------------------->
      සොඬින් නෙළුම් මල ගෙනියන
      බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ
      යදම් අමතකද පා බැඳි විලංගුවේ..
      යදම් අමතකද පා බැඳි විලංගුවේ..//

      උදුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි
      ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි..//
      ඇතින්නියේ....
      ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි....

      වටින් මහ සෙනග ඇවිදින් සාධු කියා වැන්දයි
      නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි
      ඇතින්නියේ....
      නෙළුම් මලට නොවෙයි නුඹට නුඹ අම්මා හින්දයි.

      ගායනය - අතුල අධිකාරී
      පද - රත්න ශ්‍රී

      https://www.youtube.com/watch?v=Ri_uHBdMKu0

      https://www.youtube.com/watch?v=CWayPT2HrRc

      Delete
  6. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස්

    ReplyDelete
  7. ඔය අලි පෙරහැර ගැන කතා කරද්දි මට මතක් වෙන්නෙ අපේ මහ රහත් සිරිධම්ම සමන්ත බදදර හාමුදුරුවෝ. උන්නාන්සෙ විතරයි පෙරහැරට අලි වඩම්මනවට විරුද්ධ. බුදුහාමුදුරුවො සතුන් පිට නොවැඩියානම්, එසේ නොවඩින ලෙස ස්වකීය ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නානම් උන්වහන්සේගේ ධාතු අලියා පිට වැඩැම්මවීම හරිද කියලයි උන්නාන්සෙ අහන්නෙ.
    තව උන්නාන්සෙ අහනව අනේපිඬු සිටුතුමාට එහෙම අලි ඇත්තු හිටියද කියලත්.අද කාලෙ මහනායකල කියන්නෙ ඇත් ගොව්වො කියලයි උන්නාන්සෙ කියන්නෙ.

    ඒ කතාව කෙසේ වෙතත්, හීලෑ සත්තුන්ගෙ පයට පැය විසි හතරෙම විලංගු දාගෙන ඉන්නෙ අහවල් එකකටද කියල මාත් කල්පනා කරන්නෙ. අර සර්කස් වල එහෙම ඉන්න හීලෑ කරපු සිංහයො කොටි එහෙමත් අපූරුවට නිදහසේ ඉන්නෙ අඩු වශයෙන් සෙල්ලම් පෙන්නන වෙලාවෙ හරි.

    මේව ගැන හිතන්නවත් දැන් ඉන්න දියුණුයි කියාගන්න උන්ගෙ මොළේ වැඩ කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම ගෘහස්ත අලියෙක් වෙමිMarch 19, 2015 at 11:50 PM

      ධනපතියන් විසින්,හීලෑ කරපු මාක්ස්වාදීන්ව තම පක්ෂවල සර්කස් වලට ගෙන්න ගන්නවා කියන්නේ ඇත්තද පැරා.

      අලිකට්ටියඑහෙමකියනවා.ඒකයිඑහෙමඅැහුවේ.

      Delete
    2. සිරිධම්ම හාමුදුරුවන් අලියන් පිළිබඳව කරුණාව දැක්වීම වැරදියි. සාමානයෙන් අනෙක් හාමුදුරුවන් අලියන් පන්සල් වල ඇතිකිරීම ගැනවත් පෙරහැර යෑම ගැනවත් කතා නොකරන්නේ එය සිංහල බුදුදහමට ප්‍රශ්නයක් නොවන නිසයි.

      Delete
    3. සිංහල බුදුදහමට ප්‍රශ්නයක් නොවනව ඇති අලින්ට හිංසා කිරීම. සිංහල බුදු දහමට ප්‍රශ්නයක් නොවන හිංසා කිරීම් තව ගොඩක් තියනවනෙ.

      Delete
  8. පෙරකුම් ශෑර්,තෙන් රේ තමා ලෙට්ටර් යෙක දෙක්කා,ම්ට්ට හරක එක තමායි උශ්ශන්ඩ යෙන්ඩ තියෙනවා,හෙට්ට උදෙම මශ්ටික කඩෙ එය්කට දිල යෙවිල්ල,ශ්ට්ව හින්ශා එක ගෙන්න ලෙට්ටෙර් එක තමායි ලියනවා.

