Posts

Showing posts with the label සංගීත පුටු

ජෝක්ලන්තයේ අගමැතිකමට සංගීත පුටු තරගයක්

Image
(2010 අප්‍රේල් 19 -  W3Lanka )  නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වන දි(රච්ච) මු(ල්) ඇති වයෝවෘද්ධ පුද්ගලයකුට ගරු කිරීම පිණිස යයි කියමින් අගමැතිකම කෙටි කලකට කියා ඔහුට දී, අගමැති පුටුවට දීර්ඝකාලීන සංගීත පුටු තරගයක් පැවැත්වීමට ජෝක්ලන්තයේ මහ රජතුමා තීරණය කර තිබෙන බව වාර්තා පෙන්වා දෙයි.  ආරංචි මාර්ග අනුව, අගමැති තනතුර දි(රච්ච) මු(ල්)ට පවරන්නේ මේ වසරේ නොවැම්බර් මස මහ රජු සිය දෙවන ධුර කාලය සඳහා ඔටුනු පළඳින තෙක් යයි ප්‍රචාරය කරනු ලැබේ.  එවිට අනාගත අගමැතිවරුන්ට වැඩ පෙන්නීමට මාස හයක පමණ කාලයක් තිබේ. වැඩ පෙන්නීම යනු මහරජතුමාගේ දෑත් ශක්තිමත් කිරීමයි. මහරජතුමාගේ දෑත් ශක්තිමත් කරන්නට නම් ටෙම්පල්ගහමන්දිරයේ පිළිකන්න පැත්තේ කැරකෙමින් වළං-පිඟන් සේදීම, වැසිකිළිවලට වතුර ගැසීම, කාණු හේදීම, අතුපතුගෑම,  පොඩි පොඩි විහිළුවලට හයියෙන් හිනා වීම, මැඩම්ට, මල්ලිලාට හා බේබිලාට ද 'සර්' කීම, තම අමාත්‍යංශවල පීත්ත පටි කපන්නට ඔවුන්ට ආරාධනා කිරීම හා කේලාම් කීම මහා පරිමාණයෙන් කළ යුතුව තිබේ.  අනාගත අගමැතිවරුන් මේ අන්දමින් වැඩ පෙන්නන විට සහෝදරතුමා නිකම් ම උඩ යාම අගමැතිකම අ...