Posts

Showing posts with the label සිඟාකෑම

සිගන්නා හා දේශපාලකයා අතර සමානකම් | Similarities between Sri Lankan beggar and politician

Image
(2010 අප්‍රේල් 28 -  W3Lanka )  සිඟාකෑම තහනම් කිරීම පිළිබඳ අප විසින් පළ කරන ලද විවේචනාත්මක අදහස පිළිබඳව කතා කරමින් Dark Lord මෙසේ අසා තිබිණි. හිඟන මුදලාලිලාට කප්පං නොදී "දුප්පත්" අය හිඟා කාපු කාලෙ ඉවර වෙලා ගොඩක් කල්. හිඟා කෑම පවතින්නෙ මිනිස්සු දුප්පත් නිසා නෙවෙයි, හිඟා කෑමෙන් ලැබෙන ආදායම හොඳ නිසා. ලංකාවෙද ඉන්නෙ? 'පාඨකයා' මෙසේ කීවේ ය: සම්පූර්ණ ඇත්ත. හිඟාකෑම කියන්නෙ ව්‍යාපාරයක්. ඔය මිනිස්සුන්ට මොන තරම් දේවල් දුන්නත්, හිඟාකෑම නවත්තන්න ඒ අය කැමති නෑ . මෙහිදී අපට කුමාරතුංග මුනිදාසයන් ලියූ කවි දෙපදයක් සිහි වේ. "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී - සිඟාකෑම බැරි වූ කල ලගී ගයා මර ගී" ලංකාවේ සිඟන්නන් හා දේශපාලකයන් අතර මූලික සමානකම් රැසක් ම ඇත. පහත පළ වන්නේ ඒවා අතරින් කීපයකි. සිඟන්නා තමන්ගේ තුවාලය සුව කර නොගෙන එය විකුණා කයි. දේශපාලකයා රටේ තුවාල සුව නොකර ඒවා විකුණාගෙන කයි. සිඟන්නා බොරු පූච්චානම් කියා ඔබෙන් මුදල් ඩැහැගනියි. දේශපාලකයා බොරු පූච්චානම් කියා ඔබේ ඡන්දය ඩැහැ ගනියි. සිඟන්නා කටේ තොලේ නොගෑවී බොරු කියමින් නැති දේ මවා පායි. දේශපාලකයා කටේ තොලේ...

සිඟාකෑම, ගසාකෑම, අනාගෙන කෑම සහ බස් ධාවනය

Image
(2010 අප්‍රේල් 27 -  W3Lanka  )  පෞද්ගලික බස් රථවලට ගොඩවී සිඟාකෑම හා වෙළඳාම් කිරීම මැයි 1 දා සිට තහනම් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තීරණය කර ඇති බව අද පුවත්පත් වාර්තා කරයි. තහනම් නියෝග නිකුත් කරන ගැමුණු විජේරත්න යනු බස් හිමියන්ගේ සංගමයක සභාපතිවරයකු මිස රාජ්‍ය නිලධාරියකු නොවේ. එහෙත් ඔහුට නීතිමය පදනමක් තිබේ. ජාතික ගමනාගමන කොමිසන් සභාව මඟින් දුරගමන් බස්රථ සඳහා නිකුත් කරන මාර්ග බලපත්‍රවල සිඟාකෑම හා වෙළඳාම තහනම් බවට සඳහන් කර ඇති බවද ඒ මහතා කියයි. සිඟාකෑම සහ වෙළෙඳාම් නතර කිරීමට පොලිසියේ සහායද අවශ්‍ය බව විජේරත්න මහතා කියයි. අප සිතන පරිදි නම් පළමුව අවශ්‍ය වන්නේ බස් සේවකයන්ගේ සහායයි. අනෙක් පැත්තෙන් මාර්ග බලපත්‍රවල තිබෙන අනෙකුත් කොන්දේසි ගැන ගැමුණු විජේරත්නට කියන්නට තිබෙන්නේ කුමක්ද? පෞද්ගලික බස් සේවයෙහි තිබෙන ප්‍රධාන ගැටලුව සිඟමන් යැදීම හා වෙළඳාම නොවේ. බස් සේවකයන්ට විනයක් නැතිකම, අධික ලෙස සෙනග පැටවීම, අධි වේගයෙන් හෝ අධික සෙමින් ධාවනය, සුඛෝපභෝගී යයි කියා වැඩිපුර මුදල් අය කරන බස්වල කිසි ම සුඛයක් නැති වීම වැනි තමන්ට ඍජුව ම අදාළ ප්‍රශ්න ගැන...