    ReplyDelete
    Replies
    1. චිකන් මස් කමක් නෑ. ගෝන මස් නම් නියමයි. හැබැයි යකෝ කිරි අම්මට අත තියන්නෑ උඹ!

      Delete
    2. මගේ පුකට හරකෙක් ඇන්නා. මොලේට ඩැමේජ් උනා. මට දැන් හරක් පේන්න බෑ. මරං කන්න හිතෙනවා.

      Delete
  9. අලි බබා සහ හොරු හතලිහ​

    http://transyl2014.blogspot.ca/2015/02/blog-post_20.html

    ReplyDelete
  10. යහපාලනය යටතේවත් අලි මස් කෑම නිති ගතකරණු !

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට මළ පැනල තියෙන හැටියට , තව ටික දවසක් මෙහෙම ගියොත් මිනිස්සු ලයිසන් නැතුවම "අලි" මස් කන්න ගනී

      Delete
  11. සමන්තභද්‍ර ගැන ලියපු ලිපියෙ පන්සල් වලට වෙච්ච දේ තමයි අලින්ටත් වුනේ.
    ඉස්සර අලි පාවිච්චි වුනේ බර වැඩට. අනෙක් අලිටික ප්‍රසිද්ධ පෙරහැරවල් වලට. දැං ගමේ තියන පේලි පෙරහැරටත් අලියෙක් නැතුව බෑ.ඉල්ලුමට සැපයුම!

    ReplyDelete
    Replies
    1. හලෝ රාජ්! පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයාගේ මිත්‍රයා! ඔබගේ අදහස් නොමැති විට මේ බ්ලොගය පාලුයි අඳුරුයි හරියට ලෙනක් වගෙයි. රයිට්.

