සිගන්නා හා දේශපාලකයා අතර සමානකම් | Similarities between Sri Lankan beggar and politician

(2010 අප්‍රේල් 28 - W3Lankaසිඟාකෑම තහනම් කිරීම පිළිබඳ අප විසින් පළ කරන ලද විවේචනාත්මක අදහස පිළිබඳව කතා කරමින් Dark Lord මෙසේ අසා තිබිණි.


හිඟන මුදලාලිලාට කප්පං නොදී "දුප්පත්" අය හිඟා කාපු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. හිඟා කෑම පවතින්නෙ මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි, හිඟා කෑමෙන් ලැබෙන ආදායම හොඳ නිසා. ලංකාවෙද ඉන්නෙ?


'පාඨකයා' මෙසේ කීවේ ය: සම්පූර්ණ ඇත්ත. හිඟාකෑම කියන්නෙ ව්‍යාපාරයක්. ඔය මිනිස්සුන්ට මොන තරම් දේවල් දුන්නත්, හිඟාකෑම නවත්තන්න ඒ අය කැමති නෑ.


මෙහිදී අපට කුමාරතුංග මුනිදාසයන් ලියූ කවි දෙපදයක් සිහි වේ.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - සිඟාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී"


ලංකාවේ සිඟන්නන් හා දේශපාලකයන් අතර මූලික සමානකම් රැසක් ම ඇත. පහත පළ වන්නේ ඒවා අතරින් කීපයකි.


සිඟන්නා තමන්ගේ තුවාලය සුව කර නොගෙන එය විකුණා කයි. දේශපාලකයා රටේ තුවාල සුව නොකර ඒවා විකුණාගෙන කයි.


සිඟන්නා බොරු පූච්චානම් කියා ඔබෙන් මුදල් ඩැහැගනියි. දේශපාලකයා බොරු පූච්චානම් කියා ඔබේ ඡන්දය ඩැහැ ගනියි.


සිඟන්නා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි. දේශපාලකයා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි.


සිඟන්නා රැකියාව කරන විට වැරහැලි ඇඳ සිට දවස අවසානයේ හොඳ ඇඳුම් ඇඳ ගනියි. දේශපාලකයා උත්සවවලට ජාතික ඇඳුම ඇඳ පසුව කලිසම්, ටයි, කෝට් අඳියි.


සිඟන්නා දවස පුරා සිඟා කා සවසට ඔබේ මුදලින් ෂොට් එකක් දමාගෙන ආතල් එකක් ගනියි. දේශපාලකයා දවල් දවසේ හොර බොරු කර රෑට මහජන මුදලින් නයිට් ක්ලබ් ගොස් ආතල් ගනියි.


සිඟන්නා දිළින්දෙකු ලෙස පෙනී සිටිය ද බැංකු ගිනුම්වල මුදල් ඇත. දේශපාලකයා මුදල් නැති බව කීව ද ස්විස් ගිනුම්වල මුදල් ඇත.


සිඟන්නා මොන දේ ලැබුණත් සිඟාකෑම නම් ව්‍යාපාරය අතහරින්නේ නැත. දේශපාලකයා ද මොන දේ ලැබුණත් දේශපාලනය නම් ව්‍යාපාරය අතහරින්නේ නැත.

Comments

  1. 'මූ මේ කරන්නේ බොරුවක්‍' යැයි දැන දැනම හිඟන්නන්ට 'පිනට' දෙන්නේ අපි අපිමය.'වංචාකාරයා, හොරා, දූෂකයා' යැයි දැන දැනම දේශපාලකයාට ඡන්දය දෙන්නේද අපි අපිමය. හිඟන්නාවද, දේශපාලකයාව ද නඩත්තු කරන්නේ අපි අපිමය. මෙහි 'අපි' යන කුලකයට සටහන ලියූ ඔබත්, පිළිතුරු ලියන මමත්, මේ දෙකම කියවන අයත් ඇතුළු සියලු 'මහජනතාව' ඇතුලත් වන්නේය. අපි ඇඟිල්ල දිගු කරගත යුත්තේ අපි අපිටම නේද??

    ReplyDelete
  2. ඔබ හරි. අප මෙම කරුණු ලියන්නේ අප මේවාට වරදකරුවන් නොවේ ය යන සිතුවිල්ල පෙරදැරි කරගෙන නොවේ.

    තත්වය වෙනස් කරන්නට නම් අප වෙනස් විය යුතු ය. තව කෙනෙකු වෙනස් කරන්නට උත්සාහ කළ යුතු ය.

    මේ සංවාදය ඒ වෙනුවෙනි.

    ReplyDelete
  3. හිඟන්නන් ගැන ඔබේ මතය හා මම එකඟ නොවෙමි. මේ මිනිසුන් හට ජීවත් වීමට ආදායමක් ඇත්නම් මේ දහ දුක් විඳීමට නො එනු ඇත. ඔවුන් යොදා ගෙන ව්‍යාපාර කරන ජාවාරම් කාරයින්ද නැතුවා නොවේ.එහෙත් පොදුවේ ගත් කල ඔවුන් මේ තත්වයට ඇද දමා ඇත්තේ මේ ආර්ථික ක්‍රමය විසින් බව මගෙ මතයයි

    ReplyDelete
  4. හිඟන්නන් විතරක් නෙවෙයි, ලියුම්කරු කියනවා වාගේ දේශපාලුවන්, එතකොට මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන එහෙම කරන්නෙත් තුවාල විකුණං කන එකනෙ. තුවාල හොඳ වෙනවට ඒ කරුවුත් කැමති නෑ.

    ReplyDelete
  5. Dark Lord, සමාජ ප්‍රශ්නවලින් ජීවිකාව හා සමාජ හිනිපෙතේ ඉදිරියට යාමට මග සලසා ගන්නා අයට ඔබ කියන දෙය අදාළ වුවත් අපට අදාළ නැත. මක් නිසාද යත්, අපට ඔබ කියන ක්ෂේත්‍ර කිසිවකින් කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා