Posts

Showing posts with the label Gotabhaya Rajapaksa

පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට | Sri Lanka rulers' mindset from Medamulana to America

Image
  (2010 ජුනි 02,  W3Lanka )  ලංකාවේ පාලනයේ දැවැන්ත විපර්යාසයක් හෙවත් දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් තිබේ. ලංකාව පාලනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නොවේ. ලංකාව යනු රාජපක්ෂ පවුලේ සුල්තානේටයකි.  එහෙයින් ලංකාවේ පාලනයේ යම් විපර්යාසයක් සිදු වන්නේ නම් එය සිදු විය යුත්තේ අනිවාර්යයෙන් ම රාජපක්ෂ පවුලෙහි ය.  දැන් සිදු වෙමින් තිබෙන වෙනස අප විග්‍රහ කරන්නේ පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට මාරු වීමක් ලෙසයි. රාජපක්ෂ පවුලේ අය ඔබාමා යටතේ ඇමරිකාව පිළිබඳ එතරම් දන්නේ නැත. දන්නේ කණිෂ්ඨ බුෂ් යටතේ ඇමරිකාව පිළිබඳවයි. එහෙයින් ලංකාවේ පාලකයින්ගේ පරමාදර්ශය වන්නේ අන් කවරකුවත් නොව ජෝර්ජ් බුෂ් ය.  පාලක මනෝභාවය මැදමුලනේ තිබුණු කාලයේ ගෝලීය ධනවාදයට එරෙහිව දේශීය ආර්ථිකය පිළිබඳ ලියැවුණ මහින්ද චින්තන කතා පොත දැන් ඇමරිකානු බැසිල් චින්තනය යටතේ ගෝලීය ධනවාදයේ පෙළ පොතක් බවට පෙරළෙමින් තිබේ.  ඒ කාලයේ ගැලවුණ ප්ලග් ලෝක බැංකුව සමග දැන් යළි සවි වෙමින් තිබේ.  ලංකාවේ පාලනයේ සුසමාදර්ශීය වෙනස පෙන්නුම් කරන කදිම සාධකයක් වන්...

ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරන හැටි | Public and police officials in politics in Sri Lanka

(2010 අප්‍රේල් 01- W3Lanka  )  මාතලේ, රත්තොට පොලීසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීම් කිහිපයක් අමතා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. නිරීක්ෂණ ජාලය වාර්තා කරන ආකාරයට ඔහු 2010 මාර්තු 28 දින මාතලේ දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රෝහණ දිසානායක යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවති දඹගොල්ල මැදකඬේ හන්දිය, රත්තොට පොල්වත්තාකන්ද පන්සල අසල සහ මාවුස්සාගොල්ල අලූත්ගෙදර හන්දිය අසල රැස්වීම් අමතා තිබේ. තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසූ බව "දිවයින" මාර්තු 22දා වාර්තා කළේය. රාජපක්‌ෂ මෙසේ ද කියා තිබේ. "මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇ...

මේ ක්‍රමය සම්පූර්ණ කිරීමට රාජපක්ෂවරුන්ට ඉඩ දෙන්න | Let Rajapaksas finish off what they initiated

Image
(2010 මාර්තු 22- W3Lanka )  සිදු වන ඇතැම් විනාශයන් වැළැක්වීම නොකළ හැක්කක් වූ විට අපට කළ හැකි එක් දෙයක් වන්නේ ඒවාට අදාළ විනාශය ඉක්මණින් ම සම්පූර්ණ කිරීමට උදව් කිරීමයි. ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් මෙම මහ මැතිවරණයට අදාළව ජනතාවට ඉහත කී ස්ථාවරයට එළඹිය හැකිය. මේ ආණ්ඩුව තුනෙන් දෙකක් ඉල්ලන විට තුනෙන් තුනම දී සියල්ල සම්පූර්ණ කර දෙන්නට හැකි නම් හොඳ ය.  පහත පළ වන්නේ අද දිවයින හා දිනමිණ පුවත්පත්වලින් උපුටා ගත් පුවත් දෙකකි. දේශපාලන රැස්‌වීම් ඇමතීමට මට කාගෙන්වත් තහනමක්‌ නෑ ගෝඨාභය රාජපක්‌ෂ නෝමන් පලිහවඩන තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක්‌ නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා "දිවයින"ට ඊයේ උදේ ප්‍රකාශ කළේය. රාජපක්‌ෂ මහතා මෙසේද පැවැසීය. මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්‌. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක්‌ දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇති. රැස්‌වීම් අම...