ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන ආකාරය පැහැදිලිව දැකිය හැකි ය. රාජපක්ෂ බලවේගයත්, එහි නූල් සූත්තරවලින් නැටවෙන සෙසු අන්තවාදීනුත් රඟන්නේ එ් දවස්වල රැඟූ ඓතිහාසික භූමිකාවන් ම වීම සුවිශේෂ ය. එසේම, සිංහල හා දෙමළ ජාතිවාදීන් අතර ඇති වී තිබෙන්නේ අපූරු සන්ධානයකි. වාසුදේව - විග්නේශ්වරන් දෙහූරන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් නිර්මානය කරන නාටකීය ගැටුම මෙසේ ය: විග්නේශ්වරන් කල්ලිය උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරනු, ජනතාවගේ ඉඩම් ආපසු දෙනු යයි කියන විට වාසුදේව කල්ලිය ඔන්න හමුදා කඳවුරු ඉවත් කරනවෝ, ත්‍රස්තවාදය නැගිටිනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යයි කියන විට, වාසුදේව කල්ලිය ඔන්න කොටින්ට නිදහස දෙනවෝ යි කියති. විග්නේශ්වරන් කල්ලිය ෆෙඩරල් විසඳුමක් ඉල්ලා සිටින විට, වාසුදේව කල්ලිය රට බෙදනවෝ යි කෑ ගසති. විග්නේශ්වරන් කල්ලිය උතුරේ බලෙන් බෞද්ධ සංකේත පිහිටුවීම නවත්වන්නැ...
දේශපාලන අනාථයින් පිරිසක්නේ..
ReplyDeleteපවු..
ටිරාන් විතරයි මෙතනින් ජයග්රහකයෙකුට ඉන්නේ..
අනිත් හැමෝම ගල උඩ සටනින් බිමට වැටීමට නියමිත එහෙත් ඒ බව පිළි ගැනීමට අකමැති අවාසනාවන්තයෝ ටිකක් නෙව...
we are with u forever....
ReplyDeleteමේ පාර්ලමේන්තුවේ රාජපක්ෂ වාසගම නැති කට්ටියටද. අනේ පව්, ඒ ගොල්ලන්ව වෙනම මෙසෙකට දාල.
ReplyDelete"වැලේ වැල් නැති බලහවුල"
ReplyDeleteවැලේ වැල් ගැත කතා කරන උත් රටක විපක්ෂය බිද වැටිමෙන් දිගු කාලීනව රටටම වැලේ වැල් නැතිව යාහැකි බව නොදකින්නට තරම් මොට්ටයන් පිරිසක් වීම අවාසනාවකි
ReplyDelete