ඔබ සැමට මල් මල් අනාගතයක්!

නාමල පිපෙන විට චා-මල චා වෙනවා
නි-මල පර නොවී ඌවේ නැළවෙනවා
මැයි මල පළාගෙන වි-මල නැග එනවා
බිම් මල් අපි ඉතින් පොළවේ පස් කනවා

මල් මල් අනාගතයක සුබ ලකුණු ගෙනා
නාමල් විමල් දරු දෑලේ දරාගෙනා
පොල්මල් පුන්කලස් තුළ ඉන්නවා මෙනා
සපුමල් කුමරු බලනුය අර රජ වෙනා

වනමල් කැළෑවල පිපිලා පර වෙනා
ඉටිමල්වල සොඳුරු කාලය එළඹෙනා
තණමල්විල වැවෙන මල්වල සෝබනා
ආතල් ඉතින් ආතල් රටම පාවෙනා

අජිත් පැරකුම් ජයසිංහ


Comments

  1. මල් මල් අනාගතයකට මල් මාමාගෙන් සුභ පැතුම් !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.