      Delete
    2. අපි මහින්ද ගෙදර යව්වනේ මල්ලී. ඒ ඇති

      Delete
  12. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සදහා වෙන් කල ප්‍රතිපාදන නැවත පවරා ගැනීම මෙ වන විට සිදු වෙමින් පවති..මෙහි දොරින් දොරට ගමින් ගමට ජීවනෝපාය සංවර්ධන වැඩසටහන මගින් ස්වයං රැකියා වල නියුතු පුද්ගලයන් සදහා අවශ්‍ය කරන උපකරණ ලබාදිම දැනට වසර කිහිපයක සිට සිදු විය.. මින් ස්වයං රැකියා වල නියුතු වුවන්ගෙ ජීවන තත්වය ඉහල යැම පසුගිය කාලයේ දක්නට හැකි විය. දැනට මිලට ගෙන ඇති එහෙත් මැතිවරණය නිසා ලබා දිමට නො හැකි වු භාණ්ඩ පවා ලබා දිම අත්හිටුවා ඇත..සොජි මහන මැෂින්, වඩු මැෂින් හා වෙනත් වඩු උපකරණ, කෘෂි කාර්මික උපකරණ, ටැක්ටර්, වතුර මොටර් ආදි බොහෝ උපකරණ ප්‍රා.ලේ කාර්යාල වල ගොඩගැසි තිබේ.. බඩගින්නෙ සිටින පුද්ගලයෙකුට බත් පැකට්ටුවක් ලබා දිමට වඩා ඔහුට හම්බකරගෙන කෑමට උදව් කිරීම වඩා අගනේය.. ඔහුට යම් රැකියාවක් කිරීම සදහා අත හිත දිමට ගොඩනැගුණු ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නොබෝ දිනකින් විනාශ වි යනු ඇත.. තව දුරටත් වවා ගෙන කෑමට මිරිස් පැලයක් හෝ නො ලැබෙනු ඇත.. එම සියළු මුදල් නැවත පවරා ගෙන රජයේ සේවකයන්ට රු 10.000ක් පඩි වැඩිවිමක් ලබා දේ.. අද වන විට බොහෝ සංවර්ධන කටයුතු සදහා වෙන් කරන ලද මුදල් නැවත පවරා ගැනීම සිදුවේ.. උතුරු අධිවේගී මග නතර කොට තිබේ.. සිතන්න, ඔබ රාජ්‍ය සේවකයෙක් නමි අදට ඔබ ලබන වැටුපට හෝ සාධාරණ යමක් කාර්යාලයට වි රට වෙනුවෙන් කරන්නේ ද? උ.ගැ. කපිල 01/27 ඉහත සඳහන් කරුණු සත්‍ය බවට මමද පිළිගනිමි. මේම වැඩසටහන හරහා මා වෙත රු 80.000ක් පමණ වටිනා වඩු මැෂිමක්, අඩක මුදලක් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවීමෙන් මටද ලබා ගත හැකි විය.. කුලි වැඩක් කර ජිවත්වු මා අද තවත් තිදෙනෙකු සමග වඩු වැඩ කරමින් ජිවත් වන්නේ මහින්ද මහතාට පිංසිදුවන්ටයි..අඩක් නිම කොට තිබූ නිවස දැන් සම්පුර්ණය.. නිවසට අවශ්‍ය ගෘහ උපකරණ මෙන්ම පරිගණකයක් පවා දැන් හිම් ය.. ඔහුගේ ක්‍රමය තරමක් වෙනස් බව මෙම ලිපිය කියවු පසු අදහසක් ඇතිවිය.. සැබවින්ම බඩු මිල අඩු කිරීම යනු තාවකාලික විසඳුමක් පමණක් වන අතර මහින්ද මහතා ඉන් ඉහලට සිතා ඇති බව පැහැදිලි ය.. තෙල් මිල අඩු කිරීමට වඩා දුර්වල වු මාර්ග හා තාර ගැලවී ගිය පටු මාර්ග පුළුල් කොට කාපට් ඇතිරීම මගින් එම මාර්ගයේ ධාවනය කිරීමට ගතවන කාලය අඩුවන අතරම අදාළ දුර ධාවනය කිරීමට වැය වන ඉන්ධන ප්‍රමාණයද අඩුවේ. වලවල් නැති කාපට් මාර්ගවල ධාවනයේදි දුනු කොල මාරු කිරීම වැනි නඩත්තු වියදමි ද පහත වැටේ. එසේම එම මාර්ගවල ගමන් ගන්නා රථවාහන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා සමගම ප්‍රධාන මාර්ගවල තදබදය අඩු කර ගත හැක. එ අනුව ඔහු මාර්ග පද්ධතිය දියුණු කිරීමට මුල් තැන දුන්නා මිස තෙල් මිල වැනි කෙටි කාලින සහන දෙස නොව දිගුකාලින දැක්මකින් ක්‍රියාත්මක වි ඇති බව පැහැදිලි ය. අද ගාලු පාරේ සිට නුවර බලා යන්නන් පානදුර මහනුවර මාර්ගයත් කළුතර හොරණ පාදුක්ක හංවැල්ල හරහා මිරිස්වත්ත මාර්ගයත් බහුලව භාවිතා කිරීම නිසා කොළඹ හා නිට්ටඹුව අතර මාර්ග තදබදය සැලකිය යුතු තරමි අඩුවි ඇත. මිට පෙර කොළඹ සිට කටුනායකට යෑම සඳහා පැය 1 1/2 ක් වැනි කාලයක් ගතවු අතර අද මිනිත්තු 20ක් තුල යා හැක. එම නිසා මිනිත්තු 70ක් ඉතිරි වන්නේ ය. එම කාලය තුල එන්ජිම කියා විරහිතව තැබීමට හැකි විමෙන් වාහනයේ ආයු කාලය වැඩි වේ. මිනිත්තු 70ක් එන්ජිම ක්‍රියා කිරීමට වැය වන තෙල් ඉතිරි වන්නෙ ය. නමුත් වත්මන් රජය තෙල් මිල අඩු කොට අධිවේගී මාර්ග ව්‍යාප්තිය නතර කර ඇත. දිවි නැගුම අදියර 6 යටතේ ලංකාව පුරා ලාබ දුන් පොල් පැළ සංඛ්‍යාව ලක්ෂ 25කි. ඊට පෙර අදියර 1.2.3.4.5 යන අවස්ථා වලදි තවත් ලක්ෂ ගණනින් පොල් තේ කුරුදු ආදිය ලබා දුන් අතර මේවායේ ඵලදාව තවම ලැබී නැත. ලක්ෂ 10ක පොල් පැළ පැල වුවායැයි උපකල්පනය කල හොත් තවත් වසර 5ක් ඇතුළත එම ගස්වලින් පොල් ගෙඩි ලක්ෂ 20ක් ඉක්මවා ලබාගත හැක. රටක දිගුකාලින දැක්ම යනු මෙය නොවෙද?

