මහී සහ රනී අතර සාකච්ඡාවේ සම්පූර්ණ විස්තර මෙන්න!

(2010 අප්‍රේල් 20 - W3Lankaඊයේ ටෙම්පල්ගහමන්දිරයේ මහී සහ රනී අතර පැවති සාකච්ඡාවේ හඬපටයක් රහසිගත මාර්ගයකින් අපට ලැබී තිබේ. හුදී ජන පහන් සංවේගය සඳහා එය මෙසේ පළ කරන්නෙමු.


මහි: ඉතින් මචං කොහොමද කාලෙකින්?
රනි: (සිතයි) මචං....? මූ මොකාටද එන්නෙ? (කියයි) ඔහෙ ඉන්නවා මෙයා, දුක සේ.
මහි: දුක් වෙන්න එපා මෙයා. ඔයාට මේ සැරෙත් විපක්ෂ නායකකම ලැබෙනවනේ. 
රනි: ඔයා උදව් කරනවද මට ඒක බේරගන්න.
මහි: දෙන්නන්කෝ. ඔයා වගේ විපක්ෂ නායක කෙනෙක් බේර ගන්නැත්තන් මගෙන් ඇති වැඩේ මොකක්ද? මොනවද කෙරෙන්න ඕනැ?
රනි: අපේ කට්ටියක් ඔය පැත්තට පනින්න හදනවා. ගන්න නම් එපා.
මහි: පිස්සුද අනේ, මම නම් කැමතියි ඔය ග්‍රාමසේවකයා, සිරිපාලයා, අමුණුවා වගේ එවුන් ටිකක් ඔය පැත්තට පන්නන්න. 
රනි: බුදු අම්මෝ! මට නම් එපා.
මහි: බය වෙන්න එපා. උන් පැන්නුවත් යන්නෙ නැහැ. ඒක නෙමෙයි, ඔයාගෙ කොණ්ඩෙ ඩයි එක ඉක්මණට ගියා නේද?
රනි: මට තියෙන ප්‍රශ්න එක්ක කොණ්ඩෙ නෙමෙයි ඔලුවත් හේදිලා නොගියොත් ඇති. ඒක නෙමෙයි, ඔයා කොහොමද කොණ්ඩෙ හැමදාම කළුවට තියාගන්නෙ. නාන්නෙ නැද්ද?
මහි: මම මොකටද නාන්නෙ? මම නාන්න එවුන්ව වෙන ම පත් කරලා තියෙන්නෙ.
රනි: ඒක හොඳයි. දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නෙ?
මහි: නිකං ඉන්නවා. ළඟදි ඡන්දෙකුත් නැහැනේ. 
රනි: ඔයා පොරොන්දු ඉෂ්ඨ කරන්නෙ නැද්ද?
මහි: මොකද නැත්තෙ? මට උදව් කරපු උන්ට වෙච්ච පොරොන්දු මම ඉෂ්ඨ කරනවා.
රනි: ඒක මම දන්නවා. මම අහන්නේ ජනතාවට?
මහි: කවුරුද ජනතාව කියන්නෙ?
රනි: මහජනයා. මහජනයා.
මහි: ආ උන්ද? දැන් ඉතින් උන්ට හොර බොරු කරන්න ලැබෙන්නෙ නැහැ. වැඩ කරන්න ඕනැ. බදු ගෙවන්න ඕනැ. ඉතුරු හරිය අපි බලා ගන්නවා. 
රනි: උන්ට දැන් පඩි එහෙමත් වැඩි කරනවද?
මහි: ඒ මොකටද?
රනි: ඇයි ඔයා වැඩි කරනවා කියලා කිව්වෙ?
මහි: කවුද මචං ඔය කාපු බීපු වෙලාවට කියන ඒව ඒ විදියට ම කරන්නෙ? ඒක උන් අපට වඩා හොඳට දන්නවා. 
රනි: ඉතින් උන් ස්ට්‍රයික් කරයිනේ.
මහි: ඒ හුකාරිස් කොහෙද? නටන්න ආවොත් දෙන්නේ බීපු රංකිරි කටින් එන්න. 
රනි: හරි ෂෝක්! මාත් කැමති එහෙම තමයි. ඕකුන්ට හොඳ වැඩේ මට කරන දේට.
මහි:  ඔයාට විතරක් නෙමෙයි අනේ. මට වුණත් ඔහොම තමයි. මම ජනාධිපතිවරණෙදි ජිල්මාට් එකක් දා ගත්තෙ නැතිනම් අපේ පවුලෙ ඔක්කොම දැන් බෝගම්බර. ඒක නෙමෙයි, අර ෆොන්සේකට දැන් මොකද කරන්නෙ?
රනි: උගෙ මල්ලි අතේ පණිවිඩයක් යවන්න බැරියැ සෙට්ල්මන්ට් එකක් දාගනිමු කියලා.
මහි: මාත් හිතුවා. ඌ ජෙප්පො එක්ක සෙට් වෙච්ච එකනෙ අප්සෙට් එක. 
රනි: අනේ ජෙප්පන්ට බම්බු ගහගන්න කියන්න. 
