ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරන හැටි | Public and police officials in politics in Sri Lanka
(2010 අප්‍රේල් 01- W3Lanka ) මාතලේ, රත්තොට පොලීසියේ ස්ථානාධිපති නිහාල් ජයවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැස්වීම් කිහිපයක් අමතා ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ. නිරීක්ෂණ ජාලය වාර්තා කරන ආකාරයට ඔහු 2010 මාර්තු 28 දින මාතලේ දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රෝහණ දිසානායක යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවති දඹගොල්ල මැදකඬේ හන්දිය, රත්තොට පොල්වත්තාකන්ද පන්සල අසල සහ මාවුස්සාගොල්ල අලූත්ගෙදර හන්දිය අසල රැස්වීම් අමතා තිබේ. තමාට දේශපාලන රැස්‌වීම්වල කතා කිරීමට කාගෙන්වත් තහනමක් නැතැයි රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසූ බව "දිවයින" මාර්තු 22දා වාර්තා කළේය. රාජපක්‌ෂ මෙසේ ද කියා තිබේ. "මම දේශපාලන රැස්‌වීම් අමතන එක සමහර උදවියට ප්‍රශ්නයක්. උතුරේ ත්‍රස්‌තවාදය විනාශ කළ අයුරු හා රටේ තත්ත්වය ගැන ජනතාවට පැහැදිලි කළ යුතුයි. ඒකේ වරදක් දකින්නේ නැහැ. ඕනෑ ඕනෑ අයට ඕනෑ ඕනෑ දේවල් කිව හැකියි. මම රැස්‌වීම් අමතන එක සමහරුන්ට විඳින්න බරිව ඇ...