ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරන හැටි | Public and police officials in politics in Sri Lanka

(2010 අප්‍රේල් 01-W3Lanka ) මාතලේ, රත්තොට පොලීසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීම් කිහිපයක් අමතා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.


නිරීක්ෂණ ජාලය වාර්තා කරන ආකාරයට ඔහු 2010 මාර්තු 28 දින මාතලේ දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රෝහණ දිසානායක යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවති දඹගොල්ල මැදකඬේ හන්දිය, රත්තොට පොල්වත්තාකන්ද පන්සල අසල සහ මාවුස්සාගොල්ල අලූත්ගෙදර හන්දිය අසල රැස්වීම් අමතා තිබේ.


තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසූ බව "දිවයින" මාර්තු 22දා වාර්තා කළේය.


රාජපක්‌ෂ මෙසේ ද කියා තිබේ. "මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්‌වීම් අමතන්න මට තහනම් නැහැ."


ලංකාවේ නීතිය අනුව නම් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට හා පොලිස් සේවයේ අයට දේශපාලනය තහනම් ය. ඒත් ඉතින් ඒ නීතියක් තියෙනවා නම්නේ.

Comments

  1. මොකද නිතියක් නැත්තෙ, කුපාඩි රාජපක්ෂ නිතිය තියෙන්නේ!

    ReplyDelete
  2. If ruling party come to power SL will be a none other than the Zimbabwe. No respect for the law, two different laws apply to the poor and the powerful people. No respect for the human rights and democratic rights of people

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න