මහි: අපි උන්ට ගහගන්න බම්බුවක්වත් ඉතුරු කළේ නැහැ ඕයි. උන්ට ගහගන්න වෙන්නෙ බට කෑල්ලක් තමයි. 
රනි: ඔයා දැන් උතුරට බලය බෙදනවද?
මහි: මොකටද?
රනි: නැතිනම්, ආයෙ එහේ කැරැල්ලක් ඇති වෙයිනේ.
මහි: ඔයාට ෂුවර්ද?
රනි: මං දන්නෙ නැහැ. එහෙමනේ පොත්වල තියෙන්නේ.
මහි: ඔයා පොතුත් බලනවද?
රනි: ඇයි ඔයා පොත් බලන්නෙ නැද්ද?
මහි: මම මොකටද පොත් බලන්නෙ? මම ඒකට කට්ටිය පත් කරලනෙ තියෙන්නෙ. මං කරන්නෙ පොත් පෙරළන එක විතරයි. ඒක නෙමෙයි, දෙමළු ආයෙ නැගිටියිද?
රනි: ඇයි බයද?
මහි: පිස්සුද අනේ, මම මොකටද බය වෙන්නෙ? උන්ට තියා අපේ වයිෆ්ටවත් මා ළඟට කිට්ටු වෙන්න පුළුවන් ආරක්ෂාවක්යැ මම දාගෙන ඉන්නෙ. 
රනි: එහෙනම් මොකටද ඉතින් ඔය ගැන ඔච්චර අහන්නෙ?
මහි: දන්නැද්ද? එහෙම එකක් තියෙනව නම් හරි ෂෝක්නෙ!
රනි: ඒ කිව්වෙ? 
මහි: නැතිනම්, අපි කාටද ඕයි මුවා වෙන්නෙ? 
රනි: ඔව්, ඒකනම් ඇත්ත. දැන් ඉතින් ඔයගොල්ලන්ට ප්‍රශ්න විසඳන්න වෙනවා. ත්‍රස්තවාදෙකුත් නැහැනේ. 
මහි: මේ සෝමයට කිව්වොත් බැරි වෙයිද දකුණෙ මොනව හරි පටන් ගන්න, ඔය ගල්කටස් වගේ ජාතියකින්.
රනි: හාපෝ ඕක ගල් ආඳා! කරුණට කියල බලන්න බැරිද?
මහි: අනේ ඌට පුළුවන් රෙද්ද! ඔහොම ඉන්නකෝ, මං දෙන්නං හොද ගේමක්.
රනි: ආ...ව්! (ඈනුමක් අරියි.) 
මහි: ඇයි බඩගිනිද? කමුද කුරහන් තලපයක්වත්. 
රනි: කුරහන් තලප? ඒව රසද?
මහි: කවුද ඕයි දන්නෙ? මම නම් ඕව ජීවිතේට කටේ තියන්නෙ නැහැ. මං නිකම් කිව්වෙ. අපි ස්නැක්ස් කාලා තේ බොමු. මට දැන් වැඩකුත් තිබෙනවා.
රනි: දැන් ඡන්දෙ ඉවරයිනේ. ඔයා තාම වැඩ කරනවද?
මහි: ඔව්, අපි වැඩ කරන්න ඕනැනෙ. 
රනි: දැන් මොකක්ද ඔයා කරන වැඩේ?
මහි: මං යනවා බබෙක් වඩාගන්න.
රනි, ඒයියා! මට නම් ඔය හුජ්ජ කොල්ලන්ව පෙන්නන්න බැහැ.
මහි: මටත් එහෙම තමයි ඕයි! ඒ වුණාට මගේ නාමලටයි අනෙක් මල් දෙකටයි සුබ අනාගතයක් උදා කරන්න නම් මම උන්ට ආදරෙයි වගේ ඉන්න ඕනැ. කන්න මේ කට්ලට් එකක්. මේව ඔරිජිනල් වීල් කට්ලට්. පොඩි ෂොට් එකකුත් දාමුද?
රනි: අනේ එපා, උදේ වැඩිනේ.
මහි: ඇයි, ඔයත් මතට තිතද? 
රනි: ඇයි ඔයා නැද්ද?
මහි: පිස්සුද කොල්ලො? මේ ඒක නෙමෙයි, දැන් අපි කතා කළේ මොනවද කියල පත්තරකා‍රයො ඇහුවාම ඔයා මොනවද කියන්න හිතන් ඉන්නෙ? 
රනි: ආ, ඒක මොකක්ද? අපි කියමු රටේ ප්‍රශ්න ගැන කතා කළා කියලා.
මහි: එහෙම කියන්න එපා. එතකොට මිනිස්සුන්ට මතක් වෙයි රටේ ප්‍රශ්න තිබෙනවා කියලා.
රනි: එහෙනම් මොකක්ද කියන්නෙ?
මහි: මල්ලී...මෙහෙ එන්න බැසිල්. මෙන්න මෙයාට කියා දෙන්න පත්තරවලට කියන්න ඕනැ දේ.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.