Posts

Showing posts with the label ජාතික ආණ්ඩුව

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කර රට ස්ථාවර කරන තෙක් මහ මැතිවරණ පවත්වන්නට ඕනෑ ද නැත

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාර ගැනීමත් සමග මේ වන විට දේශපාලනය පූර්ණ අවුලක් බවට පත් වී තිබේ.  ආණ්ඩුව හා විපක්ෂය හඳුනා ගන්නට බැරි තරම් නූල් බෝලයක් වී තිබේ.  ශ්‍රීලනිපය ආණ්ඩුවට සහාය දෙමින් ආණ්ඩුවේ ද, විරුද්ධ වෙමින් විපක්ෂයේ ද සිටියි. ජනාධිපති ශ්‍රීලනිපයේ නායකයා ය. මේ අතර ශ්‍රීලනිපයේ හිටපු නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පිටින් බලය ඩැහැගැනීම සඳහා ජනතාව බලමුළුගන්වමින් සිටියි.  රාජ්‍ය පාලනය තුළ එක්සත් ජාතික පක්ෂයේ භූමිකාව, උපායමාර්ගය කුමක්දැයි අපැහැදිලි ය. එහෙම එකක් තිබෙනවා ද යන්න ද තේරුම් ගන්නට බැරි ය.  මේ අවුල මැද අප ද අවුල් විය යුතු ද? නැත. එය ඔවුන්ගේ අවුලක් මිස අපේ අවුලක් නො වේ. අප බැලිය යුත්තේ අපගේ න්‍යාය පත්‍රය ඉදිරියට යනවා ද කියා ය.  මූලික වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටලුව විසඳා ගත යුතුව තිබේ. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා නො තිබුණු පාර්ලිමේන්තු සහයෝගය දැන් ලැබී තිබේ ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නටත්, යහපාලනය පිහිටුවන්නටත් හේතු වේ.  දූෂ...