සිගන්නා හා දේශපාලකයා අතර සමානකම් | Similarities between Sri Lankan beggar and politician
(2010 අප්‍රේල් 28 - W3Lanka ) සිඟාකෑම තහනම් කිරීම පිළිබඳ අප විසින් පළ කරන ලද විවේචනාත්මක අදහස පිළිබඳව කතා කරමින් Dark Lord මෙසේ අසා තිබිණි. හිඟන මුදලාලිලාට කප්පං නොදී "දුප්පත්" අය හිඟා කාපු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. හිඟා කෑම පවතින්නෙ මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි, හිඟා කෑමෙන් ලැබෙන ආදායම හොඳ නිසා. ලංකාවෙද ඉන්නෙ? 'පාඨකයා' මෙසේ කීවේ ය: සම්පූර්ණ ඇත්ත. හිඟාකෑම කියන්නෙ ව්‍යාපාරයක්. ඔය මිනිස්සුන්ට මොන තරම් දේවල් දුන්නත්, හිඟාකෑම නවත්තන්න ඒ අය කැමති නෑ . මෙහිදී අපට කුමාරතුංග මුනිදාසයන් ලියූ කවි දෙපදයක් සිහි වේ. "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - සිඟාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී" ලංකාවේ සිඟන්නන් හා දේශපාලකයන් අතර මූලික සමානකම් රැසක් ම ඇත. පහත පළ වන්නේ ඒවා අතරින් කීපයකි. සිඟන්නා තමන්ගේ තුවාලය සුව කර නොගෙන එය විකුණා කයි. දේශපාලකයා රටේ තුවාල සුව නොකර ඒවා විකුණාගෙන කයි. සිඟන්නා බොරු පූච්චානම් කියා ඔබෙන් මුදල් ඩැහැගනියි. දේශපාලකයා බොරු පූච්චානම් කියා ඔබේ ඡන්දය ඩැහැ ගනියි. සිඟන්නා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි. දේශපාලකයා කටේ තොලේ...