    dhanushka

    ReplyDelete
    Replies
    1. dhanushka, මෙතෙක් කලක් විවිධ ආණ්ඩු යටතේ පැවති විවිධ රාජ්‍ය ව්‍යාපෘති හරහා ලබා දී ඇති පොල් පැල පොල් ගස් බවට පත්වුනා නම් මුළු ලංකාවම එකම පොල් වත්තක්. ඒ පොල් පැල ගස් වෙන්නේ නැත්තේ ඇයි කියලා තවම තේරුම් ගියේ නැත්නම් ඔබ තවම කිරි සප්පයෙක්.



      Delete
  13. අප කුඩා කල අපේ ගෙදෙර සිට Cargills කොම්පැනියට වැඩට ගිය මාමා කෙනෙකු සිහියට නැගෙන්නේ ජනපති සිරිසේන London ගොස් ලංකාවට සපැමිනිව කල සොමි කතාව ඇසීමෙනි.

    මට වාසනාව ලැබුණා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. මම පුදුම වුණා මහ රැජිනට ලංකාව පිළිබඳ තිබෙන මතකය සහ අද තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ එතුමියට තිබෙන අවබෝධය පිළිබඳව. බ්‍රිතාන්‍යය මහ රැජින එතුමිය මට කතා කළේ අතේ මේස් ගලවලා.

    බ්‍රිතාන්‍යය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සේලා දකින්න ඇතිනේ බ්‍රිතාන්‍යයන් අගමැති ඩේවිඩ් කැමරන් මාව පිළිගත්තේ කොහොමද කියලා. නිල නිවසෙන් එළියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්කගෙන ගියේ.” ( මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අමතමින්, දිවයින, 18 මාර්තු 2015)
    අපේ මාමා ගෙදෙර ඇවිත් කියන්නෙත් ඔවැනිම හරක් කතාය. අද Gordon මහත්තයා මගේ පිටට තට්ටු කරලම කතා කෙරුව” කියන්නේ රටක් රාජ්යක් ලැබුවා ලෙසටය. Gordon ගේ පහස ලැබූ පිට, අපේ මාමා බොහෝ කලක් අන්ය පහසක් නොලබාම තබන්නට ඇති වග නම් මට බොහෝ සේ විශ්වාස කල හැක්කකි.

    සම්ප්‍රදායානුකූල රැජින විසින් රාජ්‍ය නායෙකුට කරන සිරිත සහ බ්‍රිතාන්‍යයේ අගමැති සුද්දා විසින්, ලංකාවේ ආදී වාසී (වැදී) ජනතාවත් සුහදව කරන පොදු ආචාරශීලත්වය, රටක් රාජ්‍යයක් ලැබුවෙකු ලෙස සිරිසේන උන්නැහේ සිය ලොන්ත අඹේනිය වන ජයන්ති පුෂ්ප කුමාරිට, නිදි සයනයේ හොර රහසේ පැවසුවාට අපේ කිසිම විරෝධයක් නොමැත.
    නමුත් සිය වහල් දීනත්වය, අධිරාජ්යවාදි විරෝධී නිදහස් මනසක් පුරවැසියන්ට ආරෝපණය කරන්නට පුරෝගාමී වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මහත් ආඩම්බරයෙකින් පැවසීම නම් ඛේදයකි!

    ReplyDelete
  14. Umbala wage eun thamai mahindaya yana yana tena ekathu wela uge ata mirikanna porakanne ehema karala anith eunge labbak hoyannath enawa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා