ජෝක්ලන්තයේ අගමැතිකමට සංගීත පුටු තරගයක්

(2010 අප්‍රේල් 19 - W3Lankaනිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන දි(රච්ච) මු(ල්) ඇති වයෝවෘද්ධ පුද්ගලයකුට ගරු කිරීම පිණිස යයි කියමින් අගමැතිකම කෙටි කලකට කියා ඔහුට දී, අගමැති පුටුවට දීර්ඝකාලීන සංගීත පුටු තරගයක් පැවැත්වීමට ජෝක්ලන්තයේ මහ රජතුමා තීරණය කර තිබෙන බව වාර්තා පෙන්වා දෙයි. 


ආරංචි මාර්ග අනුව, අගමැති තනතුර දි(රච්ච) මු(ල්)ට පවරන්නේ මේ වසරේ නොවැම්බර් මස මහ රජු සිය දෙවන ධුර කාලය සඳහා ඔටුනු පළඳින තෙක් යයි ප්‍රචාරය කරනු ලැබේ. 


එවිට අනාගත අගමැතිවරුන්ට වැඩ පෙන්නීමට මාස හයක පමණ කාලයක් තිබේ.


වැඩ පෙන්නීම යනු මහරජතුමාගේ දෑත් ශක්තිමත් කිරීමයි. මහරජතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට නම් ටෙම්පල්ගහමන්දිරයේ පිළිකන්න පැත්තේ කැරකෙමින් වළං-පිඟන් සේදීම, වැසිකිළිවලට වතුර ගැසීම, කාණු හේදීම, අතුපතුගෑම,  පොඩි පොඩි විහිළුවලට හයියෙන් හිනා වීම, මැඩම්ට, මල්ලිලාට හා බේබිලාට ද 'සර්' කීම, තම අමාත්‍යංශවල පීත්ත පටි කපන්නට ඔවුන්ට ආරාධනා කිරීම හා කේලාම් කීම මහා පරිමාණයෙන් කළ යුතුව තිබේ. 


අනාගත අගමැතිවරුන් මේ අන්දමින් වැඩ පෙන්නන විට සහෝදරතුමා නිකම් ම උඩ යාම අගමැතිකම අපේක්ෂා කරන සෙස්සන්ට මුහුණ දීමට සිදු වන බරපතල ම ප්‍රශ්නයයි.  


කෙසේ වෙතත් සෙස්සන් මේ වන විට මේ කාර්යය සඳහා සකල බුජං කොට කලිසං මසාගෙන හමාර බව වාර්තා වේ. 


කොට කලිංසකාරයන් සංඛ්‍යාව වැඩි වීම නිසා සංගීත පුටු තරගයෙන් රජතුමා ලබන ආතල් එක ද වැඩි වී තිබේ.


දි(රච්ච) මු(ල්)ට දීර්ඝායුෂ පතමු. 

Comments

  1. හික්ස් :) දිරච්ච මුල්!

    ReplyDelete
  2. කො‍හොමත් වැඩිකල් කරන්න බැරිවෙයි වලපයයි ගොඩපයයි නෙ ඉන්නෙ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා