ව්‍යවස්ථා සංශෝධනය තුන්වන වරටත් ජනාධිපති වන්නයි | Sri Lanka President's constitutional reform is to hold the post for the third term

(2010 අප්‍රේල් 29 - W3Lankaජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හුදෙක් ම සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ රාජ්‍ය නායකත්වය සඳහා යෝග්‍ය තත්වයට ගොඩනැ‍ඟෙන තෙක් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා කරනු ලබන්නක් බව පෙන්නුම් කරන මාධ්‍ය වාර්තා නිකුත් වෙමින් තිබේ. 


ඩේලි මිරර් හා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත් වාර්තා කරන ආකාරයට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට නොව විධායක ජනාධිපති ධුරයේ තුන් වරක් ඉන්නට පුළුවන් ක්‍රමයක් සකස් කර ගන්නටයි. 


දැනට විපක්ෂයේ සිටින මන්ත්‍රීන් කීපදෙනෙකු බාගෙන මෙම සංශෝධනය 2010 නොවැම්බරයේ සිය දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දීමට පෙර කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව වාර්තා වේ. 


අදාළ සංශෝධනය කෙරුණොත් මහින්ද රාජපක්ෂ 2022 දක්වා මේ රටේ ජනාධිපතිවරයා වීමට ඉඩ තිබේ. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 77ක් පමණ වන අතර නාමල් රාජපක්ෂගේ වයස අවුරුදු 36ක් පමණ වනු ඇත. 

Comments

  1. Four terms I say. We need a strong leader like Mahathir or Lee.

    ReplyDelete
  2. කළගුණ සලකල කෙළවගත්තද?

    ReplyDelete
  3. එක්කෝ ඔහේ අවරුදු 3ක් හිටපුවාවේ... පොඩි එකාගේ ආසාවනේ!

    ReplyDelete
  4. කුපාඩි වැඩ කරන්නේ නැතුව, වැදගත් විදියට රට පාලනය කරනවනන්, අවුරුදු 3ක් නෙවෙයි, 10ක් හිටියත් කමක් නැහැ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා