Posts

Showing posts with the label President Mahinda Rajapaksa

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ පැරණි ක්‍රීඩාව යළි ඇරඹේ | Going round and round the ethnic problem of Sri Lanka

Image
(2010 මැයි 03 -  W3Lanka )  ලංකාවේ ජාතික ප්‍රශ්නය විෂයෙහි 2005 සිට තමන් කළ පැරණි ක්‍රීඩාවක් නැවත වරක් කිරීමට සාක් සමුළුව අතරතුරදී ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායක දෙපළ එකඟ වී තිබේ.  ක්‍රීඩාව මෙසේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කරනු ලැබේ. කලින් ක්‍රීඩාවේදී එම කමිටුවට නම තැබුවේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව කියා ය. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සිටින වැඩකට ම නැති ඇමති තෝරා එහි සභාපති ලෙස පත් කරනු ලැබේ.  එම කමිටුව විසින් විසඳුම් යෝජනා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරනු ලැබේ.  මේ කමිටුවලට සාකච්ඡා 200ක් පමණ පැවැත්වීමට සිදු වේ. සතියට එක ගණනේ පැවැත්වුවත් මේ සදහා වසර හතරක් ගත වේ.  කමිටුවේ වාර්තාව ජනාධිපතිට ඉදිරිපත් කළ පසු එයට සිදු වූ දේ සොයාගැනීමට තවත් දෙවසරක් පමණ ගත වේ.  දෙයියනේ කියලා ඒ වෙනකොට මෝඩ දෙමළ ජනයා තව ප්‍රභාකරන් කෙනෙක් මතු කර ගතහොත් විසඳුම් ක්‍රියාවලිය නවත්වා නැවත ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ආරම්භ කළ හැකිය.  මේ අතර, මන්මෝහන් සිං නාකි වන අතර රාහුල් ගාන්ධි වයසින් මුහුකුරා වැඩෙයි. එවිට දෙමල ජනයාගේ ප්‍රශ්නය විසඳීම සදහා ඔහ...

ව්‍යවස්ථා සංශෝධනය තුන්වන වරටත් ජනාධිපති වන්නයි | Sri Lanka President's constitutional reform is to hold the post for the third term

Image
(2010 අප්‍රේල් 29 -  W3Lanka )  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සඳහා යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා කරනු ලබන්නක් බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා නිකුත් වෙමින් තිබේ.  ඩේලි මිරර් හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොව විධායක ජනාධිපති ධුරයේ තුන් වරක් ඉන්නට පුළුවන් ක්‍රමයක් සකස් කර ගන්නටයි.  දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් කීපදෙනෙකු බාගෙන මෙම සංශෝධනය 2010 නොවැම්බරයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට පෙර කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ.  අදාළ සංශෝධනය කෙරුණොත් මහින්ද රාජපක්ෂ 2022 දක්වා මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 77ක් පමණ වන අතර නාමල් රාජපක්ෂගේ වයස අවුරුදු 36ක් පමණ වනු ඇත. 

ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White

Image
(2010 මාර්තු 30- W3Lanka  )  ලංකාවේ අගමැති නිල නිවාසය හෙවත් ජනාධිපතිගේ නවාතැන වන අරලියගහමන්දිරය දැන් ලොව පුරා ධනවත්, ජනප්‍රිය පුද්ගලයන්ට ආයුර්වේද වෛද්‍ය හාස්කම් සපයන ස්ථානයක් ද බවට පත් වී තිබේ. එංගලන්ත පාපන්දු පිලේ හිටපු නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ පාදයේ ආබාධය සුවකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනාවක් යවා ඇත. සිවුවැනි වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී ඇති ඩේවිඩ් බෙකම්ට යළිත් ක්‍රීඩාපිටියට අවතීර්ණ විය හැකි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ශ්‍රී ලංකාවේදී ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළකර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍ය එලියන්ත වයිට් මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඩේවිඩ් බෙකම් වෙත ආරාධනා පත්‍රයක් යවා ඇති බවයි. ඩේවිඩ් බෙකම් පසුගිය 14 වැනිදා ඉතාලියේ පාපන්දු සමාජයකට ක්‍රීඩා කරමින් සිටියදී පාදයේ බත් කෙණ්ඩේ ආබාධයකට ලක්ව පසුව පින්ලන්තයේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද අතර මාස හයක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටීමට ඔහුට වෛද්‍...